ඉතා පැණි රසැති, රෝස පැහැති රසකැවිල්ලක් වන බොම්බයි මොටයි (cotton candy) විකිණීම ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක තහනම් කර තිබේ.

 

බොම්බයි මොටයි සාම්පල පරීක්ෂාවකින් අනතුරුව ඒවාහි රොඩමයින්-බී නම් පිළිකා කාරක ද්‍රව්‍යක් අඩංගු බව තහවුරු වීමෙන් පසු පසුගිය සතියේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය තුළ මෙම තහනම පනවා ඇත.

 

මේ මස මුලදී, ඉන්දියාවේ පුදුච්චෙරි ප්‍රදේශය තුළ ද බොම්බයි මොටයි තහනම පැනවූ අතර මේ වන විට ඉන්දියාවේ සෙසු ප්‍රාන්තද මෙම රසකැවිල්ලේ සාම්පල පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

 

ඉන්දියාවේ, බුඩ්ඩි-කා-බාල් (මැහැල්ලගේ කෙස්වැටිය) ලෙසින් ද හැඳින්වෙන මෙම ආහාරය ළමුන් අතර ප්‍රකට රසකැවිල්ලකි.

 

කෙසේවෙතත්, මෙම ආහාරය හිතනවාට වඩා ශරීරයට අහිතකර විය හැකි බව යි ඉන්දීය බලධාරීන් පෙන්වා දෙන්නේ.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්