The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
Opinion

රනිල්, ලිබරල් ද? ජාතිකවාදී ද? - හැමෝම ඔලුව පොලොවේ ගසා ගන්නේ ඇයි !

T

The Leader Desk

October 5, 2023 • 9:47 AM

රනිල්, ලිබරල් ද? ජාතිකවාදී ද? -  හැමෝම ඔලුව පොලොවේ ගසා ගන්නේ ඇයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජර්මනියේ DW නාලිකාව සමග කරන සම්මුඛ වීමේදී හැසිරෙන ආකාරය පිළිබඳව ඇතිවී ඇත්තේ පුදුම කලබලයක්.
  • රනිල් සාටකයක් පැලද ගැනීමට පවා දැන් සුදුසුකම් සපුරා ඇති බව ඔවුන් කියන්නේ කනස්සල්ලෙන්.
  • අනිත් අන්තයෙන් බටහිර ගැත්තෙකු ලෙස රනිල්ව හඳුන්වාදුන් ජාතිකවාදී නඩය මේකෙන් ගන්නේ ෆුල් චූන් එකක්.
  • ඔවුන්ට අනුව රනිල් ධනවාදී බටහිර කදවුරටම එල්ල කර ඇත්තේ අතුල් පහරක්.
අකුරු ප්‍රමාණය (Font Size):


එක් අතෙකින් රනිල්ගේ ගුණ ගායනා කල ලිබරල් පොරවල් මේකෙන් අන්ධ, මන්ද වෙලා. ඔවුන් කියන ආකාරයට ඔවුන් රනිල්ගේ ලිබරල් ආස්ථානය පිළිබඳව ටක්කෙටම දැන සිටියවුන්. රනිල් සාටකයක් පැලද ගැනීමට පවා දැන් සුදුසුකම් සපුරා ඇති බව ඔවුන් කියන්නේ කනස්සල්ලෙන්.

අනිත් අන්තයෙන් බටහිර ගැත්තෙකු ලෙස රනිල්ව හඳුන්වාදුන් ජාතිකවාදී නඩය මේකෙන් ගන්නේ ෆුල් චූන් එකක්. ඔවුන්ට අනුව රනිල් ධනවාදී බටහිර කදවුරටම එල්ල කර ඇත්තේ අතුල් පහරක්.

ඒ අනුව රනිල් ලාංකීය භාවය ඒ මත ලකුණු කරන ලද නායකයෙක්. ඔහු මහින්ද රාජපක්ෂ හා සමතැන් ගැනීමට තරම් දැන් සුදුසුයි. මේ සාකච්ජාව ඔවුන්ව අමන්නාදන්නයට පත්කර ඇති අතර රනිල් වෙත දක්වන ලද රහසිගත සහයෝගය එලිපිට ප්‍රකාශ කිරීමට තරම් බලවත්.

මේ දෙක අතරමැද සුපුරුදු ලෙසම සමාජ මාධ්‍ය විපරීතයන් සිටිනවා. ඔවුන් රනිල්ට ශිෂ්ට වෙන හැටි, කතා කරන හැටි, වාඩිවෙන හැටි, භාෂාවේ වැරදි පෙන්වා දෙමින් සිටිනවා. ඒ සියල්ලන්ගේම පොදු අදහස රනිල්ව ජෝක් එකක් බවට පත්කිරීම.

Screenshot 2023 10 05 at 15.09.10

 

රනිල් යනු ලංකාවේ ජනාධිපති බවත්, රාජ්‍ය නියෝජනය කරන පලමු පුරවැසියා බවත් ඔවුන්ට අමතකයි. ඉන් අදහස් වන්නේ නීතිය තමන් මත පිහිටුවා ගැනීමේ උම්මත්තක තත්ත්වයක්. “අපිට පහර දෙන්න” කියන ඉල්ලීම හා “අපි දෙසත් බලන්න” කියන ඉල්ලීම ඊට ඇතුලත්. මේ සියලුම අදහස් වලින් පිට, වෙනත් අදහසක් නොමැති ද ?

දීප්ති කුමාර ගුණරත්න ලංකාවට ව්‍යුහවාදීව සිතීමේ විද්‍යාව හදුන්වා දෙන්නේ 90’දශකයේ මුල් භාගයේදී.

ඒ අනුව ලෝකය විග්‍රහ කිරීමේදී එය සංඥා පද්ධතියක් ලෙස භාෂාව හරහා අපි වෙත ලැබෙන බව කියවෙනවා. ඉන් අදහස් වන්නේ යම් කිසි වස්තුවක් පිළිබඳව නිවැරදිම සත්‍යය වෙත ළඟාවීමට අපිට නොහැකි බවයි.

අපි සහ අපි විග්‍රහ කරගන්නා වස්තුව අතර සංකල්පය පිහිටනවා. අපිට එම වස්තුව පිළිබඳව කියාදෙන්නේ ඒ සංකල්පය මගින් මිස වස්තුවේ ඇති ගුණයක්, සත්‍යයක්, සැබෑවක් මගින් නොවෙයි.

