මීට වසර හතරකට පෙර, 2020 පෙබරවාරි 14 වෙනිදා ඩුබායි නගරයේ සිට කටුනායක ගුවන් තොටුපලට රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග රැගෙන ආවේ පොලිස් ආරක්ෂාව මැද ය.


ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිල දී ගැනීමේ දී අක්‍රමිකතා සිදු වී ඇති බවට ඔහුට ඒරෙහිව එල්ල වු චෝදනාවයි.

ඔහුට එල්ල වු චෝදනා මෙන්ම අත්අඩංගුවට ගෙන නඩු පැවරිම පවා “දේශපාලන පලිගැනීමක්” ලෙස චෝදනා කරන උදයංග වීරතුංග ඩුබායි සිට ශ්‍රී ලංකාවට ගෙනැවිත් වසර 4ක් සපිරුන දා ලියු සටහන පහතින් කියවන්න.

1581691270 Udayanga Weeratunga remanded L
අදට වසර හතරකට පෙර, 2020 පෙබරවාරි 14 වෙනිදා ඩුබායි නරයේ සිට කටුනායක ගුවන් තොටුපලට මා රැගෙන ආවේ පොලිස් ආරක්ෂාව මැද්දෙය..

“සන්ඬේ ටයිම්ස්” පුවත්පතෙහි ඉක්බාල් අතාස් විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිල දී ගැනීමේ දී අක්‍රමිකතා සිදු වී ඇති බවට 2015 මාර්තු 05 දින, දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිලි කරන ලදී. එහි අධ්‍යක්‍ෂ ලෙස ආනන්ද විජේපාල නොහොත් අනුර කුමාර දිසානායක ගේ හිටපු පුද්ගලික ලේකම් රනිල් ගේ ආණ්ඩුව විසින් තෝරාගැනීම හේතුව, අනුර කුමාර ලවාම දේශපාලන පලිගැනීම් සිදුකර ගැනීමේ වික්‍රමසිංහ උපායක් ලෙසටය. 

එය එසේම 2022 මැයි 09 සිදුකරන ලදී. එදා එම අධ්‍යක්‍ෂගේ ලිඛිත ඉල්ලීම් මත, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකරන ලද බී/639/15 නඩුව පාදක කර, ප්‍ර.පො.ප. නිහාල් ප්‍රැන්සිස්‌ විසින් සැලසුම් සහගතව සාවද්‍ය තොරතුරු ඉදිරිපත්කර, ගරු අධිකරණය නොමග යවා ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කිරීමට කටයුතු කරන ලදී.

වසර 2018 පෙබරවාරි 04 දින ශ්‍රී ලංකා පොලිසියේ ඉන්ටර්පෝල් පොලිස් කණ්ඩායම සහ ඩුබායි නගරයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ ඉල්ලීම් මත ඩුබායි සිට ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නගරය බලා පියාසර කිරීමට මා පැමිණි අවස්ථාවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගන්නා ලදී. පසුව තාවකාලික සිරමැදිරියක දින 3ක් රදවාගෙන සිට නිදහස් කරන ලදී.

 

udayanga
වෛරයෙන් රට පාලනය කළ අඳුරු යුගය ජනතා ඡන්දයෙන් අවසන් වී ඇති බවත්, ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ගෝඨාභය යටතේ දේශපාලන පලිගැනීම් නතර වන බවට විශ්වාස කර මා සිය කැමැත්තෙන් ශ්‍රී ලංකාවට පිටත්වන බව 2019 නොවැම්බර් 19දා අබුඩාබි ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කර සිටියේය. ඒ අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් දෙදෙනෙකු අබුඩාබි ගුවන්තොටුපලට පැමිණ 2020 පෙබරවාරී 14 දින, මා ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී.

පසුව කටුනායක ගුවන් තොටුපලේ සිට CID රැගෙනවිත්, පැය 10 කට වැඩි දීර්ඝ කටඋත්තරයක් ලබාගත්තේය. එදා දේශපාලකයින්ට අවශ්‍ය අයුරින් වසර 5 ක් පුරාවට පලිගැනීම් සිදුකල නිහාල් ප්‍රැන්සිස්‌ පොලිස් නිලධාරියාටම එම කටඋත්තර ලබාදීමට නොහැකි වුවත්, ඔහුට එරෙහිව වන්දි නඩුවක් පැවරීමට දිනයක් උදාවනු නියතයි. ඔහුට නීතී උපදෙස් ලබාදෙමින් මට එරෙහිව නිතීය අසාධාරණ ලෙස භාවිතා කල මහමොලකරු, තුසිත් මුදන්දෙනියට ස්වභාවධර්මය විසින්ම අකල් මරණයකින් දඩුවන් දුන්නේ අනිත් පොලිස්, නීතිපති නිලධාරීන්ට ද ජිවිතයේ යථාර්තය මතක් කරමින්ය.

