The Leader News
BREAKING
Top Ad
Opinion

රනිල් අත්අඩංගුවට ගත්තේ අනුරගේ උවමනාවකට නොවේ | එරන්ද ගිනිගේ

T

The Leader Desk

August 23, 2025 • 4:27 PM

රනිල් අත්අඩංගුවට ගත්තේ අනුරගේ උවමනාවකට නොවේ | එරන්ද ගිනිගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එය මෙරට ප්‍රජාතන්ත්‍රය ලද විශිෂ්ට ජයග්‍රහණයක් බව කියමින් සාලිය පීරිස් බාගෙට උදම් අනයි.
  • මේ වනාහි රනිල් ම සිද්ධ කර ගත් පාප කර්මයන්ට විපාක දීමක් යැයි කියමින් ඇතැමුන් සතුටු වේ.
  • ජූලි 9 වැනි දා රාත්‍රියේ ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාට පණිවිඩයක් ආවේ ය.
  • එයින් නියෝග කොට තිබුණේ ඉල්ලා අස්වීමට පෙර රනිල් වික්‍රමසිංහව අගමැති ධුරයෙන් ඉවත් කරන ලෙස ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එය මෙරට ප්‍රජාතන්ත්‍රය ලද විශිෂ්ට ජයග්‍රහණයක් බව කියමින් සාලිය පීරිස් බාගෙට උදම් අනයි. මේ වනාහි රනිල් ම සිද්ධ කර ගත් පාප කර්මයන්ට විපාක දීමක් යැයි කියමින් ඇතැමුන් සතුටු වේ. නමුත් සැබැවින්ම සිදු වූයේ කුමක්ද?

2022 ජූලි 9 වැනි දා රාත්‍රියේ ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාට පණිවිඩයක් ආවේ ය. එයින් නියෝග කොට තිබුණේ ඉල්ලා අස්වීමට පෙර රනිල් වික්‍රමසිංහව අගමැති ධුරයෙන් ඉවත් කරන ලෙස ය. ඔබ හිතන්නේ එම නියෝගය ආවේ කොහෙන් කියාද? එය පැමිණියේ ධනපතියන්ගේත් ධනපතියාගෙනි. ලෝකෙට ලොක්කාගෙනි. මාධව රුවන්පතිරණලා දේශපාලන අතදරුවන් ය.

xcgsdgg
ගෙවිඳු කුමාරතුංග කියූ ආකාරයට ගෝඨාභය ඇමරිකන් පදේට නැටුවේ නැත. රාජ්‍ය නායකයා ලෙස තමාට තිබිය යුතු ආරක්ෂාව තවදුරටත් නැති බව ඔහු නිශ්චිතව හඳුනා ගත්තේ පණිවිඩය ගෙනා පුද්ගලයා අනුව ය. රටින් පිටවීමට ඔහු තීරණය කරන්නේ එම මොහොතේ ය. මේ කථාව සම්පූර්ණයෙන් කීමට තව ම අවස්ථාව නොවේ. නමුත් රනිල් වික්‍රමසිංහගෙන් මේ වාඩුව ගත්තේ නාමල් බලන්නට නෙළුම් මාවතට ආ යක්දෙස්සිය බව සාලියගේ සාංකූලික බාග-උද්දාම හැඟවුම්කාරකයෙන් පමණක් වුවත් තේරුම් ගත හැකි ය.
xfgsewed
ශිරාල් ලක්තිලක ඇතුළු ඊනියා දකුණේ වාමාංශිකයන්ට මෙය කම්මුල් පහරකි. ඊනියා යහපාලන ඩොලර් පාපකර්මයේ විපාක දීමකි. නමුත් ඔවුන් තවමත් පාඩමක් ඉගෙන ගෙන නැත. ඔවුන් තවමත් පැද්දෙන්නේ ඇමරිකන් ඔන්චිල්ලාවේ ය. දීප්ති කුමාර යෝජනා කරන්නේ මටත් එහි එන්න කියා ය. මඤ්ඤන්ද කොල්ලෝ කිව්වලු.

dfhdfh
රනිල් අත්අඩංගුවට ගත්තේ අනුරගේ උවමනාවකට නොවේ. අනුරට ඒ තරම් හැකියාවක් නැත. අනුර යනු ඇමරිකන් රූකඩයකි. අනුර පමණක් නොවේ, පශ්චාත් අරගල ලංකාව ම නැටවෙන්නේ ඇමරිකන් පදේට ය. නව දේශපාලන ව්‍යාපාරය හැදිය යුත්තේ දේශප්‍රේමී සිංහල බලවේගයක් ලෙසිනි. ධර්මය අපට මග වේවා!

මේවා ඇතුළු තවත් බොහෝ අත්දැකීම් මත ලියැවුණු “අවතරණය” නවකථාව අද ම සරසවි පොත් මැදුරකින් මිලදී ගන්න. ලෝකයේ ඕනෑම තැනකට ගෙන්වා ගැනීමට sarasavi වෙබ් අඩවියට පිවිසෙන්න. දේශපාලනය විනිවිද යන ජීවිත කථා ගොඩක් එහි තිබෙනවා.

eranda. ginige(සටහන |එරන්ද ගිනිගේ)
BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.

සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක

උපුටා ගැනීම : ගිනිහුළ
2025 අගෝස්තු 23
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...