ආර්ථික අර්බුදයෙන් ගොඩවීම සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් විමෙන් පසුව විවිධ ප්‍රතිපත්ති ගෙන එමින් ආර්ථික ස්ථාවර තත්වයකට ගෙන ඒමට උත්සාහ දරමින් සිටි.


ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහන ලබා ගැනිම, ණය ප්‍රතිව්‍යුහ ගත කරනය, වැට් බදු වැඩි කිරිම මෙන්ම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරිම ඉන් කිහිපයකි.

“යම් විදියක අර වැඩසටහන එක්ක ලයින් වෙන වැඩසටහනක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ. සමහර වෙලාවට ඒ පොලිසිස්වලින් මිනිස්සුන්ට අමාරුයි. ඒ අමාරුකම් තිබුනත් යම් විදියක බලාපොරොත්තුවක් හරි ඇති කර ගන්න පුලුවන්.” යැයි දේශපාලන විචාරක විපුල කරුණාතිලක පවසයි.

කෙසේ වෙතත් ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ගනු ලබන ප්‍රතිපත්ති මොනාවා දැයි නොකියන්නේ ඇයි දැයි ඔහු ප්‍රශ්න කරයි.

ආර්ථීක හා දේශපාලන ප්‍රතිපත්ති මෙන්ම ජනතාව වැරදි තීරණ ගතහොත් රටට සිදුවිය හැකි දේ සම්බන්ධව සමබිම පක්ෂ නායක දීප්ති ගුණරත්න කුමාර හා දේශපාලන විචාරක විපුල කරුණාතිලක ගේ විග්‍රහය බලන්න.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්