The Leader News
BREAKING
Top Ad
Opinion

බයිට් එකට ගත්තත් මියනොයන මෛත්‍රී : 'විප්ලවේ කරනවා වගේම අමාරු වැඩක් තමයි ඇණයක් වෙන එක' - මහේෂ් හපුගොඩ

T

The Leader Desk

August 22, 2020 • 12:39 PM

බයිට් එකට ගත්තත් මියනොයන මෛත්‍රී : 'විප්ලවේ කරනවා වගේම අමාරු වැඩක් තමයි ඇණයක් වෙන එක' - මහේෂ් හපුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෛත්‍රිපාල මහත්තයා තරම් බුකියේ බයිට් වෙන වෙනත් චරිතයක් නැති තරම්. එයා මොනවා හරි කිව්වත් කලත් අපේ අය එයාව ජෝක් එකට ගන්නවා.
  • ඒ කියන්නේ කාටවත් දැනෙන්නේ නැතුව ම බලකොටුව ඇතුළට රිංගලා ඇතුළතින් ම සටන පටන් ගැනීම වගේ දෙයක්.
  • ඒ නිසා වෙන්න ඇති මෛත්‍රී අර වයිරල් වෙච්ච ප්‍රකාශය කරන්නේ.
  • ඒ ප්‍රකාශය බුකියේ හැමෝම තමන්ගේ ප්‍රොෆයිල් වල ඔබා ගත්තේ එහි තියන දේශපාලනික අනාගතකාලීන බව වැටහුන නිසා වෙන්නත් පුළුවන්.
අකුරු ප්‍රමාණය (Font Size):

වෙනින් කවුරු හරි මොකක් හරි අවර පදමේ දෙයක් කිව්වත් කලත් ඒකටත් බයිට් එකට ගන්නේ මෛත්‍රී. ඒ නිසා එයා මිය යන්නේ නැහැ. ජෝක් එකක් හැටියට හරි පවතිනවා.

ලංකාවේ හුඟක් සීරියස් වෙච්ච බොහෝ දෙනෙක් ශාරීරිකව හෝ සංකේතීය විදියට මිය ගියත් මෛත්‍රීගේ පැවැත්ම මටනම් මනෝ විශ්ලේෂණ රෝග ලක්ෂණයක් වගේ දෙයක්. පුදුම විදියට එයා පවතින්න අරන් තියනවා.

යහපාලනයට එකතු වෙච්ච ගොඩක් දෙනෙක් පසුගිය දා මැතිවරණයෙන් වාෂ්ප වෙලා ගියත් මෙන්න බොලේ මෛත්‍රී ආයෙත් ප්‍රාදුර්භූත වෙලා පාර්ලිමේන්තු ගිහිල්ලා ඉන්නවා නිකම් අවතාරයක් වගේ.

පසුගියදා අවසන් වෙච්ච කට හේදුනු මැතිවරණයේ කේවල ජයග්‍රාහකයා පොහොට්ටුව හැටියට ගත්තොත් දෙවැනි තැන රනර් අප් පොසිෂන් එකේ ඉන්නේ මෛත්‍රිපාල උන්නැහේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පත්වෙච්ච සෙට් එක.

''පසුගියදා අවසන් වෙච්ච කට හේදුනු මැතිවරණයේ කේවල ජයග්‍රාහකයා පොහොට්ටුව හැටියට ගත්තොත් දෙවැනි තැන රනර් අප් පොසිෂන් එකේ ඉන්නේ මෛත්‍රිපාල උන්නැහේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පත්වෙච්ච සෙට් එක.''

ඒක එහෙම වෙන්නෙත් පොහොට්ටුවේ අය නෙගටිව් කැම්පේන් එකක් කරමින් ඉන්නැද්දි. පොහොට්ටුවේ අයට විතරක් ඡන්දේ දෙන්න කියල කිව්වට රටේ හැම පැත්තකින් ම වැඩි මනාප ප්‍රමාණයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය මිනිස්සු පාර්ලිමේන්තු එවල තියනවා. මේක හුඟක් අය නොසිතපු දෙයක්. අපේ පළාත් වල පවා අපි හිතුවේ ශ්‍රී ලංකා අයට ඇඩ්රස් නැතිවෙයි කියල. නමුත් සිදු වුනේ වෙන දෙයක්.

 

''මෛත්‍රී ගැහුවේ ට්‍රෝජන් අශ්වයා වගේ ගේම් එකක්''

ඉතින් මම දැක්කා කට්ටිය කියල තියනවා මෛත්‍රී ගැහුවේ ට්‍රෝජන් අශ්වයා වගේ ගේම් එකක් කියල. ඒ කියන්නේ කාටවත් දැනෙන්නේ නැතුව ම බලකොටුව ඇතුළට රිංගලා ඇතුළතින් ම සටන පටන් ගැනීම වගේ දෙයක්. ඒ නිසා වෙන්න ඇති මෛත්‍රී අර වයිරල් වෙච්ච ප්‍රකාශය කරන්නේ.