අපි ඒ සදහා උදාහරණයක් ගමු. හමුදා සොල්දාදුවා යන වස්තුව අපිට බාහිරින් පිහිටා තිබෙනවිට එය පිළිබඳව දකුණේ මතය වෙනස් වීම අපූරු උදාහරණයක්. 87/89 ජ.වි.පෙ. දෙවැනි කැරැල්ල යුගයේදී සොල්දාදුවා හැඳින්වූයේ මිනීමරුවෙකු, රාජ්‍ය මුර බල්ලෙකු ලෙසයි. නමුත් 90 දශකයේ මැද නැවත උතුරේ ගැටුම් උත්සන්න වූ වහාම ඒ සොල්දාදුවාම රණවිරුවෙකු ලෙස අභිෂේක ලබනවා.

මෙතනදී මේ සොල්දාදුවාගේ “සත්‍ය භූමිකාව” වසා දමන්නේ සංකල්පීයව භාෂාව හරහා කරන ගොඩනැංවීමකින්. සොල්දාදුවා රාජ්‍ය වෙනුවෙන් ජ.වි.පෙ. කැරැල්ලත්, එල්.ටී.ටී.ඊ. කැරැල්ලත් දෙකම මර්ධනය කරනවා. එතනදී ඔහුට රාජ්‍ය වෙනුවෙන් නීත්‍යානුකූලව මිනීමැරීමේ අයිතිය ලැබෙනවා.

fonseka mahinda gotabhaya.jpg
නමුත් එය සංකල්පීයව සංඥාවක් ලෙස මාරු වෙන්නේ දකුනේ සමාජය වෙත සරත් ෆොන්සේකා හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ වීරයන් ලෙස භෞතීස්ම කරමින්.

ඒ අනුව මේ සොල්දාදුවා යන සත්‍ය වෙත, සැබෑව වෙත අපි ගමන් කරන්නේ නෑ, ඒ වෙනුවට වෙන්නේ අපි සහ සොල්දාදුවා මැද ඇති සංකල්ප (භාෂාව) මගින් සොල්දාදුවා පිළිබඳ අදහස උරාගැනීම පමණයි.

මේ තත්ත්වයම රනිල් වික්‍රමසිංහ වෙතද ආදේශ කල හැකියි. රනිල් පිළිබඳව සියල්ල දැන ගෙන උන්නායි කියන ලිබරල් බුවාලා නොදන්නේ ව්‍යුහවාදය අනුව රනිල්ව සංකල්පයක් ලෙස ඔවුන් උරාගෙන ඇති ආකාරයයි.

තවත් දුරක් ගමන් කලහොත් රනිල්ගේ “සාරය” යනු ඔහුගේ සැබෑව නොවේ. ලිබරල් බුවාලා විසින් ඔහු පිළිබඳව ගොඩනංවා ඇති සාරයක්. සාරය එන්නේ පිටතින් යන දාර්ශනික අදහස මෙතනදී ඔබට වැටහෙන්න ඕන. රනිල් යනු ලිබරල් පොරක් යන අදහස රනිල්ගේ සැබෑව බව කියන්නේ රනිල් නොවේ. රනිල් “හිස්”ව ඉන්නා විට එය පුරවන්නේ අපි විසින්මයි.

ජාතිකවාදීන්ගේ සතුටද මෙතනදීම නැති කල හැකියි. රනිල්ට බෑ යන සංකල්පය ගොඩනංවා, රනිල් බටහිර ගැත්තෙකු හා අධිරාජ්‍යවාදී ඒජන්තයෙකු හැටියට ගොඩනැංවූයේ ජාතිකවාදී කතිකාව විසින්ම යි.

ජනාධිපති ගෙන් විශේෂ ප්‍රකාශයක්
ඔවුන් විසින්ම වීරයෙකු හැටියට භෞතීස්ම කල ගෝඨාභය පස්සේ දොරින් පලායන විට රනිල් නැමති “බැරි ගායෙන්” පෙලෙන්නා රාජ්‍ය වෙනුවෙන් පෙරට පැමිනීම හරහා ඔවුන්ගේ අදහසේ විරැද්ධාභාෂය ඔවුන්ටම පෙන්වා දුන්නා. නමුත් ජාතිකවාදීන්ගේ මනදොල සපුරාලිය හැකි රෙද්ද, බැනියම අදින කුරක්කන් කන නායකයෙකු ලෙස රනිල් මතුනොවීම ඔවුන්ගේ කනස්සල්ල වුනා. රනිල් මේ මාධ්‍ය සාකච්ජාව හරහා ඉටු කරන්නේ ජාතිකවාදීන්ගේ මේ ප්‍රාර්ථනාවයි. ඔවුන්ද රනිල්ගේ සැබෑව ලෙස වරදවා වටහා ගන්නේ රනිල් වෙත ඔවුන්ම පුරවන සාරයක්.

එසේනම් රනිල් යනු කවරෙක්ද ?

