නලීන් සර් මිය ගිය ආරංචිය දැනගත් අවස්ථාවේ සිට ඔහු සම්බන්ධ මගේ මතකය විවිධ පැති වලින් මතුවෙමින් තිබෙනවා.

බොහෝ අය සදහන් කර තිබු ආකාරයටම එතුමා යම් ආකාරයක 'මාවත් තනන්නෙක්' (trend setter) යැයි කීම නිවැරිදියි.

ඔහු සම්බන්ධව මගේ මතකය හුගක් දිග එකක්. මට ඔහුව මුළින්ම හමුවුනේ 1991 වර්ෂයේ පේරාදෙනියේ අපි පැවැත්වූ දේශනයක් සදහා සහභාගී වූ අවස්ථාවේදී. ඒ දේශනයේ මාතෘකාව වූයේ 'විධික්‍රමයේ අර්බූදය' යන්නයි.

1990 දශකය ආරම්භ වූයේ 1989 සිදුවු බරපතල භීෂණකාරී අර්බූදයේ අවසානයත් සමගින්. ඒ භීෂණ සමයේ වේදනාවන් සමගින් 90 විශ්ව විද්‍යාල ආරම්භ වූ අතර අලුත් දේශපාලනයක් සම්බන්ධව සොයමින් සිටි අපට නලීන් සර් ගේ අදහස් බරතළ බලපෑමක් සිදුකරමින් තිබුනා. මේ වන විට 'දිවයින' පුවත් පත හරහා යම් ආකාරයක සංවාදයක් ආරම්භ වී තිබුන අතර මගේ මතකය නිවැරිදි නම් ගුනදාස අමරසේකරයන් ලියු 'ජාතික චින්තකයක අවශ්‍යතාව' පිළිබද පළමු ලිපිය මේ වන විට පළවී තිබුනා.

 

nalin de
එසේම මේ වනවිට අපේ රටේ සාම්කප්‍රදායික වාමාංශික ව්‍යාපාරය 77 පරාජය සහ 80 වර්ජනය කඩා වැටීම හේතුවෙන් අඩපණ වෙමින් තිබූ අතර 1990 සෝවියට් දේශයේ කඩා වැටීමත් සමගින් 'වාමාංෂයට' විශ්ව විද්‍යාලවල සහ සංවාද කවයන්හි  තිබෙන 'න්‍යායික ඉඩ' අඩු වෙමින් තිබුනේ.  වික්‍රමබාහුල වගේ කීපදෙනෙක් කුඩාවෙන වම නගා සිටුවීමට උත්සාහ ගත්තත් ඒ සදහා අපේ ජෙනරේෂන් එකේ අවධානය එතරම් ගියේ නැහැ. Nirmal Dewasiri වගේ පැරනි ස්වාධීන ශිෂ්‍ය සංගමයේ කීපදෙනෙකු හැර මේ පරන වමට අපේ කාලෙයේ නියෝජනයක් තිබුනෙම නැහැ. නිර්මාල් 'වමා' වුනෙත් මේ සන්දර්භයේ දී.  

1989 බරපතළ මර්ධනයත් සමගින් ජවිප පක්ෂය යටිබිම්ගත වී තිබු අතර නව දේශපාලනයක් සදහා වූ ඉඩ අල්ලා ගැනීමේ න්‍යායයක් නලීන් සර් ගේ අදහස් සමගින් මතුවෙමින් ආවේ මේ කාලයේය. කොළඹ සයන්ස් ෆැකල්ටි එක මුල් කරගනිමින් ගවේෂකයෝ සංවිධානය හරහා ගෙවිදු ඇතුලු කණඩායමත්, මොරටුවේ චම්පික (රණවක), ප්‍රියන්ත දයාරත්න ඇතුලු කණ්ඩායමත් මේ නව තත්වය තුළ අලුත් සංවාදයක් ආරම්භ කරමින් තිබු බවද මෙහිදී සදහන් කළ යුතුය.  

අපි පේරාදෙනියේ 'විධි ක්‍රමයේ අර්බුදය' දේශනය කළේ මේ කාල වකවානුවේ. මේ කාලයේ අපේ පේරාදෙනියේ රතන හිමියන්, ධම්මික අමරකෝන්, මාලින්ද සෙනෙවිරත්න වැනි මිතුරන් ඇතුලු කණ්ඩායමක් සිටි බවත් සිහිපත් කළ යුතුයි.

