The Leader News
BREAKING
Top Ad
Opinion

පාස්කු කොමිසම : 'මහමොළ තිබිය යුතුය. නැතිනම් හැදීමට හෝ අවශ්‍යය.' -අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

March 6, 2021 • 11:14 AM

පාස්කු කොමිසම : 'මහමොළ තිබිය යුතුය. නැතිනම් හැදීමට හෝ අවශ්‍යය.' -අජිත් පැරකුම් ජයසිංහ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ කොමිෂන් සභාව විසින් වින්දිතයන්ගේ හා මෙරට ජනතාවගේ බලාපොරොත්තු සුන්කර ඇති බව පෙනේ.
  •   වෑල්ඩිං වෙද්දු සුවකළ හැකි මිනිසුන් කොරුන් බවට පත්කරද්දී සහරාන්ලා මොකක් හෝ අරමුණක් වෙනුවෙන් මිනිස් සංහාරයක් කරමින් තමන් ද මැරුණහ.    උන්මත්තකභාවයේ පරාසය අති විශාලය.
  •   පාස්කු කොමිෂන් සභාව විසින් යම් යම් බරපතල හිදැස් ඉතිරි කර ඇති බව පෙනේ.     උදාහරණයක් ලෙස, සාරා ජැස්මින් හෙවත් පුලස්තිනී මහේන්ද්‍රන්ට සිදුවූයේ කුමක්ද යන්න විභාග කර නොමැති බවට චෝදනාවක් එල්ල වේ.
  • දෙහිවලදී බෝම්බයක් පුපුරුවාගෙන මියගිය ත්‍රස්තවාදියා සොයා රජයේ ඔත්තුකරුවකු ගිය බව කොමිෂන් සභාව ඉදිරියේදී කියැවී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
එසේ සුන්වූ බලාපොරොත්තුව කුමක්ද යන්න විමසා බැලිය යුතුය. පාස්කු ප්‍රහාරය මෙහෙයවූ ප්‍රසිද්ධ නායකයකු, සංවිධානයක්, රටක් හෝ මොකක් හරි තිබිය යුතුය.
 
එම නායකයා රිෂාඩ් බදුර්දීන් හෝ රාවුෆ් හකීම් හෝ වෙනවා නම් සිංහල ජාතිවාදීන් කැමතිය. නැතිනම්, ඉන්දියාව, ඇමරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් කවුන්සිලය වුව කමක් නැත.
 
පාස්කු ප්‍රහාරය මෙහෙයවූ ප්‍රසිද්ධ නායකයකු, සංවිධානයක්, රටක් හෝ මොකක් හරි තිබිය යුතුය. එම නායකයා රිෂාඩ් බදුර්දීන් හෝ රාවුෆ් හකීම් හෝ වෙනවා නම් සිංහල ජාතිවාදීන් කැමතිය. නැතිනම්, ඉන්දියාව, ඇමරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් කවුන්සිලය වුව කමක් නැත.
 
 
 
එහෙත්, කොමිෂන් සභාව එහෙම වරදකරුවකු සොයාදීමට අසමත් විය. කොමිෂන් සභාව කියන ආකාරයට නම්, සහරාන්ලා ඊබ්‍රාහීම්ලා බෝම්බ සොයාගෙන හදාගෙන ගසාගෙන මරාගෙන මැරී තිබේ.
 
එය ද වන්නට බැරි දෙයක් නොවේ. බොහෝ අය කියන්නේ සියදිවි නසාගැනීමේ බෝම්බකරුවකු නිර්මාණය කිරීම පහසු කාර්යයක් නොවන බවයි. 
 
විද්‍යාවට අපහසු බොහෝ කාර්යයන් උන්මත්තකභාවයට ඉතා පහසුය. 
 
සහරාන්ලාගේ ඊබ්‍රාහිම්ලාගේ සංවිධාන පසුපස පැවති දෘෂ්ටිවාදය ගැන පැහැදිලි අවබෝධයක් කොමිෂන් සභා වාර්තාවෙන් ලබාගත හැකිදැයි අපි නොදනිමු.
 
 කෙසේ වෙතත්, සරල දෘෂ්ටිවාදී උන්මත්තකභාවයන්ට පවා කළ හැකි දේ බොහෝය. 
 