 

රනිල් යනු හිස් හැගවුමක්. ඒ වටා ඕනෑ තරම් හැගවුම්කාරක ගොඩනැගිය හැකියි. රනිල්ට මෙතෙක් කල් අහිමිව තිබුණේද මේ හිස් බවයි. රනිල් සහතික කරන්නේ තමන්ගේ හිස් බව වන අතරම එය පුරවාලිය හැකි භාෂා, සංකල්පීය ලෝකය වෙත රනිල් විවෘත වෙනවා. ලිබරල් බුවාලා හැඩීමෙනුත්, ජාතිකවාදී බුවාලා සතුටු වීමෙනුත් රනිල් තමන්ගේ දේශපාලන ජීවිතය තුල ග්‍රාමීය ජන්ද පදනම කෙරෙහි පවතින ප්‍රතිවිරෝධය අවම කරගැනීමේ උපායට අවතීර්ණ වී තිබෙනවා. දේශපාලනය යනු භාෂා ලෝකයක් මත කරන ගොඩනැංවීමක් එසේත් නැතිනම් කතිකාවේ බලය අත්පත් කරගැනීමක් කියන්නේ ඒකයි.

තවත් මෙතන විසදිය යුතු ගැටලුවක්ද ඉතිරියි. මාධ්‍ය පිළිබඳ අදහස ලංකාවේ අදහසට සමානව යුරෝපය තුල වරනැගෙන්නේ නෑ. උදාහරනයකට දෙරණ මාධ්‍ය ජාලා හිමිකරු දිලිත් ජයවීර විසින් ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනාවේ තමන් විසින්නැයි කියන විට එය බැරෑරැම් ලෙස සමාජයක් වශයෙන් අපි බාර ගත්තේ නෑ. යුරෝපය තුල මාධ්‍ය මගින් එසේ රාජ්‍ය නායකයින් ගොඩනගන්න බෑ. අපේ සිටින්නේ ජනතාවක් වන විට ඔවුන්ගේ සිටින්නේ පුරවැසියන් බව අපි මතක තබා ගත යුතුයි. පුරවැසියන් යනු පාලනය සදහා සෘජුව හවුල් වෙන්නන් පමනක් නොවෙයි. තමන්ව පාලනය කරනා පාලන තන්ත්‍රය බිහිකරන්නේ තමන් බව හොදින් දන්නන්. අනිත් පැත්තෙන් ඉන්දියානු අගමැතිවරයා සමග ලංකාවේ රුපවාහිනී නාලිකාවක් පවත්වන සාකච්ජාවක් අපිට ඉතා වැදගත් වුවත් සුඩානය වැනි අප්‍රිකානු රටක නායකයෙකු සමග පවත්වන සාකච්ජාවක් අපිට වැදගත් නෑ. ජර්මනියට වැදගත් කම අතින් බ්‍රිතාන්‍ය අගමැතිවරයා හා සමතැනක අපේ ජනාධිපතිවරයා නෑ.



 
ඉතින් රනිල් පොල් කඩන්නේ අපිට පේන්න මිසක් යුරෝපයට නෙමෙයි. යුරෝපීය අර්ථයෙන් එහි රාජත්‍රාන්තික සබඳතා වල අතරමැද දිලිත් ජයවීර කෙනෙකු හමුනොවෙන බව අපි දැනගත යුතුයි.

දේශපාලනය පිළිබඳව ලංකාවේ ඛන්ඩාංක වෙනස් කිරීමට සමත් වන්නේ අදහස් වලින් විනා ව්‍යාපෘති තුලින් නොවෙයි. බටහිර තෝරාගැනීම රනිල් නම් මේ මාධ්‍ය සාකච්ජාව හරහා අපේ රටේ ඇතිවී ඇති භූමිකම්පා තත්ත්වයට ඔවුන් හිනාවෙනවා ඇති.

ඒ විතරක් නෙමෙයි මේ 20/20 තරගයට වඩා රනිල්ට ටෙස්ට් මැච් එකක් ලැබුණත් මමනම් පුදුම වෙන්නේ නෑ. ලංකාව කියන දූපතට සියල්ල ආවේ වෙරළින් වන විට නායකයන් ගොඩනගන අදහස් එන්නේත් වෙරලින්ම තමයි. ඒකට පුංචි, පුංචි චූන් ඇති.

(carbonnews.lk)


සබැඳි ලිපි :
ජර්මන් මාධ්‍යවේදියා චැනල් 4 හා රනිල් - (මහාචාර්ය නලින් ද සිල්වා)

ජනපති සහ ජර්මනියේ Deutsche Welle සාකච්ඡාවේ සිංහල පරිවර්තනය මෙන්න 

දැන් කවුද ලිබරල්? - (එරන්ද ගිනිගේ)

ඇත්තටම 'හෙලාදැක්ක' උනත් තව ඉවසන්න තිබ්බ....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

රනිල් හරියට වෙනස් වෙලා.. - (චින්තන ධර්මදාස ගේ වීඩියෝවක්)

රනිල් ජර්මනියේ දී බටහිරට අභියෝග කරයි! - (සුවිශේෂ වීඩියෝවක්)





JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...