 

දැයෙන් සමුගත් මහාචාර්ය නලින් ද සිල්වා යනු කවුද?
එතැන් සිට පසු ගිය වසර 32 පුරාවට නලීන් සර් සමග සමහර කාලවල ඉතාමත් ආසන්නවත්, සමහර කාලවල මදක් ඈතිනුත්, තවත් සමහර කාලවල සම්පූර්නයෙන්ම අමනාපයෙනුත් මම කටයුතු කර ඇත්තෙමි. එතුමන් අවසන් වරට මුනගැහුනේ මීට මාස කීපයකට පෙර හදිසියේ මියගිය හරිත් ගුනවර්ධනගේ මරණ ගෙදරදීය. (එදා රාත්‍රීයේ එතුමන් පැමිනි සිටියේ එතුමන්ගේ ඉතාමත් ලගින් සිටි නෙම්සිරි ජයතිලක සහ කැළණියේ හේරත් සමගය. මමත් පරණවිතානත් ඒ මළ ගෙදර ගිය අතර එහි ගෙවිදු ද සිටියේය.)

මේ වසර ගනනාවක කාලය තුළ නලීන් සර් පේරාදෙනියේ දේශන සදහා මම ආරාධනා කර ඇත්තෙමි. එක් කාලයක අපේ ධර්මසිරි සර් (නැසීගිය මහාචාර්ය ගුනපාල ධර්මසිරි මහතා) සහ නලීන් සර් මිත්‍රයන් වූ අතර තවත් කාලයක අපේ ඩයස් සර් (මහාචාර්ය ආර් ඩී ගුනරත්න මහතා) එතුමන්ගේ මිත්‍රයෙක් විය. එසේම මගේ පේරාදෙනි හිතවතුන්/ ගුරුවරයන් අතර ඉදිරියෙන්ම සිටින තවත් අයෙක් වූ Sumanasiri Liyanage මහතා නලීන් සර් 1990 පසු දේශපාලනයේ ප්‍රතිවාදියෙක් වුවත් නව සම සමාජ දේශපාලනය කරන් කාලයේ සටන් සගයෙක් විය. මේ කාරණා කීපයම නලීන් සර් පේරාදෙනියට ගෙනවිත් සාකච්ජා සදහා සම්බන්ධ කර ගැනීමට මට යක් විය. (ඊට පසු කාලවල ආචාර්ය සමන් පුෂ්පකුමාර සහ Sumedha Weerawardhana වැනි අපේ දර්ශන දෙපාර්තුමේන්තුවේ ආචාර්වරුන් නලීන් සර් සහ පේරාදෙනියේ සම්බන්ධතාවය තවත් වර්ධනය කළ බව සදහන් කළ යුතුය.)

 

දැයෙන් සමුගත් මහාචාර්ය නලින් ද සිල්වා යනු කවුද?
1993 කාලයේ  සර්ව කොළඹ විශ්ව විද්‍යාලයෙන් පන්නා දැම්මට එවකට උප කුළපති ජී එල් පීරිස් ගත් තීරණයට එරෙහිව අපි (පේරදෙනියේ/කොළඹ සහ මොරටුවේ ජාතික චින්තන කණඩායම්) සිදු කළ අරගලයන් අසාර්ථක වූ අතර එතුමන්ට රැකියාව අහිමි කෙරුනි. එයට එරෙහිව පීට මණඩලයේ පෙනී  සිටියේ අර්ජුන පරාක්‍රම, පියසීලි විජේගුනසිංහ සහ නිර්මාල් පමණක් ය.

1994 මහ මැතිවරණය පැමිනියේ මේ අතරය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැද මාවතෙන් 'වෙනත්' මාවතකට චන්ද්‍රිකා මැතිනිය සමගින් ගමන් කළ අතර ජී එල් පීරිස් මැතිතුමාද ඒ අතර විය. නලීන් සර් මහජන එකසත් පෙරමුණෙන් කලුතර දිස්ත්‍රික්කයට තරග කළ අතර බොහො අය දන්නා පරිදි ඒ පක්ෂයම දිනේශ් ගුනවර්ධන මහතාද සමගින් ඒ මැතිවරණයේදී පරාජයට පත් විය.

1994 ආණඩුව පත්වීමත් සමග අපේ දේශපාලන ව්‍යාපෘතීන් සම්පූර්ණයෙන්ම සී සී කඩ විසිර ගියේය. 1992/93 කාලයේ ගොඩ නැගූ ජනතා මිතුරෝ කණඩායම සහ ජාතික චින්තන කණ්ඩායම් අතර විවිධ ගැටලු මතුවිය. ඊට අමතරව අපේ කණ්ඩායම් විසිරී යමින් ශිෂ්‍ය සංවිධානවල ශක්තිය අඩු වෙමින් පැවති මේ කාලයේ ආණ්ඩුවේ 'පැකේජය' හෙවත් 'බලය බෙදීමේ යෝජනාව' සමග සංවාදයේ එක් පැත්තක් නලීන් සර් බරපතළ ආකාරයෙන් ගොඩ නැගුවේය. දිවයින පුවත් පතට අමතරව එතුමන් සහ ගෙවිදු 'කාලය සගරාව' ආර්ම්භ කල අතර ඒ සංවාදය සටනක් බවට පත් වෙමින් 2000 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පරාජය දක්වාම එය වර්ධනය වී ගියේය.