වේවැලෙන් පහර දී යක්ෂයන් පළවාහැරිය හැකි බව විශ්වාස කළ ගැහැණු දෙදෙනෙකු පසුගියදා නවහැවිරිදි දැරියක වධදී ඝාතනය කළහ. 
 
ඔක්සිජන් වෙල්ඩිං කරද්දී යකඩ දෙකක් උණු කර එකට තබා පෑස්සිය හැකි පරිද්දෙන් ශාකසාර ඖෂධ පාවිච්චි කර මිනිස් අස්ථි ද මොළොක් කර පෑස්සිය හැකි යයි විශ්වාස කරන අය මෙරට සිටිති. 
 
මේ සියල්ල සරල උන්මත්තකභාවයන්ය.
 
වෑල්ඩිං වෙද්දු සුවකළ හැකි මිනිසුන් කොරුන් බවට පත්කරද්දී සහරාන්ලා මොකක් හෝ අරමුණක් වෙනුවෙන් මිනිස් සංහාරයක් කරමින් තමන් ද මැරුණහ. 
 
උන්මත්තකභාවයේ පරාසය අති විශාලය. සන්සුන් මනසකට උන්මත්තකභාවය විග්‍රහ කිරීමට හැකියාවක් නැත. උන්මත්තකභාවය පවතින්නේ උන්මත්තකභාවයේම තර්කනයක්, සංදර්භයක් තුළයි.
 
 
පිටේ බැඳගෙන යන මල්ලක තිබෙන බෝම්බයක් පත්තු කරගැනීමේ තාක්ෂණය අද කාලේ සරල දෙයකි.
 
පුපුරන ද්‍රව්‍ය සොයාගැනීම අපහසු විය හැකිය. එහෙත්, මරාගෙන මැරුණු ඊබ්‍රාහිම් සොහොයුරන් වැනි ධනවත් කර්මාන්තකරුවන්ට එය දුෂ්කර කාර්යයක්ද?
 
පාස්කු කොමිෂන් සභාව විසින් යම් යම් බරපතල හිදැස් ඉතිරි කර ඇති බව පෙනේ.  
 
saraඋදාහරණයක් ලෙස, සාරා ජැස්මින් හෙවත් පුලස්තිනී මහේන්ද්‍රන්ට සිදුවූයේ කුමක්ද යන්න විභාග කර නොමැති බවට චෝදනාවක් එල්ල වේ. දෙහිවලදී බෝම්බයක් පුපුරුවාගෙන මියගිය ත්‍රස්තවාදියා සොයා රජයේ ඔත්තුකරුවකු ගිය බව කොමිෂන් සභාව ඉදිරියේදී කියැවී තිබේ. එය විමර්ශනය කර ඇති බවක් ද නොපෙනේ.
 
රහස් ඔත්තු අංශවල රාජකාරිය වනාහි ඔත්තු බලා අදාළ අංශවලට තොරතුරු වාර්තා කිරීමයි. අපරාධ වැළැක්වීම ඔවුන්ට අයත් කාර්යයක් නොවේ. 
 
රහස් ඔත්තු අංශ ත්‍රස්තවාදීන්, ජාවාරම්කරුවන්, අපරාධකරුවන්, ලිංගික ශ්‍රමිකයන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්, දේශපාලකයන්, නිලධාරීන් වැනි බොහෝ පිරිස් ඇසුරු කරති. ඔවුන් කරන කටයුතුවලට ද සම්බන්ධ වෙති. ඇතැම් කටයුතු අපරාධ සහායක ක්‍රියා ලෙස සැලකිය හැකිය. එහෙත්, රහස් ඔත්තු සපයන්නාගේ මූලික රාජකාරියට අදාළව ඒවා වැරදි නොවේ.
 
සහරාන්ලා සමගත් දේශීය මෙන්ම විදේශීය ඔත්තු අංශ සම්බන්ධකම් පවත්වා තිබේ. 
 
ලංකාවේ කෙසේ වෙතත්, ඉන්දියාවේ ඔත්තු අංශ ඔවුන්ගේ සැලසුම් පිළිබඳ හෙළිදරව් කරගෙන තිබේ. ඉන්දීය රජය තම යුතුකම ඉටුකරමින් එය පිළිබඳ ලංකාවේ රජයට කල්තබා දැනුම්දීම ද කර තිබේ.
 
ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශවල ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ සිට ආරක්ෂක ඇමති ධුරය හෙබවූ ජනාධිපතිවරයා දක්වා පිරිස් සිය වගකීම ඉටුකර නැත. 
 
අගමැති රනිල් වික්‍රමසිංහට ද වරද පටවන්නට කොමිෂන් සභාව උත්සාහ කර ඇතිමුත්, නීතිමය වශයෙන් ඔහුට විරුද්ධව යමක් නිර්දේශ කිරීමට කොමිෂන් සභාව අසමත් වී තිබේ. 
 
එහෙත්, අවසානයේදී කොමිෂන් සභාව නිර්දේශ කරන්නේ වගකීම ඉටු නොකළ පාර්ශ්වවලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස පමණි.
 
කොමිෂමට ජනතා බලාපොරොත්තු ඉටුකිරීමට නොලැබෙන්නේ මෙම සංදර්භය තුළයි. 
 
සහරාන්ලා ඊබ්‍රාහීම්ලා බෝම්බ සොයාගෙන හදාගෙන ගසාගෙන මරාගෙන මැරුණා වෙන්නට පුළුවන. එහෙත්, අපට එය පිළිගන්නට බැරිය. බැරි ඇයි?
 
 Cost of living imitators meeting
වත්මන් ආණ්ඩුව හා සම්බන්ධ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සිට ගම් මට්ටමේ බයියාවරුන් දක්වා සියලුදෙනා පසුගිය කාලයේ කී පරිදි මේ පිටුපස මහමොළ තිබේ. එසේ පුන පුනා කියූ වාර ගණන අනුව දැන් එය අපගේ සිත්වල ඇත්තක් ලෙස ස්ථාපිත වී හමාරය. එවැනි මහමොළ මේ පසුපස නැති බව දැන් අපට පිළිගත නොහැකිය. මහමොළ තිබිය යුතුය. නැතිනම් හැදීමට හෝ අවශ්‍යය.
 
 
 
මේ අතර, අනෙක් පැත්තේ කට්ටිය කියන්නේ දඩයම කරේ තබාගෙන යන්නේ තුවක්කුව බැන්ද කෙනා බවයි. සරලව කීවොත්, ඔවුන්ගේ තර්කය වන්නේ මෙම ප්‍රහාරය පසුපස තිබෙන ඔය කියන මහ මොළයේ සැලැස්ම තුළ වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීම තිබී ඇති බවයි. 
 
ඉදිරි කාලයේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධ කටයුතු සිදුවන්නේ මෙම කුමන්ත්‍රණ න්‍යාය ඔස්සේය. කුමන්ත්‍රණ න්‍යායෙන් යැපෙන්නෝ එයින්ම වැනසෙති.
 
මෙම බලවේගයේ එක් කොටසක් රාජ්‍ය බලය සාමාන්‍ය අන්දමින් නොව තුනෙන් දෙකේ ජනවරමක් දක්වා ගොඩනගාගැනීමට මෙම අවස්ථාව පාවිච්චි කළහ. 
 
එහෙත්, එම බලවේගය විසින් පාවිච්චි කර අත්හරින ලද වින්දිතයන් සහමුලින්ම අත්හැර දමන්නට එම බලවේගයේම කොටසක් ලෙස සැලකිය හැකි කාදිනල් හිමියන්ට බැරි වී තිබේ. 
 
ඒ නිසා දැන් නිර්මාණය වී තිබෙන්නේ ජාත්‍යන්තරය දක්වා යන විරෝධයකි. 
 
ආණ්ඩුව වෙනුවෙන් තම පැවැත්ම අතාර්කික කරගන්නට කාදිනල් හිමියන් සූදානම් නැති බව පෙනේ. එය නම් ආණ්ඩුවට මහා අභාග්‍යයකි.
 
 
(අජිත් පැරකුම් ජයසිංහ )
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
 
 

 

 

කුරුවිට තරුණිය: ඝාතකයාගේ මරණය ඝාතනයක්! -ධම්ම සියල්ල හෙළිකරයි

 

මහින්ද, ගෝඨා, බැසිල් - පවුලේ අවුල ගැන දීප්ති කතා කරයි.

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...