මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට දැන් සිටිම බොහෝ දෙනා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වන බව පවසමින් තමන්ගේ මැතිවරණ

ප්‍රචාරණ කටයුතු ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපේක්ෂයකු ලෙස ඉදිරිපත් වීම සම්බන්ධව කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර විවිධ පාර්ශව ඒ පිළිබඳව විවිධ අදහස් පළ කරනු දක්නට ලැබේ.

 “ලෙනින් කියලා තියෙනවා එක අවස්ථාවක සමහර දශක තියෙනවා කිසි දෙයක් වෙන්නේ නැහැ. හැබැයි සමහර සති තියෙනවා දශක ගණනාවක දේවල් වෙනවා කියලා. ඒ වගේ මේ මාස හයක එක දිනයක් කියන්නේ සමාන්‍ය තත්වය යටතේ දශකය දේවල් වෙනවා. මෙහෙම අවිනිශ්චිත තත්වයක් තුළ රනිල් වික්‍රමසිංහ මහත්තයාට බැහැ ප්‍රකාශයට පත් කරන්න තමන් ඉදිරිපත් වෙනවාද නැද්ද කියලා.”

 
ඒ රනිල් වික්‍රමසිංහගේ නිහැඬියාව සම්බන්ධව දේශපාලන විචාරක විපුල කරුණාතිලක පළ කරන ලද අදහසකි.

ඉදිරි ජනාධිපතිවරණය හා ඊට තරග කිරිමට ඉන්න අපේක්ෂකයන් සම්බන්ධව සමබිම පක්ෂ නායක දීප්ති කුමාර ගුණරත්න හා ඒක්ව විග්‍රහ කරන දේශපාලන විචාරක විපුල කරුණාතිලකගේ කතා බහ මෙතනින් නරඹන්න.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්