ගාසා තිරයේ පලස්තීන-හමාස් ගැටුම් සම්බන්ධයෙන් විශේෂ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන ප්‍රධානීන් විසින් "වහාම මානුෂීය සටන්

විරාමයක්'' ඉල්ලා තිබේ. 

"මාසයකට ආසන්න කාලයක් මුළුල්ලේ ඊශ්‍රායලයේ සහ පලස්තීන භූමි ප්‍රදේශයේ සිදුවෙමින් පවතින අර්බුදකාරී තත්වය දෙස, විනාශ වන ජිවිත දෙස ලෝකය බලා සිටියේ කම්පනයෙන්, භීතියෙන්" යැයි UN ප්‍රධානීන් පවසයි.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF), ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), ලෝක ආහාර වැඩසටහන මෙන්ම Save the Children වැනි සහන ආයතන ද දෙපාර්ශවයේම සිදුවූ බිහිසුණු ජිවිත හානි සම්බන්ධයෙන් නිවේදනයේ දන්වා ඇති අතර ඔක්තෝබර් 7 වැනිදා ප්‍රහාරය අතරතුර හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට තබාගත් පුද්ගලයින් කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු බවට ද නිවේදනය මගින් ඉල්ලා තිබේ. 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්