The Leader News
BREAKING
Top Ad
Opinion

සමගි තරුණ බලවේගයට අභියෝගයක්! - ලක්ෂ්මික මධුසංක

T

The Leader Desk

September 6, 2020 • 8:13 AM

සමගි තරුණ බලවේගයට අභියෝගයක්! - ලක්ෂ්මික මධුසංක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ දේශපාලනය මේ පවතින තත්ත්වයෙන් මීට වඩා හොද තත්ත්වයකට රැගෙන යා යුතු බව ඔබ මෙන්ම මා ද තරයේ විශ්වාස කරමි.
  • පැවති ජනාධිපතිවරණයත් මහ මැතිවරණයත් මෙරට දේශපාලන ඉතිහාසයේ යහපත් මෙන්ම අයහපත් අත් තත්ත්වයන් ගේ ද සංකලනයක් ලෙස හැඳින්විය හැක.
  • විශාල බලයක් සහිත 2/3  ආණ්ඩුවකින් අවසන් වූ මේ බල පොරය ගැන ගැන  විවිධ කෝණ වල විශ්ලේෂණ අපි දුටුවෙමු.
  • ''මදක් ගම්බද ප්‍රදේශවල සම්ප්‍රදායික නායකයන් සුපුරුදු ලෙස ලයිස්තුවට උඩට එද්දී කොළඹ තත්ත්වය ඉන් වෙනස් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

එය වඩාත් සාධනීය ලෙස සිදු කරන්නේ කෙසේද යන්න පිළිබදව සංවාද සමාජයේ  විවිධ තැන්වල පැවතියද ඒ කිසිවක් මේ මහ පොළව තුල ක්‍රියාත්මක වන බවත් පෙනෙන්නට නොමැත.

පැවති ජනාධිපතිවරණයත් මහ මැතිවරණයත් මෙරට දේශපාලන ඉතිහාසයේ යහපත් මෙන්ම අයහපත් අත් තත්ත්වයන් ගේ ද සංකලනයක් ලෙස හැඳින්විය හැක.

විශාල බලයක් සහිත 2/3  ආණ්ඩුවකින් අවසන් වූ මේ බල පොරය ගැන ගැන  විවිධ කෝණ වල විශ්ලේෂණ අපි දුටුවෙමු. මේ සටහන  ඉන් එහා ගිය සාධනීය තත්ත්වයකට මෙය රැගෙන යාමටය.

''මදක් ගම්බද ප්‍රදේශවල සම්ප්‍රදායික නායකයන් සුපුරුදු ලෙස ලයිස්තුවට උඩට එද්දී කොළඹ තත්ත්වය ඉන් වෙනස් විය. ගම්පහ කොළඹ ප්‍රදේශ්වල ලැයිස්තුවල උඩ තැන්වලට සාම්ප්‍රදායික දේ දේශපාලන නායකයන් වෙනුවට අලුත්ම උගත් මුහුණු ජනතාව තෝරා පත්කරගෙන ඇත.''

මෙවර  මහ මැතිවරණයේ ප්‍රධාන ලක්ෂණය ලෙස ජනතාව දුන් තීන්දුවල හැඩ හැඩතල හැඳින්විය හැක. මදක් ගම්බද ප්‍රදේශවල සම්ප්‍රදායික නායකයන් සුපුරුදු ලෙස ලයිස්තුවට උඩට එද්දී කොළඹ තත්ත්වය ඉන් වෙනස් විය.

ගම්පහ කොළඹ ප්‍රදේශ්වල ලැයිස්තුවල උඩ තැන්වලට සාම්ප්‍රදායික දේ දේශපාලන නායකයන් වෙනුවට අලුත්ම උගත් මුහුණු ජනතාව තෝරා පත්කරගෙන ඇත.

 

කැපුවත් කොළ කැපුවත් නිල් !

ශ්‍රී ලංකාවේ දේශපාලනය තවදුරටත් කැපුවත් කොළ කැපුවත් නිල් සංකල්පවලින් විතැන්ව පුද්ගලයාගේ පසුබිම් උගත් බව හා නිපුනණත්වය යන සාධක වෙත් කේන්ද්‍රගත වීම සාධනීයය.

ලෝකය ඉතිහාසය බැලුවද ජනතාවාදී විප්ලවයන්ගෙන්  බහුතරය  නගරයෙන් පටන්ගෙන ගෙන ග්‍රාමයන් වෙත ළඟා වී ඇති බව නොරහසකි.