එදින රාත්‍රී 7ට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක විනිසුරුවරයා විසින් පොදු දේපල පනත යටතේ රිමාන්ඩ් කිරීමට නියෝගයක් නිකුත්කර, වැලිකඩ සිරගෙදරට යොමු කරන ලදී. ඒ වෙනවිටත් රාත්‍රී 11 විතර වෙලා තිබුණා. මාගේ වැලිකඩ පළමු රාත්‍රිය ගෙවුනේ රන්ජන් රාමනායක හිටපු විශේෂ සිර කුටියේය. එහිදී රන්ජන් මා හට පැවසුවේ, මා අත්අඩංගුවට ගත් බව රුපවාහිනියේ දුටු විට උදයංග ඔහු සිටින සිර කුටියට රැගෙන එන බව දැනගෙන සිටි බවය. ඒ නිසාම මගේ සිරකුටිය හොදින් සෝදා, පිරිසුදු කරවූ රන්ජන් මා සදහා රාත්‍රී කෑමට රෝස් පාන් සමඟ උරූ මස්, පොල් සම්බෝල හා පරිප්පු හොද්දක් පිගනකට බෙදා සඟවා තැබීම තරම් දේශපාලනයෙන් තොරව සැබෑ රන්ජන් ගේ මනුස්සකම එදා මා හොදින් තේරුම් ගත්තේය. එදා කපිල චන්ද්‍රසේන ද මා සමඟ සිරමැදිරියේ සිටියේය. පසුදින දුමින්ද සිල්වා ඇතුළු අලුත් සිරකරුවන් සමඟ එකතු වූ මා, දින 50 වැලිකඩ මහ උළුගෙදර අත්දැකීම් ලැබුවේ රනිල් අනුර ඇතුළු යහපාලන ආණ්ඩුවේ සැබෑ දේශපාලන පලිගැනීම් සිදුවූ ආකාරයට හොදම නිදසුනක් ලෙසය.

එදා යහපාලන රජය මෙන්ම, අනුර කුමාර දිසානායක ඇතුළු ජෙප්පන්ගෙන් කාටද අපෙන් පලිගන්න අවශ්‍ය නැත්තේ? එය මම දකින්නේ රාජ්‍ය කරවීමට නොහැකි දේශපාලකයින් පිරිසක් මාධ්‍ය සංදර්ශන පවත්වමින් ජනතාවගේ හැගීම් වෛරය, ක්‍රෝධය, පළිගැනීම් දෙසට යොමු කර රාජ්‍ය බලය ගන්නට සැලසුම්කරණ පටු උපායමාර්ගයක් ලෙසින්ය. එදා 1971, 1989 මෙන්ම, එය එසේම 2022 මැයි 09 සිදුවිය. ඉදිරියටත් එසේම සිදුවනු නොවනුමානය..

කෝ එතකොට මේ වසර 2500ක ඉතිහාසයකින් පැවැත්වවෙන අපේ චාරිත්‍ර? කෝ අපේ හදවත්වල ඇති මෛත්‍රීය, කරුණාව? දැන් වෙන්නේ අපේ ගතිගුණත්, ඉබේම අප්‍රිකානු ගෝත්‍රිකයන් වගේ පළිගැනීම් වලින් පිරුණු පහත් ජන සමාජයකට පරිවර්තනය වීමයි. අනුර කුමාර දිසානායක, රනිල් වික්‍රමසිංහ ඇතුළුව දේශපාලකයින් ඒ පිළිබඳ නොසිතා වැඩ කලත්, අපි ලාංකිකයන් ලෙස මතු පරපුරට එවන් පූර්වාදර්ශයක් නොදීමට වගබලා ගතයුතුයි.

 

WhatsApp Image 2024 02 15 at 9.29.57 AM

එදා රටට මෛත්‍රී යුගයක් පොරොන්දු වූ යහපාලන රජය විසින් හුදෙක් දේශපාලන පලිගැනීම් අරමුණින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සහ අනුර කුමාර දිසානායක මූලිකත්වයෙන් පැවතුන දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය ඇතුලූ අනිකුත් රාජ්‍ය ආයතන මඟින් මට එරෙහිව වසර 9 ක පුරාවටම, උසාවියට අධිචෝදනා ඉදිරිපත් කිරීමට පවා නොහැකි කරුණක් මූලිකවම සිදුකරන දේශපාලන පලිගැනීම් වලට සාධාරණය ඉටුවන දිනයක් උදාවන බව මා විශ්වාස කරමි.

පෙබරවාරි 14 ආදරවන්තයින්ගේ දිනයේදී, සමාජ මධ්‍යයේ ඔබට මෙම පලිගැනීම් වලින් කොටසක් ඉදිරිපත් කරන්නේ සාධාරන සමාජ මතයක් ගොඩනැගීමට ඇති බලාපොරොත්තුවකින් බව ගෞරවයෙන් සටහන්කර තබමි.

(උදයංග වීරතුංග)
රුසියානු සමුහාණ්ඩුවේ හිටපු ශ්‍රී ලංකා තානාපති
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2024 පෙබරවාරි 14 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image