The Leader News
BREAKING
Top Ad
Opinion

හෙළුවෙන් හොල්ලන සමාජ ජාලා

T

The Leader Desk

March 23, 2021 • 6:36 PM

 හෙළුවෙන් හොල්ලන සමාජ ජාලා  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ”අනියම් ඇසුරක් මාට්ටු වී නිරුවතින් දිව යන මන්ත්‍රීවරයෙකුගේ වීඩියෝව සමාජ ජාලා හොල්ලයි”
  •     ඒ වගේම මේ සැමියා කියන පිරිමියා තුල ඒ ගැහැනිය ගැන කිසිම ආදරයක් තබා මනුෂ්‍ය ගෞරවයක්වත් නැති වගත් පැහැදිලියි.
  •   පැහැරගත් මාධ්‍යවේදියාගේ ඇත්ත කතාව - පොලිසියේ කෙරුවාවත් හෙළිවෙයි!
අකුරු ප්‍රමාණය (Font Size):
මේක මාර හෙඩිමක්. ඇසුර අනියම්. ඉන්නෙ මන්ත්‍රියෙක්. දුවන්නෙ හෙලුවෙන්. එහෙම දුවද්දි සමාජ ජාලා හෙල්ලෙනවා. මේවා නිව්ස් නෙමෙයි. වනචර කතන්දර. 
 
 
 
 

C news2021.03.23

 
 
මේ නිව්ස් එක හැදෙන්නෙ මන්ත්‍රී මහපාරෙ හෙළුවෙන් දුවලා නෙමෙයි. අපි මන්ත්‍රී හෙළුවෙන් හිටපු කාමරේ අස්සට රිංගලා. මේ වීඩියෝව මුදාහරින්නෙ ඒ කවුරු හරි එතන ඉන්නවා කියන ගැහැණියගේ සැමියා. වීඩියෝවෙ අරමුණ වෙන්නෙම සමාජය ඉස්සරහ මිනිස්සු දෙන්නෙක් නිරුවත් කිරීම. වරද ප්‍රේමයක්.
 
ප්‍රේමයේ නියම් අනියම් කියල ප්‍රභේද නැහැ. ඒක තියෙන්නෙ නීතියෙ. නීතිය කියන්නෙ ප්‍රේමය නැතිම තැන. 
 
මේ සැමියා මේ වීඩියෝව කරන්නෙ රිවෙන්ජ් එකක් විදිහට. මගේ ගෑනි කියල හඳුන්වන කාන්තාවක් ඇගේ කැමැත්තෙන් කරගෙන යන ප්‍රේම සම්බන්ධතාවයක් මැද්දට සැමියෙක් කඩාගෙන පැනලා තියෙනවා. 
 
එයාගෙ අරමුණ වෙන්නෙ ඇයව නිරුවතින් පිරිමියෙක් සමග වීඩියෝ කරලා සමාජාපවාදයට ලක් කිරීම. එයාගෙ අදහස එයාට ඒකට අයිතියක් තියෙනවා කියල වෙන්න ඕන.
 
 
ඒ වගේම මේ සැමියා කියන පිරිමියා තුල ඒ ගැහැනිය ගැන කිසිම ආදරයක් තබා මනුෂ්‍ය ගෞරවයක්වත් නැති වගත් පැහැදිලියි. ඈ සම්බන්ධතා පවත්වන්නෙ කාත් එක්කද කියන එක ඇගේ තීරණයක්. ඒක සැමියාගෙ කැමැත්තට පටහැනි නම් එයාට පුළුවන් වෙන් වෙන්න. නිරුවතින් වීඩියෝ කරලා සමාජයට මුදහැරීම කියන්නෙ අශිෂ්ට අසභ්‍ය ක්‍රියාවක්. අපරාධයක්.
 
 
හෙඩිම වෙන්න ඕන අශිෂ්ට සැමියාගේ නිරුවත සමාජ ජාලා හොල්ලයි කියල.
 
 
මේක සී නිව්ස් වගේ වෙබ් අඩවිවල පලවෙන එකෙන් සහ මේ මන්ත්‍රී කියල විශේෂයෙන් කොටු කරලා හැඳින්වීම ඇතුලෙ මේක පිටිපස්සෙ සෙක්ෂුවල් රිවෙන්ජ් එකට අමතරව පොලිටිකල් රිවෙන්ජ් එකකුත් තියෙන වග පැහැදිලියි. 
 
මෙතනදි සදාචාරයට මුවා වෙලා ඉන්න හැමෝම කරමින් ඉන්නෙ අපචාරයක්. මේ නිව්ස් එකේ කතා කරන හෙළුව තියෙන්නෙ කැමරාව ඉස්සරහ නෙමෙයි. කැමරාව පිටිපස්සෙ.
 
 අපි හිටගන්නෙ පෙම්වතුන්ගෙ පැත්තෙ. ඔයා හිටගන්නෙ පොලිසිය පැත්තෙද?
 
 
 
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක 
 
(උපුටා ගැනීම- facultyofsex.com )
 


The Leader TV

 

සර් වෙනුවෙන් කතා කරන්න පවුලේ කෙනෙක්වත් නැද්ද?

 

පැහැරගත් මාධ්‍යවේදියාගේ ඇත්ත කතාව - පොලිසියේ කෙරුවාවත් හෙළිවෙයි!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...