The Leader News
BREAKING
Top Ad
Opinion

රනිල් අත්අඩංගුවට පත්වීම හා හොරකමට එරෙහි සටන! | ගෙවිඳු කුමාරතුංග

T

The Leader Desk

August 31, 2025 • 3:30 AM

රනිල් අත්අඩංගුවට පත්වීම හා හොරකමට එරෙහි සටන! | ගෙවිඳු කුමාරතුංග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රනිල් ගේ එංගලන්ත සංචාරය ගැන පැන නඟින ප්‍රශ්න: "තමන් ගේ පෞද්ගලික මුදලින් කන්න බොන්න ඕනේ ද?" නැතුව!
  • ඔහු කාර්යාලිය කටයුතු සඳහා දී ඇති පෑනක් අරං ගියොත් හොරකමක්.
  • දැන් මට පෙනෙන ආකාරයට රනිල් ගේ එංගලන්ත සංචාරය: ආරාධනා පත්‍රයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ය යි ලියා ඇත වැනි විහිලු කියන්න එපා.
  • රාජකාරී ගමනක අතරමැදි නැවතුමක් ලෙස බ්‍රිතාන්‍යයට ගිය බැවින් මේ විමර්ශනයේ දී ගුවන් ගමන් වියදම් කිසිවක් නොසැලකූ බව (රනිල් ගේ මෙන් ම ඔහු හා ගිය නිලධාරීන් ගේ හා ආරක්ෂක නිලධාරීන් ගේ) පොලිසිය කියයි.
අකුරු ප්‍රමාණය (Font Size):


රනිල් ගේ එංගලන්ත සංචාරය ගැන පැන නඟින ප්‍රශ්න:

"තමන් ගේ පෞද්ගලික මුදලින් කන්න බොන්න ඕනේ ද?"

නැතුව!

මට නම් හිතෙන්නේ පෞද්ගලික මුදල් හා රජයේ මුදල් යන්න පටලවාගෙන.

 

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන කඹ ඇදිල්ලක් !

දැන් අපි මහජන නියෝජිතයෙක් (මන්ත්‍රීයෙක්) සලකමු. ගෙදර කෑම කන්නේ ආණ්ඩුවේ වියදමින් ද? නෑ!

ඉන්න ආරක්ෂකයන්ට ආණ්ඩුවේ වියදමින් කන්න දෙන්න පුළුවන් ද? බෑ!

ගෙදර නෙවේ, පාර්ලිමේන්තුවේ? ඒත් තමන් කන දේට බිල් අස්සන් කරන්න ඕනේ. ඒ ඒ මාසේ කාපු බිල්වල එකතුව පඩියෙන් අඩු කරනවා.

ඒ වගේ ම ආරක්ෂකයන්. ඔවුන්ට පාර්ලිමේන්තුවේ වෙන ම කැන්ටිමක් තියෙනවා. ඔවුන්ට අවශ්‍ය නම් ඒ බත් එකක් මිල දී ගෙන කන්න පුළුවන්.

දැන් මහජන නියෝජිතයා අනුරාධපුරයේ අම්මා බලන්න ගියොත්. ඉතින් අනුරාධපුර හෝටලයකින් කාලා ආරක්ෂකයන්ටත් කන්න දෙන්න පුලුවන්. හැබැයි තමන් ගේ වියදමින්. ඒ බිල ආණ්ඩුවෙන් අය කරගැනීමට බෑ; අය කරගත්තොත් වැරැදි යි.

දැන් සමහරු ටපලවා ගන්නවා මන්ත්‍රී ගේ පඩියෙන් ගෙවා කන කොට, නැතිනම් ගෙවන කොට ඒ ආණ්ඩුවේ සල්ලි නෙවේ ද කියලා. නෑ, ඒ ආණ්ඩුවෙන් ඔහුට නිත්‍යානුකූලව ලබාදෙන ප්‍රතිපාදනවල සල්ලි.

සරල උදාහරණයක්:

ආණ්ඩුව රාජ්‍ය සේවයට කරන්න හදන්නේ ඔපරේෂන් එකක් ද? එම්බාම් එකක් ද? | රේණුකා  දමයන්ති
දැන් රජයේ සේවකයෙක් ගේ දරුවෙක් තාත්තා, අද එනකොට මට පෑනක් ගෙන්න කියනවා. ඔහු කාර්යාලිය කටයුතු සඳහා දී ඇති පෑනක් අරං ගියොත් හොරකමක්. ගෙදර යන ගමන් ආණ්ඩුවෙන් තමන්ට දුන් වැටුපෙන් පෑනක් අරන් ගියොත් ආදර්ශවත් පුරවැසියෙක්.

