The Leader News
BREAKING
Top Ad
Opinion

එක්කෝ රනිල්ය. නැතිනම්, අනුරට රනිල් නොවන වෙනත් සාරයක් තිබිය යුතුය | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

August 31, 2025 • 7:03 AM

එක්කෝ රනිල්ය. නැතිනම්, අනුරට රනිල් නොවන වෙනත් සාරයක් තිබිය යුතුය | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම ජවනිකාව එවැනි පිරිස් වීරයන් ලෙස සලකන ප්‍රජාව අතර ප්‍රචලිත වන්නේ මෙතන සිටින බුකි ඩෝබිලා සිතන ආකාරයට නොවන බව තේරුම් ගැනීමට පොලිස්පතිවරයාට නොහැකි වීමෙන් ඔහුගේ පරිණතභාවය පිළිබඳ සිතාගත හැකිය.
  • ලංකාවේ පවතින තත්වය තුළ මෙවැනි කබ්බන් කෙටි කලකින් ෆෝම් වී වේගවත්, අධි අවදානම් ගමනක් ගොස්, ඇතැම් විට ආයුධ පෙන්නන්නට පවා යාම හෝ වෙනත් පාතාල කණ්ඩායමක් අතින් අවසන් ගමන් යාම අතිශය සුලබ තත්වයකි.
  • මාලිමාව ආණ්ඩුවක් පිහිටෙව්වාය කියා උදම් වී සිටින අයට මේවා මහා දේ ලෙස පෙනෙන්නට පුළුවන.
  • එහෙත්, ඇපල් අයි ෆෝන් සන්නාමය තුළ වෙනත් දෙයක් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


එම ජවනිකාව එවැනි පිරිස් වීරයන් ලෙස සලකන ප්‍රජාව අතර ප්‍රචලිත වන්නේ මෙතන සිටින බුකි ඩෝබිලා සිතන ආකාරයට නොවන බව තේරුම් ගැනීමට පොලිස්පතිවරයාට නොහැකි වීමෙන් ඔහුගේ පරිණතභාවය පිළිබඳ සිතාගත හැකිය.

 



ලංකාවේ පවතින තත්වය තුළ මෙවැනි කබ්බන් කෙටි කලකින් ෆෝම් වී වේගවත්, අධි අවදානම් ගමනක් ගොස්, ඇතැම් විට ආයුධ පෙන්නන්නට පවා යාම හෝ වෙනත් පාතාල කණ්ඩායමක් අතින් අවසන් ගමන් යාම අතිශය සුලබ තත්වයකි. ඊයේ ලංකාවට ගෙන ආ පාතාල නායකයන්ගේ ඉතිහාසය බලන්න. එය ඉතා කෙටි එකකි.

මෙවැනි ඊනියා වීරයන් ඊයේ, අද මෙන්ම හෙට ද බිහි වී උල්කාපාත මෙන් පෙනී නොපෙනී යන එක සාමාන්‍ය තත්වයකි. මාලිමාව ආණ්ඩුවක් පිහිටෙව්වාය කියා උදම් වී සිටින අයට මේවා මහා දේ ලෙස පෙනෙන්නට පුළුවන. ආණ්ඩුකරණයට කිසිදු සහායක් නොදී කඩාකප්පල්කාරීත්වයම ප්‍රවර්ධනය කරමින් සිටීම එයට හේතුවයි.

padme
මෙවැනි අපරාධකරුවන් බිහිවන්නට හේතු හරි හැටි අධ්‍යයනය නොකර මේවාට තිරසර විසඳුම් ලබාදිය නොහැකිය. තිරසර විසඳුම් පවා ක්ෂණික නැත. දීර්ඝකාලීනය.

බලයේ සිටින ජනතා විමුක්ති පෙරමුණ තරුණ ජීවිත බිලිදෙමින් ප්‍රවර්ධනය කළ සමාජවාදයේ සුළඟක් හෝ තවම ඔවුන් ළඟ තිබේ නම්, ඔවුන් විසින් පාරිභෝජනවාදය ගැන ගැඹුරින් සලකා බැලිය යුතුව තිබේ.

ධනේශ්වර සංවර්ධනය රඳා පවතින්නේම පාරිභෝජනවාදය මතය. සරල උදාහරණයකින් පැහැදිලි කරන්නේ නම්, ඇපල් අයි ෆෝන් එකකින් කළ හැකි සෑම දෙයක්ම පාහේ එහි මිලෙන් දහයෙන් පංගුවක් තරම් වන ජංගම දුරකථනයකින් ද කළ හැකිය. එහෙත්, ඇපල් අයි ෆෝන් සන්නාමය තුළ වෙනත් දෙයක් ඇත. ඒ පාරිභෝජනවාදයයි. සන්නාම භාවිතය තුළින් ජීවිතයට ගොඩනගාගන්නට හදන අනන්‍යතාව එහි ඇත. එය නරක දෙයක් නොවේ. එය සාමාන්‍ය පාරිභෝජනය ඉක්මවා ගිය තත්වයකි. එහෙත්, ගැටලුව ඇත්තේ එම තත්වය අත්පත් කරගැනීම සඳහා කළ යුතු ගෙදර වැඩ තුළයි.