මේ ලක්ෂණ ඉදිරියේ දී නියත වශයෙන්ම එසේ වනු ඇත. එහි සංඥා මෙවර ද ඇතැම් ග්‍රාමීය යැයි සම්මත දිස්ත්‍රික්කවල දී යම් දුරකට මේ වන විටත් සිදු වී ඇත. 

මේ අවස්ථාවේ ආණ්ඩුව වෙත නිර්දේශ දීමේ ඵලක් නැත. මන්දයත් යත් ජනාදිපතිවරුන් තිදෙනෙක් සිටින ප්‍රබල 2/3 ආණ්ඩුවක් ඔවුන් සතුව ඇත. උපදෙස් ගැනීමට ඇති පදමේ මිනිසුන් ඔවුන් සතුව ඇත.

අප හැරිය යුත්තේ  විපක්ෂය වෙතය. මේ අවස්ථාවේ සබුද්ධිකව කටයුතු කිරීමේ අවශ්‍යතාවක් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සතුය.

මේ අවස්ථාවේ ආණ්ඩුව වෙත නිර්දේශ දීමේ ඵලක් නැත. මන්දයත් යත් ජනාධිපතිවරුන් තිදෙනෙක් සිටින ප්‍රබල 2/3 ආණ්ඩුවක් ඔවුන් සතුව ඇත. උපදෙස් ගැනීමට ඇති පදමේ මිනිසුන් ඔවුන් සතුව ඇත. අප හැරිය යුත්තේ  විපක්ෂය වෙතය. ''

 

රටක ආණ්ඩු කරවන්නේ විපක්ෂයයි !

මා විශ්වාස කරන කාර්ණයක් නම් රටක ආණ්ඩු කරවන්නේ විපක්ෂය යන බවයි. මතවාදීව හා සංවිධානාත්මක විපක්ෂයකට කළ හැකි දෑ බොහෝය ප්‍රබල විපක්ෂ භූමිකාව මෙවර ආණ්ඩුව පිහිටවූයේ පොදුජන පෙරමුණෙන් පසුගිය අවුරුදු පහ පුරාවටම අපි දුටුවෙමු.

ඔලුගෙඩි ගණනින් අඩු වුවත් මේ කාර්යය සමගි ජන බලවේගයට මේ  භූමිකාව කල හැකිය. විපක්ෂයක දී මන්ත්‍රී දුර ප්‍රමාණය 90ද 50ද යන්න එතරම් වැදගත් යැයි මා නොසිතමි. වඩා අවශ්‍ය මත මතවාදී ව ශක්තිමත් සංවිධානාත්මක වීමත්ය.

''විපක්ෂයක දී මන්ත්‍රී දුර ප්‍රමාණය 90ද 50ද යන්න එතරම් වැදගත් යැයි මා නොසිතමි. වඩා අවශ්‍ය මත මතවාදී ව ශක්තිමත් සංවිධානාත්මක වීමත්ය.''

මැතිවරණයට පෙර සමගි ජන බලවේගය තරුණ බලවේගය 25% ක තරුණ නියෝජනයයක් ලබාදී මේ කරුණු ජයගන්නවා මම දුටුවෙමි. මෙය ඉතාමත් සාධනීය තත්ත්වයකි.

 ජනතාව අලුත් උගත් මුහුණු ඉල්ලන මොහොතක සමගි ජන බලවේගය ට මෙය උරගා බැලීමට ඉතාමත් හොඳ අවස්ථාවක් ඉදිරියේදී එන බව මාගේ  විශ්වාසයයි.

කුමන දෙයක් පැවසුවද එළැඹෙන පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වෙන බවට ඉඟි කනින් කොනින් ඇහෙද්දි විපක්ෂය දැන් කළ යුත්තේ තමා සතු දෙවන පෙළ බර ආයුධ මේ සඳහා ස්ථානගත කිරීමයි.

මා යෝජනා කරන්නේ මේ පළාත් සභා මැතිවරණයට උගත් තරුණ නියෝජිතයන් හැකි පමණින් සමගි ජන බල බලවේගය ඉදිරිපත් කරවීමයි. මන්දයත් ජනතාවගේ ඉල්ලීම් ලෙස මා දකින්නේ එයයි.

