The Leader News
BREAKING
Top Ad
Opinion

ජී.එල්. අල්ලස් කොමිසමට කැඳවූයේ මහින්ද කොටුකරන්නද?

Awara

Awara

October 22, 2026 • 5:16 PM

ජී.එල්. අල්ලස් කොමිසමට කැඳවූයේ මහින්ද කොටුකරන්නද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෑතකදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ගොස් සැහැල්ලුවෙන් පිටතට ආ එකම පුද්ගලයා හිටපු විදේශ අමාත්‍යවරයෙකු වූ මහාචාර්ය ජී.එල්.
  • පීරිස් පැවසුවේ එකල තමන් විදේශ ඇමැතිවරයා බවත්, අන්තර්ජාතිකව ප්‍රසිද්ධ ෂැංග්‍රිලා හෝටල් ජාලයේ නියෝජිතයන් ශ්‍රී ලංකාවේ හෝටලයක් පිහිටුවීමේ අවස්ථාව පිළිබඳව විමසා බැලීමට උනන්දුවක් දැක්වූ අතර ඒ සඳහා ඔවුන් යෝජනා කළ සංචාරය පිළිබඳව රජයේ ප්‍රතිචාර විමසා සිටි බවය.
  • එම තීරණය ඉහළ මට්ටමේ අනුමැතියක් අවශ්‍ය වන එකක් නිසා අදාළ කරුණ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත තමන් යොමු කළ බව ඔහු පැවසුවේය.
  • මහින්ද රාජපක්ෂ එම යෝජනාව සාදරයෙන් පිළිගෙන, යුද්ධය අවසන් වීමෙන් පසු රට තුළ ඇති වූ යහපත් ආරක්ෂිත පරිසරය පෙන්වා දෙමින් අදාළ ආයෝජකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට දිරිගන්වන ලෙස තමන්ට උපදෙස් දුන් බවද ඔහු පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

මෑතකදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ගොස් සැහැල්ලුවෙන් පිටතට ආ එකම පුද්ගලයා හිටපු විදේශ අමාත්‍යවරයෙකු වූ මහාචාර්ය ජී.එල්. පීරිස් විය යුතුය.

අල්ලස් කොමිසම වෙත ඔහුව කැඳවා තිබුණේ ෂැංග්‍රිලා ආයෝජනය සිදු වූ පසුබිම සහ එකල රජයේ මැදිහත්වීම පිළිබඳ තොරතුරු ලබා ගැනීමටය. ඒ පිළිබඳ කොමිසමට කළ කරුණු මාධ්‍ය හමුවේ හෙළිදරව් කළ ජී.එල්. පීරිස් පැවසුවේ එකල තමන් විදේශ ඇමැතිවරයා බවත්, අන්තර්ජාතිකව ප්‍රසිද්ධ ෂැංග්‍රිලා හෝටල් ජාලයේ නියෝජිතයන් ශ්‍රී ලංකාවේ හෝටලයක් පිහිටුවීමේ අවස්ථාව පිළිබඳව විමසා බැලීමට උනන්දුවක් දැක්වූ අතර ඒ සඳහා ඔවුන් යෝජනා කළ සංචාරය පිළිබඳව රජයේ ප්‍රතිචාර විමසා සිටි බවය.

එම තීරණය ඉහළ මට්ටමේ අනුමැතියක් අවශ්‍ය වන එකක් නිසා අදාළ කරුණ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත තමන් යොමු කළ බව ඔහු පැවසුවේය. මහින්ද රාජපක්ෂ එම යෝජනාව සාදරයෙන් පිළිගෙන, යුද්ධය අවසන් වීමෙන් පසු රට තුළ ඇති වූ යහපත් ආරක්ෂිත පරිසරය පෙන්වා දෙමින් අදාළ ආයෝජකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට දිරිගන්වන ලෙස තමන්ට උපදෙස් දුන් බවද ඔහු පැවසීය.

මේ සිදුවීම දෙස බලන කල සරලවම වැටහෙන කරුණ නම් ගොනා හැරෙන්නේ පොල් පැළය කන්නට බවය.

ඩොලර් මිලියන පහේ අල්ලස් චෝදනාව

ගාලු මුවදොර යුද හමුදා මූලස්ථානය සතු ඉඩම ෂැංග්‍රිලා හෝටල් ජාලය වෙත පැවරීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන පහක (එකල රුපියල් කෝටි සියයකට අධික) අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු කිහිපදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පුළුල් පරීක්ෂණයක් සිදු කරමින් සිටී.

ජී.එල්. පීරිස් කැඳවා ෂැංග්‍රිලා ව්‍යාපෘතිය ගැන ප්‍රශ්න කරනුයේ ඉහත පරීක්‍ෂණයට අවශ්‍ය කරුණු තහවුරු කර ගැනීමට බව ඉතාම පැහැදිලිය.

සිවිල් සංවිධාන විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලට, මීට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) මඟින් රැස්කර තිබූ සාක්ෂි ගොනු පදනම් කර ගනිමින් මෙම පරීක්ෂණය ක්‍රියාත්මක බව පැවසේ.

සජින් සහ සිංගප්පූරු සාක්ෂිය

මෙම පරීක්ෂණයේදී ප්‍රබල සාක්ෂි ලෙස රාජපක්ෂ පාලන සමයේ විදේශ කටයුතු පිළිබඳ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළ සජින් ද වාස් ගුණවර්ධන විසින් සිදු කරන ලද ප්‍රකාශ සහ සිංගප්පූරුවේ TPL Inter සමාගමේ හිමිකරු චිදම්බරම් නැමැති ව්‍යාපාරිකයා විසින් එවකට යහපාලන ආණ්ඩු කාලයේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලබා දුන් දිවුරුම් ප්‍රකාශයක් පදනම් කරගෙන සිදුවන බව සඳහන්ය.

චිදම්බරම්ගේ දිවුරුම් ප්‍රකාශය එවකට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර ඇතුළු විමර්ශන කණ්ඩායමක් සිංගප්පූරුවට ගොස් ලබාගෙන තිබුණි.

වත්මන් ආණ්ඩුව යටතේ මෙම ගනුදෙනුව පිළිබඳ නැවතත් පරීක්‍ෂණ ආරම්භ කර ඇති අතර ජී.එල්. පීරිස් අල්ලස් කොමිසමට කැඳවනුයේ එය සක්‍රීය කර ගැනීමට බව පැහැදිලිය. අල්ලස් කොමිසම ජී.එල්. පීරිස් හරහා මහින්දට දැල එළන්නට සූදානම් වන බව මෙයින් පැහැදිලි වන අතර, සජින් ද වාස් ගුණවර්ධන හරහා එහි ඉදිරි ගමන් මඟ තීරණය වනු නියතය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...