The Leader News
BREAKING
Top Ad
Opinion

රූබිකෝන් සොමියයි... මංගල නැතුව හතරයි

T

The Leader Desk

August 24, 2025 • 4:28 AM

රූබිකෝන් සොමියයි... මංගල නැතුව හතරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රනිල් ගැන මංගල කිව්වෙ, අපිට මගහැරුණු විශිෂ්ටතම ජනපති කියල.
  • තුලන සංවරණ ක්‍රම මත පැවතුනු, උමතු බලයකට ඉඩ නොතැබෙන ලෙස සැකසුනු, ශිෂ්ට සීමා බිඳ හෙලන එක.
  • ඒ තමයි ගෝඨාභය පලවාහැරීමෙන් ඇතිවන අවකාශය ඒකාධිපතිවාදයකට පහසුවෙන් ගොදුර‍ැ විය හැකියි කියන එක.
  • මංගල ඒ අනතුර දැක්කෙ ජාතිකවාදය පැත්තෙන්.
අකුරු ප්‍රමාණය (Font Size):

 

රනිල් ගැන මංගල කිව්වෙ, අපිට මගහැරුණු විශිෂ්ටතම ජනපති කියල. මංගල හිටියා නම්, රනිල් වෙනුවෙන් පෙරමුනේ හිටගන්නවා නිසැකයි. මේක ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි දරුණු ප්‍රහාරයක් විදිහට බාරගන්නවා නියතයි.

Screenshot 20250823 103718 X
අනුර දිසානායකගේ රනිල්ට එරෙහි ක්‍රියාව බොහෝ දෙනෙක් රූබිකෝන් තරණයක් හැටියට අර්තගන්වලා  තිබුන. ඒ ගැන උද්දාමයට පත් බිමල් රත්නායක ඒ කතා ආඩම්බරෙන් ෂෙයාර් කරගෙනත් තිබුන. ඒක දකින කෙනෙකුට හිතෙන්නෙ මේ නම් රූබිකෝන් තරණය යනු කුමක්ද කියල ගූගල් කරලා බලන්නවත් දැනුමක් නැති ඇමැත්තෙක් කියන එක. හැබැයි මතක තියාගන්න, බිමල් කියන්නෙ නිදහස් අධ්‍යාපනයේ විශ්ව විද්‍යාල උගතෙක්.

 

WhatsApp Image 2025 08 24 at 10.05.15 AM

රූබිකෝන් තරණය කියන්නෙ නිර්භීතභාවය පිළිබඳ උත්කර්ෂවත් යෙදුමක් නෙමෙයි. ඒක තමයි මතුපිට සොමිය. නමුත් සීසර් විසින් රූබිකෝන් තරණය කිරීමෙන් සිද්ද වුනේ රෝමයේ  ප්‍රජාතන්ත්‍රවාදය අවසන් කරමින් ඒකාධිපතිවාදය කරා ගමන් කරන එක. තුලන සංවරණ ක්‍රම මත පැවතුනු, උමතු බලයකට ඉඩ නොතැබෙන ලෙස සැකසුනු, ශිෂ්ට සීමා බිඳ හෙලන එක. නැවත හැරවිය නොහැකි විදිහට පුරවැසි අවකාශය තුලට අධිපති බලය රැගෙන ආපු එක. රූබිකෝන් තරණය කියන්නෙ ජනරජයක (ව්‍යවස්ථාපිත බලයේ) අවසානය සළකුනු කරමින් අධිරාජ්‍යයක බිහිවීම සළකුණු කරන අවාසනාවන්ත සිදුවීමක්.

බිමල් උද්දාමයට පත්වෙන්නෙ ඒකට. මංගල හිටියා නම්  සංත්‍රාසයට පත්වෙන සිදුවීමකට.

 

Mangalogy : මංගල යෝජනා කළ ජීවිතය
මංගල මරණයට පෙර දැකපු  භයංකර සිහිනයක් තිබුන. ඒ තමයි ගෝඨාභය පලවාහැරීමෙන් ඇතිවන අවකාශය ඒකාධිපතිවාදයකට පහසුවෙන් ගොදුර‍ැ විය හැකියි කියන එක. මංගල ඒ අනතුර දැක්කෙ ජාතිකවාදය පැත්තෙන්. රනිල් වගේම වම විශ්වාස කරන දුර්වලතාවය මංගලගෙත් තිබුන. ඒත් ඒකාධීපතිවාදයේ අඳුරු සෙවනැලි වැටෙමින් තියෙන්නෙ කවුරුවත් බලාපොරොත්තු නොවූ විදිහට  වමේ දිශාවෙන්.

මංගල හිටියා නම්,
නීතිය දඩමීමා කරගනිමින් දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කිරීමට එරෙහි වෙන එක අනිවාර්යයක්. එවන් ‍‍උත්සාහයන් පරාජය කිරීමට පවතින හැම සම්බන්ධතාවයක්ම යොදාගනිමින් පෙරමුණු ගොඩනැගීමයි මංගලගේ දේශපාලනය. ඒ වෙනුවෙන් ඇරඹෙන ලිබරල් අරගලයේ ඉස්සරහින්ම ඉන්න  තිබුනෙ මංගල.

මංගලගෙ ව්‍යාපෘතිය තිබුනෙ ශිෂ්ටත්වයේ දිශාවට. අශිෂ්ටත්වයට එරෙහිව. එකිනෙකාට ගරු කරන සමාජයක් වෙනුවෙන්. එකිනෙකාට වෛර කරන, එකිනෙකාගෙන් පලිගන්නා සමාජයක් පිටුදකින දුෂ්කර වෑයමක් ඒක.

සියලු සත්වයෝ නිදුක් වෙත්වා,
නිරෝගී වෙත්වා,
සුවපත් වෙත්වා.. ඕක තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය. ඒකයි මංගලගෙ අර්ථකතනය.
තමන්ට ඉහළ සියලු පාංතිකයෝ දුකට පත්වෙත්වා, සිරගත වෙත්වා කියන වෛරයයි මාලිමා සංස්කෘතිය.

 

The Leader | We Lead the Nation
අවුරුදු 40 ක් වැටුපක් නොගෙන, තමන්  ජීවත් වෙන නිවසත් ඉගෙන ගත්ත පාසලට දීපු මිනිහෙකුට හොරා කියලා චෝදනා කරන නරුමකම ඉදිරියේ මංගල නිසැකවම නිහඩව නොසිටිනු ඇත.

මංගල නික්ම ගිහින් අවුරුදු හතරක් ගත වෙද්දි ලංකාවෙ දේශපාලන බිමෙහි නිශ්චිතව ශිෂ්ටත්වයේ සහ අශිෂ්ටත්වයේ සීමාවන් සළකුනු වෙලා තියෙනවා. ඒ අශිෂ්ට, හීනමාන, ග්‍රාම්‍ය සංස්කෘතියට එරෙහිව ලිබරල් අරගලය ආරම්භ වෙන මංගල ලකුණු පහල වෙලා තියෙනවා.

රනිල් ඉන්නෙ ඇතුලෙ. හැබැයි මංගල ඉන්නෙ එලියෙ.


හරි මචං එළ කියනවට වඩා අපි මොකුත් කියන්නේ නැ - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...