බංගලාදේශයේ ඩකා අගනුවරින් පිටත පිහිටි ඡන්ද මධ්‍යස්ථානයක් ඇතුළුව අවම වශයෙන් ඡන්ද මධ්‍යස්ථාන 14ක් ගිනිබත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.


මෙම ප්‍රහාර මාලාව ඇරඹෙන්නේ අද(7) ආරම්භ වූ එරට මහ මැතිවරණ දිනකට පෙරාතුවයි.  

ඉකුත් සිකුරාදා දින (5) එරට කාර්යබහුල මගී දුම්රියකට ගිනි තැබීම නිසා පුද්ගලයින් සිව් දෙනකු ජිවිතක්ෂයට පත්වී තිබේ.  



ප්‍රධාන විරුද්ධ පක්ෂ ඡන්ද විමසීම වර්ජනය කිරීම සහ ඔවුන්ගේ නායකයින් බොහෝ දෙනෙකු සිරගතව සිටින පසුබිමක, පාලක අවාමි ලීගය අඛණ්ඩව සිව් වන වරටත් පාර්ලිමේන්තුවට නැවතත් තේරී පත්වීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වී තිබේ.

බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) නබිඋල්ලා නබි

ප්‍රකට විපක්ෂ දේශපාලකයෙක් වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) නබිඋල්ලා නබි සහ තවත් පක්ෂ ක්‍රියාකාරීන් හය දෙනෙක් සිකුරාදා දින මගී දුම්රියකට ගිනි තැබීමේ සිදුවීමට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත්තේ යැයි එරට පොලිසිය පවසයි. 

එසේම, චිතගොන් නගරයේ පිහිටි බෞද්ධ පන්සලකට ද ගිනිතබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

මහ මැතිවරණය වර්ජනය කරන ලෙස බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින අතර රට පුරා දින දෙකක වැඩ වර්ජනයක් ද කැඳවා ඇත.   


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්