''ලංකාවේ දේශ දේශපාලනයේ වැදගත්ම සාධකය ලෙස මා දකින්නේ ලංකාවේ උගත් මධ්‍යම පන්තියයි. සමාජයේ සෑම ස්ථරයක් සමගම ගැටෙන දේශපාලනිකව සවිඥානික පන්තිය මෙයයි. ''

ලංකාවේ දේශ දේශපාලනයේ වැදගත්ම සාධකය ලෙස මා දකින්නේ ලංකාවේ උගත් මධ්‍යම පන්තියයි. සමාජයේ සෑම ස්ථරයක් සමගම ගැටෙන දේශපාලනිකව සවිඥානික පන්තිය මෙයයි.  

ගාමක බලය මේ පන්තිය ලබාගත් සෑම විටම අදාල විෂයෙහි උපරිම සාර්ථකත්වයෙන්ට ඔවුන් පැමිණ ඇති බවට උදාහරණ ශ්‍රී ලාංකීයේය සමාජය තුළ පවතී.

Sarath Arjuna Sanathනිදහසෙන් පසුව බිහිවූ හමුදාපතිවරු සැමදෙනාම පාහේ කොළඹ ප්‍රභූ පන්තිය නියෝජනය කරන නායකයන්ය. තත්ත්වය ක්‍රමයෙන් විතැන් වී පැමිණ යුද ජයග්‍රහණය වන විට එය මේ මෙහෙය වූයේ මා මේ කියනා සාමාන්‍ය මධ්‍යම පන්තිය නියෝජනය කරන සරත් ෆොන්සේකා  ප්‍රමුඛ යුද නායකයන් පිණිසයි.

ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව ගත්ත ද එය එසේමය කොළඹ ප්‍රභූන්ට පමණක් සීමා වූ ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කරන සමය වන විට අර්ජුන සනත් වැනි ශ්‍රී ලංකාවේ මධ්‍යම පන්තියට විතැන් වී පැවතුණි.  

ලංකාවේ දේශපාලනයේ  මාවත වෙනස් කිරීමේ බලය මේ පන්තිය සතු බව මා තරයේ විශ්වාස කරමි.

ආණ්ඩුව දෙස බැලූ විට එය පවුල්වාදය ගොදුරක් වී හමාරය. එය Indian Bollywood Nepotism වලටත් වඩා දරුණු තත්ත්වයක පවතී.

''ආණ්ඩුව දෙස බැලූ විට එය පවුල්වාදය ගොදුරක් වී හමාරය. එය Indian Bollywood Nepotism වලටත් වඩා දරුණු තත්ත්වයක පවතී. ''

නමුත් සමගි ජන වල බලවේගය දෙස බැලූවිට එය හාත්පසින්ම වෙනස්ය. තම  ශක්තියෙන්  දේශපාලනයේ පවුල් පසුබිමක් නොමැති, ජව සම්පන්න, එමෙන් ම නිර්මාණශීලි නායකයින් සාපේක්ෂව වැඩිපුර ප්‍රමාණයක් එය සතුය.

අප යෝජනා කරන්නේ මේ පිරිසට වැඩි අවස්ථාවක් පළාත් සභා ඡන්දයේ දී ලබාදෙන ලෙසය. මේ උගත් තරුණයන්ගේ තරුණ දඩබ්බරකම් වලට ඉඩ දෙන ලෙසය.

අප ආරාධනා කරනු‍යේ තුන්වන විකල්ප ලංකාවේ දේශපලනයේ අහෝසි වී යන බවක් පෙනෙන විටෙක, මේ 3වන විකල්පය සමගි ජන බලවේගයේ ම තරුණ බලවේගය තුළ සාදන ලෙසය.

 

තුන්වෙනි විකල්පය !

එසේ සාදා ලංකාවේ දේශපාලන මිනිසුන්හට තෝරා ගැනීමට ඇති තුන්වෙනි විකල්පය ලෙස පෙන්වන තත්ත්වයකට එය ඔසවා තබන  ලෙසය.  

එය ලංකා දේශපාලනය වඩාත් යහපත් ස්ථානයකට විතැන් කිරීමක් වනවා මෙන්ම  එහි ප්‍රති ප්‍රතිඵලය ඉදිරි වසර පහ අවසානයේදී සමගි ජන බලවේගය ට ලැබෙනු නියතය.

(ලක්ෂ්මික මධුසංක -කැළණි විශ්ව විද්‍යාලය)

WhatsApp Image 2020 09 06 at 9.10.27 AM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සමගි තරුණ බලවේගයට අභියෝගයක්! - ලක්ෂ්මික මධුසංක | The Leader