පාරිභෝජනවාදය විසින් අසීමිත ආශා නිර්මාණය කරයි. එහෙත්, ඒවා පූර්ණ කරගැනීම පහසු නැත. ඒ වෙනුවෙන් අසීමිත වෙහෙසක් දැරීමට සිදු වේ. නැතිනම්, තමන්ට පෙර පරම්පරා හෝ ඒ අසීමිත වෙහෙස දරා තිබිය යුතුය.

එවැනි වෙහෙසක් යනු ජීවිත කාලයයි. තමන්ගේ ජීවිතයේ හොඳ කාලය තුළ ආශාවන් සංතෘප්ත කරගැනීමට නම්, පට් පට් ගාලා සම්තිං සෙවිය යුතුය. සාධාරණ ක්‍රමවලින් එය පහසු නැත. ව්‍යවසායකත්වයට අවශ්‍ය ප්‍රාග්ධනය, භූමිය, ශ්‍රමය වැනි සාධක සපුරා ගැනීම ලංකාවේ පහසු නැත. ඇති අවදානම ද අධිකය.

ලක්‍ෂයක් අල්ලස් ගත් ඉඩම් නිලධාරියා වසර 22ක් හිරේට
නීති විරෝධී ක්‍රියා වන අල්ලස්, දූෂණ, කොමිස් ජාවාරම්, මිනිස් ජාවාරම්, හොර මත්පැන්, මත්ද්‍රව්‍ය, කුලියට මිනීමැරීම වැනි දේ තුළ ද අධික අවදානමක් තිබේ. එහෙත්, ප්‍රතිලාභ ඉහළය. වේගවත්ය. අවදානම නොතකා එය වෙත යොමු වන්නේ ඒ නිසාය.

මත්ද්‍රව්‍ය හා අපරාධ වැනි ‘ව්‍යවසායන්’ තුළ ඇති අවදානම විසින් ඒ හා සම්බන්ධ සංස්කෘතියක් ද නිර්මාණය කර තිබේ. මරණය එහි සාමාන්‍ය තත්වයකි. සිර ජීවනය එක්තරා අන්දමක බෝනස් එකකි. එම ජාවාරම් ගොඩනැගෙන්නේම අපරාධ තිරනිතර හෙවත් පර්පෙචුවේට් කිරීමේ පසුබිමක් තුළය.

මෙයට විසඳුම් සෙවීම සඳහා මුලින්ම ඇල්ලිය යුත්තේ පාරිභෝජනවාදී නිලයයි. ඒ සඳහා බලයේ සිටින, නොසිටින දේශපාලන පක්ෂ, කණ්ඩායම්වලට දැක්මක් තිබිය යුතුය. ජාතික ජන බලවේගයේ ප්‍රධාන ගැටලුව ඒ පිළිබඳ දැක්මක් නැතිකමයි. නැතිනම්, ඔවුන්ට ඇත්තෙන්ම වඩා හොඳ අවස්ථාවක් තිබිණි. දැන් එය ගිලිහී යමින් තිබේ. ඔවුන් ද කරන්නේ ධනේශ්වර පාරිභෝජනවාදය ප්‍රවර්ධනය කිරීමයි. මාලිමා ඇමතිවරුන්ගේ ටයිකෝට් පිස්සුවේ සිට බීවයිඩී උන්මාදය දක්වා සලකුණු වන්නේ එයයි.

රනිල්ගේ වේගවත් ධනේශ්වර ආර්ථික සංවර්ධන අපේක්ෂාව පරාජය වීම පිළිබඳ මෙම සටහන තබන මා තුළ ඇත්තේ කිසියම් කැමැත්තකි. එයට හේතුව, එවැනි සංවර්ධන අපේක්ෂාවක් දරාගැනීමට තරම් ලංකාවේ පරිසරයට, ජන සමාජයට හැකියාවක් නැත. අප වනාහි වේගයෙන් වියපත් වෙමින් සිටින, ජනගහන වර්ධනය පවා අඩු රටකි. ගෝලීය උණුසුම ඉහළ යාමේ අවදානම් රැසකට ද මුහුණ දීමට ඝර්ම කලාපීය රටක් වන අපට සිදු වී තිබේ.

එහෙව් අල්ලපනල්ලක සංවර්ධිත රටක් වෙන්නට සිහින දකිනවාට වඩා ඉතිහාසය තුළ සිසිර නිද්‍රාවක ගිලීම වාසිදායක විය හැකිය. එහෙත්, ජාතික ජන බලවේග ආණ්ඩුව කරන්නේ ද කිසිදු ගැඹුරු කල්පනා කිරීමකින් තොරව රනිල්ගේ ධනේශ්වර සංවර්ධන වැඩසටහනේ විශේෂයෙන්ම පාරිභෝජනවාදී අංශය කරතබාගෙන වන්දනාවේ යාමයි.

එක්කෝ රනිල්ය. නැතිනම්, අනුරට රනිල් නොවන වෙනත් සාරයක් තිබිය යුතු බව අප කියන්නේ ඒ නිසාය. ඔබට වෙනත් සාරයක් ගොඩනගාගැනීමට බැරි නම්, පූර්ණව රනිල් වන්න.

පාසල්වලට බස් බෙදීම සම්පත් නාස්තියක් - (අජිත් පැරකුම් ජයසිංහ)(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...