The Leader News
BREAKING
Top Ad
Opinion

අපි එකට ජීවත් වෙන්න තෝරගන්නෙ අපි ආසා කරන ගැහැණියමද? - චින්තන ධර්මදාස

T

The Leader Desk

March 26, 2021 • 5:23 PM

අපි එකට ජීවත් වෙන්න තෝරගන්නෙ අපි ආසා කරන ගැහැණියමද? - චින්තන ධර්මදාස 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''අපිට ගොඩක් වෙලාවට අහන්න ලැබෙන දෙයක් තමයි, අපි දකින අපි ආශා කරන ගැහැණියවද අපි කසාද බඳින්න හරි නැත්නම්
  • හුඟක් වෙලාවට මේ සෙඩියුසිං පවර් එක නැති උදාසීන ගැහැණියක් නැත්නම් අපි කිව්වොත් එහෙම සෙක්ස් මරපු ගැහැණියක් තමයි ගොඩක් වෙලාවට තෝරගන්න බලන්නේ.'' දේශපාලන හා සමාජ විශේලේෂක චින්තන ධර්මදාස පවසයි.
  •   Faculty of Sex   ආයතනයේ අධ්‍යක්ෂ චින්තන ධර්මදාස ඉහත කාරණය අවධාරණය කර ඇත්තේ, ladyleader.lk  වෙත ප්‍රකාශයක් කරමින්.     චින්තා සිය මතය තව දුරටත් පැහැදිලි කරමින් මෙසේ පවසයි.
  •  එයා ශුද්ධ වූ වස්තුවක් බවට පත් වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
අපි එකට ජීවත් වෙන්න හරි තෝරගන්නෙ කියලා. හුඟක් වෙලාවට මේ සෙඩියුසිං පවර් එක නැති උදාසීන ගැහැණියක් නැත්නම් අපි කිව්වොත් එහෙම සෙක්ස් මරපු ගැහැණියක් තමයි ගොඩක් වෙලාවට තෝරගන්න බලන්නේ.'' දේශපාලන හා සමාජ විශේලේෂක චින්තන ධර්මදාස පවසයි.
 
Faculty of Sex ආයතනයේ අධ්‍යක්ෂ චින්තන ධර්මදාස ඉහත කාරණය අවධාරණය කර ඇත්තේ, ladyleader.lk වෙත ප්‍රකාශයක් කරමින්.  
 
චින්තා සිය මතය තව දුරටත් පැහැදිලි කරමින් මෙසේ පවසයි.
 
''සමහර අය ඊට පස්සේ එයාට කොටට අඳින්න දෙන්නේ නෑ කකුල් පෙන්නන්න දෙන්නේ නෑ, පුළුවන් නම් මුහුණ පවා වහලා අරගෙන යනවා අපේ සිංදු පවා තියෙනවා මම හිතන්නේ වික්ටර් රත්නායකගේ සිංදුවක් තියෙනවා, ඒකේ කියනවා ගෙනිහිල්ලා ගල්ගුහාවකට දාලා වෙන එක්කෙනෙකුටවත් පේන්නේ නැති වෙන්න වහලා දානවා කියලා.
 
ඉතින් මෙන්න මේ වගේ තමයි අපි අපේ අශාවේ ගමන තීරණය කරලා තියෙන්නේ. මේකට හේතු විදිහට මම දකින්නේ අපේ තියෙනවා ලොකු දෝලනයක්. අපේ අම්ම ගැන අපිට තියෙනවනේ හැඟීමක්.
  
 ඒ අම්ම ගැන තියෙන හැඟීම හැම තිස්සෙම සෙක්ස් මරපු හැඟීමක්. 
 
අපි අම්ම කෙනෙකුට ලිංගික ආශාවන් තියෙනවා, ලිංගික හැඟීම් තියෙනවා කියලා කියවන්නේ නැහැ. 
 
අපි බලන්නේ අම්මට ළමයෙක් හම්බුනාද ළමයා ලොකු වෙනවද? 
 
අම්ම තමන්ගේ ලිංගික ජීවිතයෙන් අයින් වෙන්න ඕන, ලිංගික ආශ්වාද කලාවෙන් අයින් වෙන්න ඕන.  එයා ශුද්ධ වූ වස්තුවක් බවට පත් වෙනවා. බුදුන්ට විතරක් දෙවෙනි වූ වස්තුවක් බවට පත් වෙනවා.
 
එහෙම කරලා අපි කියන්නේ මේ Non-sexual, එහෙම නැත්නම් ඒ සෙක්ෂුවල් නොවන කලාපයක ඒ ප්‍රතිරූපය හදනවා.
 