දැන් මට පෙනෙන ආකාරයට රනිල් ගේ එංගලන්ත සංචාරය:

▪️ආරාධනා පත්‍රයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ය යි ලියා ඇත වැනි විහිලු කියන්න එපා. 'මහාචාර්ය' යන්න අධ්‍යාපන සුදුසුකමක් නොව, විශ්වවිද්‍යාලයක තනතුරක්. ඉතින් මගුල් ගෙදරකට මහාචාර්ය xxxxx ය යි ආරාධනා කළ පළියට රැගෙන යන තෑග්ගේ බිල විශ්වවිද්‍යාල අරමුදල්වලින් ගෙවිය හැකි ද?

▪️රාජකාරී ගමනක අතරමැදි නැවතුමක් ලෙස බ්‍රිතාන්‍යයට ගිය බැවින් මේ විමර්ශනයේ දී ගුවන් ගමන් වියදම් කිසිවක් නොසැලකූ බව (රනිල් ගේ මෙන් ම ඔහු හා ගිය නිලධාරීන් ගේ හා ආරක්ෂක නිලධාරීන් ගේ) පොලිසිය කියයි.

▪️විමර්ශන ඒ පෞද්ගලික ය යි ප්‍රකාශිත සංචාරයේ කෑම, නවාතැන් හා ඒ රට තුළ ගමනාගමන වියදම්. සංචාරය පුද්ගලික නම්, ඒ වියදම් (ආරක්ෂකයන් ගේ වියදම් ඇතුළු ව), රනිල් දැරිය යුතු යි. ඒ කියන්නේ ඔහු ගේ වැටුපෙන්, දිමනාවලින් නැතිනම් තමන් ගේ පෞද්ගලික වත්කම්වලින්.


මේ මගේ  වැටහීම; වරදක් ඇතොත් නිවැරැදි කරන්න.

අවසාන වශයෙන් නඩු පැවරීමට පෙර, පෞද්ගලික සංචාරයේ මුදල ගෙවන ලෙස රනිල් ගෙන් ඉල්ලීමට තිබූ ඛවට ඉදිරිපත් වී ඇති අදහස. සහතික ඇත්ත. ඒත්, ඒත්, උද්ධච්ච රනිල් බලය ඇතිවිට අනුන් සම්බන්ධයෙන් කටයුතු කළේ එහෙම ද?

×    ×    ×    ×    ×    ×

දැන් රට ආර්ථික අර්බුදයෙන් ගොඩ දැම්ම රනිල්ට මෙහෙම කරන එක හරි ද ය යි ඇහෙනවා!

ඇත්ත ද? රනිල් ආර්ථික අර්බුදයෙන් රට ගොඩදැම්මා ද?

රනිල් ඉදිරියේ දණ ගැසීමට රාජපක්ෂලාට ඇත්තේ තව කොච්චර දුරක්ද?- රටේ රාළ
මොන බොරු ද?

ලංකාව බංකොලොත් කළේ ම රනිල්.

2005 රනිල්, මහින්දට රට බාරදෙන විට, දල දේශීය නිෂ්පාදිතයට ණය ප්‍රතිශතය ඉතිහාසයේ පළමු වතාවට සීය ඉක්මවා තිබුණේ. සුනාමි උවදුරින් විනාශ වූ රටක්, ත්‍රස්තවාදයට මුහුණ දෙමින් මහින්ද මහතා රට බංකොලොත් නොකර ගොඩදැම්මා. එ තුමා 2015 පරාජය වෙන කොට මේ ප්‍රතිශතය සීයට හැත්තෑ ගණනකට පහළට ගෙනත් තිබුණේ. ආයෙත් යහපාලන රජය, ඒ කියන්නේ රනිල්, මේ ප්‍රතිශතය සීයට අනූගාණකට ගෙනාවා. 2015-19 අතර කාලයේ දී මෙලෝ සංවර්ධනයක් නැතිව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය අසීමාන්තික ගත්තා. ඒ නිසා රට බංකොලොත් කළේ රනිල් ම තමයි.

ඒ වගේ ම යි පරගලය. ආශු මාරසිංහ පැහැදිලි ව කිව්වානේ, කොහොමද එයාලා පරගලය පෝෂණය කළේ කියලා. ඉතින් පරගලය පත්තු කරලා, ඒ මඟින් රජ වෙලා, පරගලය නැවැත්තුවා.

සරල යි!

දැන් ගෝඨාභය/පොහොට්ටුවෝ අගමැතිකම / අනුප්‍රාප්තික ජනාධිපතිකම ඩලස්ට නොදී රනිල්ට දීම. රට වෙනුවෙන් ද?

පිස්සු ද?

