"හමාස් පන්නයේ සටන් උපක්‍රමවලට සමානකම් කියන" බලාපොරොත්තු නොවන මට්ටමේ ඇතුළු ඕනෑම ආකාරයේ උතුරු කොරියානු ප්‍රහාරයක්

පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස දකුණු කොරියානු ජනපති ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඉකුත් ඉරිදා (12) එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් වෙනුවෙන් දකුණු කොරියානු ජනපති යූන් සුක්-යෝල් ගේ නිවසේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක දී ජනපතිවරයා මෙම ඉල්ලීම සිදු කර ඇත.    

ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාරයක් දියත් කළ අවස්ථාවේ පටන්, දකුණු කොරියානු දේශපාලකයන් සහ ආරක්ෂක ප්‍රධානීන් එම ප්‍රහාරය සහ උතුරු කොරියාව විසින් දකුණට කළ හැකි දේ අතර සංසන්දනයන් සිදු කරමින් සිටියි.

දකුණු කොරියානු ඒකාබද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපතිවරයා ද පසුගිය මාසයේ දී ප්‍රකාශ කළේ අනාගතයේදී උතුර දකුණට එරෙහිව අවි ගත්තොත්, එය හමාස් ආක්‍රමණයට සමාන රටාවක් අනුගමනය කරනු ඇති බවට පැවසීමට තරම් සාක්ෂි ඇති බවයි. 


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්