දීර්ඝ දුෂ්කර කටයුත්තකින් පස්සේ එහි අග්‍ර ඵලය නෙළීමට ටික කාලයක් බලා සිටිය යුතුයි යන්න. ඒ ප්‍රකාශය බුකියේ හැමෝම තමන්ගේ ප්‍රොෆයිල් වල ඔබා ගත්තේ එහි තියන දේශපාලනික අනාගතකාලීන බව වැටහුන නිසා වෙන්නත් පුළුවන්.

maithripala FB

ඒ කියන්නේ නොසිතපු දෙයක් වෙලා තියනවා කියල දැන් හැමෝටම වැටහෙනවා. විශේෂයෙන් යහපාලනය ඇතුලේ ඉඳලා කුජීත වෙච්ච සියලු අයට සාපේක්ෂව වැඩි ගේමක් නැතුව මන්ත්‍රීවරු දොළහක් ශ්‍රී ලංකා එකට මෛත්‍රී අරගෙන දීලා සෑහෙන කේවල් කිරීමේ බලයක් දිනාගෙන තියනවා. උතුරේ එක මන්ත්‍රී ධූරයක් පවා එයට හිමියි.

එක්සත් ජාතික පක්ෂයට වත් ඒ දේ උතුරේ කරන්න බැරි උනා කියන්නේ මෛත්‍රී විසින් කරන ලද මොනවා හෝ දෙයක් තිබිල තියනවා කියල දැන් අපි පිළිගන්න ඕනි.  

මීට වඩා ඉන්ටරෙස්ටින් දෙයක් තමයි මෑතදී සිදුවුණේ. මතකද අර පාර්ලිමේන්තුවේ මිරර් එකකින් එයා කොන්ඩේ හදන එක. ඒක මාර දර්ශනයක්.

කිසිම වොයිස් කට් මාධ්‍ය කාරයෙක් අහන කිසිම ප්‍රශ්නයකට නැළවී නැළවී උත්තර දෙන්න යන්නේ නැතුව වයර් එකකුත් උස්සල ඊට යටින් රිංගල කිසිම දෙයක් කියන්නේ නැතුව, කැමරා ගණන් ගන්නේ නැතුව, ප්‍රශ්න නෑහුණා වගේ එයා ගිහින් කොන්ඩේ පීරන්න ගත්ත.

එයාගේ අභිනයෙන් එයා එයාගේ විවේචකයින් ට කිව්වේ 'මම කරන්න ඕනි දේ කළා. දැන් ඉතින් බලාගෙන ඉදපල්ලා' වගේ එකක්.

'අනික් කිසිම කෙනෙකුට කේවල් කරන්න වත් දෙයක් ඉතුරු උනේ නැහැ. ඒත් මම ඉන්නවා. බලා ගනිල්ලා මගේ පස්ස' වගේ එකක්.

එතැන ලොකුම සන්නිවේදනය නිශ්ශබ්ද බව. අවතාරමය නිශ්ශබ්ද බව. බැටළුවන් ගේ නිශ්ශබ්ද බව කියන්නේ රෝගී ක්ලැරිස් ගේ සුවපත් වීම. දැන් උඹලගේ ලෙඩේ හොඳයිද? ටිකක් මතක් කරන්න අර ඩොක්ටර් ලෙක්ටර් අන්තිමට ක්ලැරිස් ට දෙන කෝල් එක...

මම මේකට කියන්නේ දීර්ඝ කාලීන ජෝක් එකක් අවතාරයක් බවට පත් වෙලා ඒ අවතාරය සීරියස් වෙමින් පවතිනවා කියල.

 

පොහොට්ටුව තුළ පොහොට්ටුව නොවන දෙයක් ද පවතිනවා..

යහපාලන හොල්මන් ගොඩක් මේ මැතිවරණෙන් වාෂ්ප උනත් (සිදු විය යුතු විදියටම) මෛත්‍රී නැවත පවතින්න ගන්නවා. මිනිස්සු තමන්ගේ ඡන්දෙන් අනපේක්ෂිත දේවල් කරමින් පවතිනවා. පොහොට්ටුව් අය සෘජුව ම 'පොහොට්ටුවේ නොවන දෙයක්' පවා සිදු කරන්න උත්සාහ කරලා තියනවා.

පොහොට්ටුව තුළ පොහොට්ටුව නොවන දෙයක් ද පවතිනවා. ඒ වගේම ඒකෙන් කියවෙන දේ 'උඹලට පවතින්න ඕනි නම් අපේ පැත්තට වරෙල්ලා' වගේ දෙයකුත් වෙන්න පුළුවන්. නමුත් තවත් අවුරුදු පහකට මෛත්‍රී ගේ පාර්ලිමේන්තු හොල්මන් කිරීමෙන් ගැලවෙන්න කාටවත් බැහැ.

