ආර්ථික යුක්තිය ඉටු කළ හැකි මූලික පදනමක් දැනටමත් රජය විසින් ගෙනැවිත් තිබෙන

දූෂණ මර්දන පනතෙහි තිබෙනවා. එමගින් තත්වය අල්ලස හා දූෂණය පිළිබඳ තත්වය වෙනස් කරන්නට පුළුවන්. අතීතයේ සිදු වූ වැරදි සම්බන්ධයෙන් විමර්ශන කර නීති මගින් කටයුතු කිරීමට කිසිවෙකු විරුද්ධ ඇතැයි මා සිතන්නේ නැහැ.

 

සජිත් ප්‍රේමදාස කියන පරිදි අතීතයට බලපාන නීති හදන්නට හැකියාවක් විශ්ව මානව හිමිකම් ප්‍රඥප්තිය (UDHR) සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) අනුව නැහැ.

ආර්ථික යුක්තිය පිළිබඳ කාරණේදි බොහෝ අය තමන්ගේ වගකීමෙන් බැහැරව තමයි යුක්තිය හොයන්නෙ. මං මේක පොඩි උදාහරණයකින් පෙන්නන්නම්. අපේ රටේ ඉදිකිරීම් කර්මාන්තයත් යැපුණෙ රාජ්‍ය සේවය වගේම රජයෙන්. ඒ කියන්නෙ රජය එක්ක කොන්ත්‍රාත් කිරීමෙන්. මේ කොන්ත්‍රාත්වලදි දේශපාලකයන් කොමිස්, නිලධාරීන් අල්ලස්, ලොකු කොන්ත්‍රාත්කරුවන් විශාල ලාභ, උප කොන්ත්‍රාත්කරුවන් වංචා ආදී වශයෙන් බාස්ලා, අත්වැඩකාරයන් දක්වා ගසා කෑවා. මේ ගසා කෑවේ මොනවද? විදේශ හා දේශීය ණය.

හැබැයි, අන්තිමට හැමෝම සුදනො වෙලා දේශපාලකයගෙන් විතරක් ආර්ථික යුක්තිය ඉල්ලනවා. ගත්ත ණයවලට මොකක්ද වුණේ අහනවා.



ප්‍රශ්නයක් හරියට විග්‍රහ කරගන්නෙ නැතුව ඉල්ලන විසඳුම් හරියට ඔබ කැමති ගී තීරය වගේ.


Ajith parakum J(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image