ඩිඒගෝ මැරඩෝනාගේ ‘රත්තරං බෝලය’ කුසලානය වෙන්දේසිය කිරීම නතර කිරීම සඳහා නඩු මගට බැසීමට මැරඩෝනාගේ උරුමක්කාරයන්
කටයුතු කරමින් සිටිනවා.
1986 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස මැරඩෝනා ට පිරිනැමුනු Golden Ball කුසලානය දශක ගණනාවක් තිස්සේ අතුරුදන්ව තිබුනා.
1986 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස මැරඩෝනා ට පිරිනැමුනු Golden Ball කුසලානය
අපැහිදිළි වාතාවරණයන් යටතේ නැතිවී තිබූ මේ කුසලානය නැවත මතුවුනේ මෑතකදී. දැන් එය පැරිසියේ Aguttes වෙන්දේසි නිවහනේදී ලබන මාසයේ වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා.
මේ කුසලානය සොරකම් කර තිබූ බවත් එය විකිණීම සඳහා එහි වර්තමාන අයිතිකරුට සුදුසුකමක් නැති බවත් මැරඩෝනාගේ උරුමක්කාරයන් ප්‍රකාශ කරනවා.
වෙන්දේසියෙන් ‘රත්තරං බෝලය’ ඉවත් කර ගැනීම පිණිස පැරිසියේ නඩු පවරන බව මැරඩෝනාගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා පවසනවා.
කුසලානය සඳහා අධිකරණ තහනමක් ඉල්ලා එය සොරකම් කිරීම හා සොරකම් කර ළඟ තබා ගැනීමේ චෝදනා මත නඩු පැවරීමට කටයුතු කරන බව නීතිඥවරයා පවසනවා.
2016 වසරේ පැරිසියේ පැවති වෙන්දේසියකින් තම ආයතනය මිලදී ගත් පෞද්ගලික භාණ්ඩ එකතුවක් අතර මේ කුසලානය ද තිබූ බව Aguttes කියනවා.
2016 වසරේ පැරිසියේ පැවති වෙන්දේසියකින් තම ආයතනය මිලදී ගත් පෞද්ගලික භාණ්ඩ එකතුවක් අතර මේ කුසලානය ද තිබූ බව Aguttes කියනවා.
පෝක තරගයකදී මැරඩෝනා මේ කුසලානය පරාජය වූ බව සමහරු පවසන අතර මැරඩෝනා ඔහුගේ ණය පියවීම සඳහා මේ කුසලානය උපයෝගී කර ගත් කතාවක් ද පැතිර ගොස් තිබෙනවා. මැරඩෝනා 1989 වසරේ ඉතාලි පාපන්දු ලීගයේ ක්‍රීඩා කළ අවධියේ ඔහු නේපල්ස් නුවර බැංකු සේප්පුවක මේ කුසලානය තැන්පත් කර තිබියදී දේශීය මැරවරයන් එය සොරකම් කළ බව තවත් සමහරු කියනවා. කුසලානය බැංකුවෙන් සොරකම් කළ බව මැරඩෝනාගේ උරුමක්කාරයන්ගේ ද විශ්වාසය වී තිබෙනවා.
කුසලානය සොරකම් කර ඇති බවට මැරඩෝනාගේ උරුමක්කාරයන් දැනගෙන තිබෙන්නේ මෑතකදී බව මැරඩෝනාගේ දියණියන් දෙදෙනෙකු නියෝජනය කරන Gilles Moreu නීතිඥවරයා සඳහන් කරනවා. ‘රත්තරං බෝලය’ අයිති ඔවුන්ට නිසා එහි වෙන්දේසියේ අලෙවිය තහනම් කිරීමට මැරඩෝනාගේ පවුලේ උදවියට අවශ්‍යව තිබෙන බව Moreu කියා සිටිනවා.
‘රත්තරං බෝලය’ වෙන්දේසියේ අලෙවිය තහනම් කිරීමට මැරඩෝනාගේ පවුලේ අයට අවශ්‍යව තිබෙනවා
වෙන්දේසි නිවහනේ තර්කය වී තිබෙන්නේ වසර ගණනාවකට පෙර මේ කුසලානය මිලදී ගත් පුද්ගලයා එය සොරකම් කළ දෙයක් යැයි දැන නොසිටි බව.
ජූනි 6 වැනිදා පැවැත්වෙන වෙන්දේසියට සහභාගි වීමට නම් ඉල්ලුම්කරුවන් යුරෝ 150,000 (ඩොලර් 161,000)ක මුදලක් තැන්පත් කළ යුතු බවට වෙන්දේසිකරුවන් දන්වා තිබෙනවා.
මෙක්සිකෝ නුවර පැවති 1986 ලෝක කුසලාන පාපන්දු අවසාත මහා තරගයේදී ගෝල් 3-2කින් බටහිර ජර්මනිය පැරදවූ ආජන්ටිනා කණ්ඩායමේ නායකත්වය දැරුවේ ඩිඒගෝ මැරඩෝනා
මෙක්සිකෝ නුවර පැවති 1986 ලෝක කුසලාන පාපන්දු අවසාත මහා තරගයේදී ගෝල් 3-2කින් බටහිර ජර්මනිය පැරදවූ ආජන්ටිනා කණ්ඩායමේ නායකත්වය දැරුවේ ඩිඒගෝ මැරඩෝනා. ඔහුගේ ඉතිහාසගත ‘දේව හස්තය’ ගෝලය සහ ‘ශතකයේ ගෝලය’ වාර්තා වූයේ එම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේ එංගලන්තය ට එරෙහිව ආජන්ටිනාව ලබා ගත් ගෝල් 2-1 ජයග්‍රහණයේ දී.
සටහන :

(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