 

පාවා දීම (betrayal) ගැන දාර්ශනික විවේචන දෙකක් ;

ZIzak Nitzeමම හැමදාම මෛත්‍රී විවේචනය කළේ එයා අපේ කඳවුර යම් මොහොතක 'පාවා දුන්න' නිසා. මේ පාවා දීම (betrayal) ගැන දාර්ශනික විවේචන දෙකක් මම මෙතන සඳහන් කරනවා.

එකක් තමයි නීට්ෂ කියන මිනිසෙකුට කළහැකි නපුරුම නො-සදාචාර ක්‍රියාව පාවාදීම කියන එක.

අනික තමයි ස්ලාවෝ ජිජැක් කියන පාවා දීම ඔස්සේ ම අළුත් යමක් නිර්මාණය විය හැකියි කියන එක. එතැනදී ජිජැක් උපුටන්නේ ලෙනින් විසින් මාක්ස් ට 'ද්‍රෝහී වීම' ඔස්සේ ගොවීන් මුල් කරගත් අරගලයක් රුසියාවේ කළා කියන එක. ඒ නිසා ජිජැක් කියනවා හැම විප්ලවයක් ම සිද්ද වෙන්නේ මුල් කෘතියට එරෙහි වීම නැත්නම් ද්‍රෝහී වීම ඔස්සේ කියල.

මාවෝ විතරක් නෙවෙයි ඕනිනම් 56 බණ්ඩාරනායක හෝ 71 විජේවීර දක්වා මේක වැඩිදුර සාකච්චා කරන්න පුළුවන්.  

කොහොම උනත් දැන් මෛත්‍රී ඉන්නේ වෙනත් කඳවුරක් ඇතුලේ. ගෝඨා පාලනය කියන්නේ මහින්ද පාලනය නොවෙයි වෙන්න පුළුවන්. ඒ වගේම මෛත්‍රී කියන්නේ පොහොට්ටුව නොවෙන්නත් පුළුවන්. මෛත්‍රී අලුත් දෙයක් ඉහත පවා දීම ඔස්සේ ම නිර්මාණය කරයිද කියන්න නම් මට දැනුමක් නැහැ. අනික දැන් එයා ඉන්නේ කොන්ඩේ පීරන්න තියෙන මේක් අප් වෙලාවේ නිසා අග්‍ර ඵලය එනකම් අපිටත් බලා ඉන්න සිද්ද වෙනවා.

''මෛත්‍රී අලුත් දෙයක් ඉහත පවා දීම ඔස්සේ ම නිර්මාණය කරයිද කියන්න නම් මට දැනුමක් නැහැ. අනික දැන් එයා ඉන්නේ කොන්ඩේ පීරන්න තියෙන මේක් අප් වෙලාවේ නිසා අග්‍ර ඵලය එනකම් අපිටත් බලා ඉන්න සිද්ද වෙනවා.''

මේ ලෝකේ තියෙන ගොඩක් දේවල් පවතින්නේ දර්පණයක් විදියට කියල ලකාන් කියන නිසා මම කියන්නේ පොහොට්ටුව, මෛත්‍රී, වගේම අනික් හැමෝමත් අපේ ම දර්පණ තමයි. එකම දේ අපි එයා වගේ මාධ්‍ය කැමරා ඉස්සරහා කින්ඩියට කොන්ඩේ පිරන්නේ නැති කම විතරයි.

විප්ලවේ කරනවා වගේම අමාරු වැඩක් තමයි ඇණයක් වෙන එක.  

මෛත්‍රී උන්නැහැ ඔය පරණ කවි සිංදු වලට ආස නිසා මේ ගොයම් කවිය උපුටනවා. කුඹුරු උනත් එහෙ මදි නැතුව තියනවා නේ.

'තෙල් ගාලා හිස පීරන් නෑනෝ
ඇට වැල අරගෙන බැඳ‍ගන් නෑනෝ
සේලේ ඉන වට ඇඳගන් නෑනෝ
ගොයම් නෙලන්නට යමු අපි නෑනෝ'. ?

(මහේෂ් හපුගොඩ)
ප්‍රවීන දේශපාලන විචාරක

(මහේෂ් ගේ FB පිටුවෙන් උපුටා ගන්න ලදී)


Manda pama

සබැඳි පුවත් :

මන්ද පමා...- ටික කලක් නිහඬව සිට අග්‍ර ඵලය ලබා ගන්නා බව මෛත්‍රී කියයි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බයිට් එකට ගත්තත් මියනොයන මෛත්‍රී : 'විප්ලවේ කරනවා වගේම අමාරු වැඩක් තමයි ඇණයක් වෙන එක' - මහේෂ් හපුගොඩ | The Leader