වයඹදිග චීනයේ ඇතිවූ ප්‍රබල භූමි කම්පාවකින් මියගිය ගණන 118ක් දක්වා ඉහල ගොස් තිබේ.

එරට බලධාරීන් ප්‍රකාශ කරන්නේ භූමිකම්පාවෙන් තුවාල ලැබූ පිරිස 250 ඉක්මවන බවයි. 20 දෙනකු අතුරුදහන් වී ඇති බවත් මුදවා ගැනීමේ කණ්ඩායම් සුන්බුන් අතර සිරවූ පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

උෂ්ණත්වය -13C පමණ අගයක් ගන්නා බැවින් මුදවා ගැනීමේ මෙහෙයුම් ඉතා දුෂ්කර වී ඇති බව ද බලධාරීහු පවසති.

රික්ටර් පරිමාණයේ ඒකක 6.2 ක් සටහන් කළ මෙම භූමි කම්පාව හටගත්තේ ඊයේ (18) රාත්‍රියේය. නිවාස ගණනාවක් සම්පූර්ණයෙන් බිමට සමතලා වී ඇත්තේ, නිදා සිටි පුද්ගලයන් සුන්බුන්වලට යට කරමිණි.

0f22f055 2da1 46bc 93d5 607f8a43c276

භූමි කම්පාවෙන් වැඩි බලපෑම් එල්ල වූයේ ගන්ෂූ ප්‍රාන්තයට යි. එම ප්‍රාන්තයේ ගොඩනැගිලි 5000කට ආසන්න ප්‍රමාණයකට හානි සිදු වී ඇති බව බලධාරීහු සඳහන් කරති.

00bbd017 d8d7 4eb1 a7af abe17ab5183d

තාවකාලික කඳවුරු

සුන්බුන් අතර සිරවුණු පිරිස් මුදා ගැනීම සහ තුවාලකරුවන්ට අවශ්‍ය ප්‍රතිකාර දීම කඩිනම් කරන්නැයි චීන ජනාධිපති ෂී ජින්පින් උපදෙස් දී ඇති අතර බලධාරීන් මේ වන විටත් විපතට පත් ජනතාව සඳහා තාවකාලික කඳවුරු පිහිටුවා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්