මේ අතර තුර කාලයේ අපි පේරදෙනියේ හන්තාන සංවාදය නමින් දාර්ශනික සංවාදයක් පැවැත්වූ අතර එය සදහා නලීන් සර් පත්‍රිකාවක් ද ඉදිරිපත් කලේය. ඒ සංවාදය සංවිධානය කිරීමට විවෘත විශ්ව විද්‍යාලයේ අර්ජුන් සර් (නැසී ගිය ආචාර්ය අර්ජුන සොයිසා) මැදිහත් වූ අතර එහි පත්‍රිකා කියවූ වන් අතර නලීන්, ආර් ඩී ගුනරත්න, ගුනපාල ධර්මසිරි, සුසන්ත ගුනතිලක, වයි කරුනාදාස, ධම්මවිහාරි හිමි, වික්‍රමබාහු, චම්පික වැනි විශාල පිරිසක් විය.

නලීන් සර් නැවත විශ්ව විද්‍යාලයටකට බදවා ගැනීම විවිධ හේතුන් නිසා කල් ගිය අතර කැළනිය විශ්ව විද්‍යාලයේ ඒ සදහා ඉඩ විවරවීමත් සමගින් එතුමන් නැවතත් විද්‍යා පීඨ පීඨාධිපති වරයා බවට පත් විය.

 

440783213 1050489033330199 228088731327303350 n
එතුමන්ගේ දේශපාලන භාවිතාව, එතුමන්ගේ දාර්ශනික භාවිතාව ගැන විවිධ අය විවිධ දේ ලියා ඇත. අනාගතයේදී ද ලියනු ඇත. අවසාන කාලයේ එතුමන් මා සමග එවැනි මාතෘකා සමග ගැටුනු අවස්ථා සහ ඒ ඒ අවස්ථාවල මට ලියා එවූ දේවල් සහ ඒවාට මා යැවූ ප්‍රතිචාර කනගාටුදායක ඒවාය. එහෙත් එතුමාගේ දේශපාලන භාවිතාවේ තිබු එක් වැදගත් දෙයක් වන්නේ 'ජාතික කදවුර' කඩා වැටීමෙන් රැක ගැනීමට ඔහු තුළ තිබු අත්නොහරින සුලු ආත්ම ශක්තියයි.

නලීන් සර් ගැන මීට වඩා සාර ගර්භ රචනයක් ඉදිරියේදී කරන්නට බලාපොරොත්තු වෙමි. අපේ අනෙක් මිත්‍රයෝද එසේ කරනු ඇතැයි සිතමි.

අපේ කාලයේ (1990 පසු ලංකාවේ) දේශපාලනය මෙහෙයවු එක් 'සිතුවිලි සීමාවක්' සටහන් කළේ අමරසේකර සහ නලීන් ය. එය 1935 පටන්ගත් වාමංෂික ව්‍යාපාරයේ බලපෑම 1970 දශකයේ අයට සිදු කළ බලපෑමට  සමාන බලපෑමක් 1990 දශකයෙන් පසු සමාජයට සිදු කළේය. එම බලපෑම පිළිබද 'ප්‍රතීයමාන විනිශ්චයන්' (Normative Jugdments) අතර විවිධ වෙනස්කම් තිබිය හැකිය. එහෙත් බලපෑමේ ප්‍රමාණය ගැන කාටවත් එරෙහි විය නොහැකි බව මගේ අදහසය. 


නලීන් සර්ට සුභ ගමන්.

PHOTO 2024 05 05 10 35 50(මහාචාර්ය චරිත හේරත්) -පා.ම.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති මහාචාර්ය චරිත හේරත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයකු ලෙසත් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ලෙසත් කටයුතු කළේය.)

(Caritha Herath ගේ ෆේස්බුක් පිටුවෙන්. )

සබැඳි ලිපි :

නලින්ගේ ඇමෙරිකානු සිහිනය....(ආචාර්ය මහේෂ් හපුගොඩ)

තරුණ නලින් සහ මහළු මාක්ස් - (උපාලි ගජනායක)

නලින් ද සිල්වා ඇදුරුතුමාට ගරු කළ හැක්කේ කෙසේ ද? - (යුතුකම ජාතික සංවිධානය)

ආචාර්ය නලින් ද සිල්වා : අවසන් කටයුතු ඉරිදා ඇමරිකාවේදී - පාංශුකූලේ පිරිනැමීමක් කොළඹදී

දැයෙන් සමුගත් මහාචාර්ය නලින් ද සිල්වා යනු කවුද?

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්