එතකොට මේ අම්ම වගේ අය තමයි ලංකාවේ පිරිමි කසාද බඳින්න හෝ එකට ජීවත් වෙන්න  අන්තිමට තමන්ගේ Partner විදිහට තෝරගන්නේ.
 
මේ අම්මවම තමයි අම්මගේ ඩුප්ලිකේට් එක, අම්මව ගන්න බෑ නේ.  අපේ අර Oedipus Complex,  ‌ෆ්‍රොයිඩ් කියන Oedipus Complex එක හරියට දියුණු විදිහට කැඩිලා නැහැ.
 
ඒ නිසා අපි අම්මව ගන්න බැරිකොට අම්මව Duplicate කරලා ඒ වගේ ගෑනු කෙනෙක් ගෙදර අරගෙන ගිහිල්ලා, ඒ බැඳීමත් එක්ක පොඩි ආගමික සංස්ථාවක් තමයි විවාහය විදියට  ලබා ගන්න හදන්නේ.
 
ඒක නිසා පිරිමියාගේ ආශාව, පිරිමියාගේ නිදහස හැමතිස්සෙම තියෙන්නේ සමාජය පැත්තේ.  එයා හැම තිස්සෙම එළියට ගිහිල්ල තමයි බීල හරි එයාගේ ෆන් එක යාළුවො ආශ්‍රය කරලා හරි, තව ගෑනුත් එක්ක ආශ්‍රය කරලා හරි, අනියම් නියම් හෝ කවර හෝ විදිහට තමන්ගේ ලිංගික ජීවිතය එළියට ගන්නවා.
 
එතකොට ගෙදර තියෙන ලිංගික ජීවිතේ දරුවන් හැදීමට ප්‍රජනන ක්‍රියාවලිය මූලික කරගත්ත ලිංගික ක්‍රියාවක් විතරයි.
 
හැබැයි මේ තත්වය අපිට ලෝකයක් විදිහට දකින්න හම්බවෙන්න නෑ.
 
 Trump stormy daniels
උදාහරණයක් විදිහට ඇමෙරිකාවේ ජනාධිපතිවරයා කසාද බැඳලා හිටියේ පෝන් ඇක්ට්‍රස් කෙනෙක්. එතකොට එයාට කිසිම අදහසක් තිබුණේ නැහැ පෝන් ඇක්ට්‍රස් කෙනෙක් කසාද බඳින්න බැහැ මම මේ තරම් ඉහල කෙනෙක්, සල්ලිකාරයෙක් ධන කුවේරයෙක් කියලා. එයා එයාගෙ ආශාවන් ලබා ගන්නවා, එයාගේ ආශාවත් එක්ක එයා ජීවත් වෙනවා.
  
ප්‍රංශය වගේ රටවල්වල තමන්ගේ ගුරුවරියට ප්‍රේමකරපු රාජ්‍ය නායකයෝ ඉන්නවා. ඔහු ඒ ගුරුවරියත් එක්ක තමයි විවාහවෙලා ජීවත් වෙන්නේ.
 
සමහරවිට ඉස්කෝලේ හරි තරුණ කාලෙ හරි ගුරුවරයෙකුට ප්‍රේමකරනවා කියන්නේ ඒක අපේ ආශාවේ දිගුව ඒක තමයි අපේ නව යොවුන් වියේ යන්න පුළුවන් උපරිම ලෙවල් එක.
 
හැබැයි ඒගොල්ලො ඒ ආශාව අත්පත් කරගන්නවා. ඒගොල්ලො ගිහිල්ලා අම්ම වගේ ශුද්ධ වූ වස්තුවක් නිර්මාණය කරගන්න යන්නේ නෑ.
 
තමන්ගේ අනුරාගයේ වස්තුව තමන්ගේ ගේ ඇතුළට ගේනවා තමන්ගේ ජීවිතය අනුරාගයෙන් වෙළනවා, ඒක මම හිතන්නේ දෙකට කැඩිච්ච, ඒ කියන්නේ අම්මයි අනුරාගී ස්ත්‍රියයි අතර දෙකට කැඩිච්ච දෙකට ඉරිච්ච ජීවිතයකට වඩා සෑහෙන සතුටින් සිටින සෑහෙන ආතතියකින් තොර හරිම සෞන්දර්යාත්මක මනුස්ස ජීවිතයක් වෙනවා ඇතියි කියන එක තමයි මගේ විශ්වාසය.''
 
 
(උපුටා ගැනීම- ladyleader.lk )

 

 


 

 
The Leader TV

 

 

බෙල්ල දෙන්න එන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ?

 

එයාපෝට් PCR පරීක්ෂණ හොර පාරෙන් පෞද්ගලික රෝහලකට ?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අපි එකට ජීවත් වෙන්න තෝරගන්නෙ අපි ආසා කරන ගැහැණියමද? - චින්තන ධර්මදාස | The Leader