ඒ රාජපක්ෂලාට පොහොට්ටුව ඉතිරි කරගැනීමට මිස, වෙන මොකට ද? අනුප්‍රාප්තික ජනාධිපතිකමට සජිත්, අනුර, රනිල් ආදි ලෙස පොහොට්ටුවෙන් පරිබාහිර දේශපාලනඥයන් ව ම සලකා බැලෙන්නේ ම ඒ නිසා යි.

×    ×    ×    ×    ×    ×

saliya p
"රුබිකෝන් නදිය තරණය කොට ආපසු නොහැරුනු ඡුලියස් සීසර් සිවිල් යුද්ධය ඡය ගෙන රෝම අධිරාඡ්‍යයා ලෙස අභිෂේක ලැබූ බව සැබැයි. නමුත් සීසර්ට බලයේ සිටීමට ඔහුගේම සමීපතමයින් ඉඩ දුන්නේ අවුරුදු 5ක් පමනයි. කුමන්ත්‍රණය ආවේ ඇතුලෙන්මයි.

"අනුරගේ රඡය යටතේ රනිල් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීම සාලිය පීරිස් සීසර් රුබිකෝන් නදිය තරණය කිරීම හා සංසන්දනය කිරීම මට නම් ප්‍රහේලිකාවක්. මොකද එලෙස රෝම අධිරාඡ්‍යයා ලෙස බලය ලබා ගත් සීසර්ට අවසානයේදී අත්වූ ඛේදනීය ඉරණම සාලිය පීරිස් නොදන්නවා යැයි සිතීමට අපහසුය."

මේ අපේ සරසවි සාමූහිකයක පළ වූ අදහසක්.

ඇත්ත ද? සීසර් ගේ සිද්ධිය මීට සංකීර්ණ යි...

කැරැල්ල මැඬපවත්වන සීසර් තමන් විසින් ම තමන්ව අධිරාජ්‍යයා බවට පත් කරගන්නවා. මෙය රෝමය ගොඩනැඟූ සෙනට් සභිකයන් ගේ සාමූහික පාලනයට පටහැනී. ඔවුන් සීසර්ව නැවතීමට තීරණය කරන්නේ ඒ නිසා. ප්‍රතිපත්තිගරුක වීම පිළිබඳ රෝම සෙනට් සභිකයන් අතර වඩාත් ම ප්‍රචලිත චරිතය වූ සීසර් ගේ මිතුරු බෲටස් ද මේ ඝාතනයට දායක වන්නේ ඒ නිසා.

බෲටස් ද තමාට එරෙහි බව දකින සීසර් ගේ "බෲටස් ඔබත්?" සුප්‍රකට පැනය සාමාන්‍යයෙන් විවරණය වන්නේ විශ්වාසවන්ත මිත්‍රයකු ගේ ද්‍රෝහීත්වය ප්‍රශ්න කරන්නක් ලෙස. ඒත් ඒ ප්‍රශ්නයේ ඊට ගැඹුරක් තියෙනවා. බෲටස් පවා මට එරෙහි ව අවිගන්නවා නම්, "මට වැරැදුණා ද?" යන වික්ෂිප්තභාවයත් එහි තිබෙනවා!

බ්‍රිතාන්‍ය සංචාරයේ දී හිතා-මතා හෝ නැති ව හෝ රනිල් අතින් මුදල් අවභාවිතා  කෙරී ඇති බව මගේ වැටහීම යි. ඒ නිසා, රනිල්ට එරෙහි ව ගත් ක්‍රියාමාර්ග නිසා ම, අනුර ගේ ආණ්ඩුව ඒකාධිපතිත්වයට ගියා ය යි කිව නොහැකි යි.

ඒත් මේ ගත් පියවර යුක්තිය ඉටු කිරීමේ මාවත වෙනුවට, ඒකාධිපතිත්වයේ මාවත වීමේ විශාල අවකාශයක් පවතී. විශේෂයෙන් ජාතික ජන බලවේගයේ තම සගයන්ට එරෙහි ව නැඟෙන දූෂණ චෝදනා සම්බන්ධයෙන් ද මෙ ලෙස ම ක්‍රියාත්මක නොවන තාක් මෙය දූෂණ විරෝධී ගමනක යෝධ පියවරක් වෙනවා වෙනුවට, ඒකාධිපතිත්වය දෙසට තැබූ යෝට පියවරක් වීමේ සම්භාවිතාව පවති.

එය එ සේ නොවේ වා!

gevindu kumaratunga(ගෙවිඳු කුමාරතුංග)
යුතුකම සංවාද කවය
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
gevinducumaratunga@gmail.com

(උපුටා ගැනීම - Gevindu Cumaratunga ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රනිල් අත්අඩංගුවට පත්වීම හා හොරකමට එරෙහි සටන! | ගෙවිඳු කුමාරතුංග | The Leader