BREAKING
Top Ad
Opinion

නලින්වාදය නම් සීතාම්බර පටය - නලින් ද සිල්වාට අභියෝග 3

T

The Leader

February 27, 2021 • 12:23 AM

නලින්වාදය නම් සීතාම්බර පටය - නලින් ද සිල්වාට අභියෝග 3

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපි මෙම ලිපි මාලාව ඇරඹීමට ප්‍රථම නලින් ද සිල්වා මැතිතුමාගේ සියලූම ලිපි සහ පොත් සියල්ල පාහේ නැවත කියවීමු .
  • එසේම එම පිටුවල ඇති කරුණු තේරුම් ගැනිමට ද අපොහසත් වේ.    මෙසේ කරුණූ තේරුම් ගැනීමට අපොහොසත්  වන පාඨකයා තමන්ට ඒවා තේරුම්ගත නොහැක්කේ තමන්ගේ මුග්ධභාවය නිසා යැයි  ස්වයං නිගමනයකට එලබීමකට ඉඩ ඇත.
  • කියවන්නාගේ මතකයේ ඉතිරි වන්නේ එම පිටුවල සඳහන් වාක්‍යයක්  දෙකක් පමණි.
  • මෙම කථාව විවිධ අයුරින් කියැවේ.
අකුරු ප්‍රමාණය (Font Size):
මෙම පොත් වල සුවිශේෂී ලක්ෂණ කිහිපයක් ඇත. ඉන් ප්‍රධානම අංගය දාර්ශනික ව්‍යාකුල භාවයයි. එතුමාගේ දර්ශනයේ  ව්‍යාකුලත්වය විස්තර කිරීම කළ යුතු වන්නේ ලිපිපෙළකින් නිසා එයට ප්‍රථම එම පොත් හා ලිපිවල ඇති අන් ලක්ෂණ මුලින්ම විස්තර කරමු. 
 
මෙම පොත්වල ඇති අනෙක් විශේෂ ලක්ෂණය නම් එකම කරුණ නැවත නැවත ලිවීමයි. 
 
එසේම එක් කරුණක සිට තවත් කරුණකට පනිමින් යාමත්, එක් තැනක එකිනෙකට නොබැඳුනු  විවිධ කරුණු රාශියක් පැවසීමත් පොදුවේ මේ ලේඛන වල දක්නට ලැබෙන මූලික ලක්ෂණයන්ය. 
 
එම නිසා නලින් ද සිල්වා මැතිතුමාගේ පොතක පිටු දෙක තුනක් කියවූ පසු පාඨකයා දැඩි මානසික පීඩනයකට හා වෙහෙසකට පත්වෙයි. එසේම එම පිටුවල ඇති කරුණු තේරුම් ගැනිමට ද අපොහසත් වේ. 
 
මෙසේ කරුණූ තේරුම් ගැනීමට අපොහොසත්  වන පාඨකයා තමන්ට ඒවා තේරුම්ගත නොහැක්කේ තමන්ගේ මුග්ධභාවය නිසා යැයි  ස්වයං නිගමනයකට එලබීමකට ඉඩ ඇත.
 
තමන්ගේ මෙම නිගමනය අන් අයට පැවැසීමට නොහැකි නිසා කියවන්නා නලින් වාදය අතිශය ගැඹූරු දර්ශනයක් යැයි සිතීමට පටන් ගනී. කියවන්නාගේ මතකයේ ඉතිරි වන්නේ එම පිටුවල සඳහන් වාක්‍යයක්  දෙකක් පමණි. අපට හමුවී ඇති නලින් වාදීන්  මෙම වාක්‍ය දෙක තුන වමාරා නලින් ද සිල්වා නම් මහා සිංහල දාර්ශනිකයා බරපතල මතවාදයක් සිය ස්වයංභූ  ඥානයෙන් පසක් කර ගෙන ඇති බව පවසා ඇත. 
 
නමුත් නලින් වාදය කුමක්දැ යි විමසුවිට අතනින් මෙතනින් අගක් මුලක් නොමැති වාක්‍ය සමුහයක් කීමට මිසක් පැහැදිලි දර්ශනයක් ඉදිරිපත් කිරීමට ඔවුන් අසමත්වේ. 
 
නලින්ද සිල්වා මැතිතුමාගේ පොත් කියවීම නම් අසීරු කාර්යය අපි සිදු කළෙමු. නොතේරන දේ නොතේරෙයි කියා නොපැවැසීමට තරම් හීනමානයක් අපට නැත. යමක් නොතේරෙන්නේ ඇත්ත වශයෙන්ම අපට එය නොතේරන නිසාද, එසේත් නැත්නම් එය ලියූ කෙනාගේ මනසේ ඇති ව්‍යාකුලබව  නිසාද  බව තේරුම් ගැනීමට තරම් බුද්ධියක් අපට ඇත. 
 
නලීන් ද සිල්වා මැතිතුමාගේ ලිපියක් හෝ පොත් කියවන අයගේ මනසද එතුමාගේ මනස මෙන්ම වියවුල් වේ. 
 
ද්විකෝටිකය, ත්‍රීකෝටිකය, චතුෂ්කෝටිකය වැනි එතුමා පවා හරි හැටි අවබෝධ කරගත් නොගත් උභතෝකෝටික වදන් ඒ දාර්ශනික ආහාරයේ ඇත. 
 
බෝර්, නිව්ටන්, අයින්ස්ටයින්, කෙප්ලර්, කොපර්නිකලස්, ධර්මපාල තුමා, ඕල්කොට් තුමා, මාක්ස්, කේන්ස් වැනි අයගේ නම් කේක් ගෙඩියක තැනින් තැන දැමූ  මුද්දරම්පලම් ලෙස ඒවායේ විසිර ඇත. 
 
ඒ අතරතුර අනුකාරක මානසිකත්වය, පරගැති චින්තනය, දේශීය අගයන් වැනි වචන අයිසින් ලෙස එහි තවරා ඇත. 
 
කාටීසියානු තාප්පය, කාල අවකාශය සම්බන්ධය වැනි ලුණුමිරිස්ද එහි තවරා ඇත. 
 
එතුමා මේවායින්  පිළියෙළ කල දාර්ශනික ආහාරය දෙස බලන අයෙකුට මෙය හත්මාළුවක්ද, පුඩිමක්ද, බිබික්කමක්ද යන්න වටහා ගත නොහැක. 
 
නමුත් එම ආහාරය “ජාතික චින්තනය“ ලෙස එතුමා  ලෙස හඳුන්වන නිසා සැබෑ දේශප්‍රේමින් සමහරක් මේ හත්මාළුව/පුඩිම/ බිබික්කම ආහාරයට නොගෙනම ඉතා රස යැයි පවසයි. ව්‍යාජ දේශප්‍රේමින් තමන්ගේ බඩවඩා ගැනීම සඳහා මෙම හත්මාළුවේ ගුණ කියයි.
 
 
අපට ඇති වැදගත්ම ප්‍රශ්නය වන්නේ මෙම හත්මාළුව /පුඩිම/ බිබික්කම ජාතික චින්තනය යැයි හදුන්වාගැනීමට එතුමාට බලය දුන්නේ කවුරුන්ද කියාය.එතුමාගේ වාසනාවට හා මේ රටේ අවාසනාවට අපගේ ජනරජ ව්‍යාවස්ථාවෙන් තහවුරු කර ඇත්තේ ජාතික ගීය හා ජාතික කොඩිය පමණි. 
 
එමනිසා ජාතික චින්තනය යන වචනය ප්‍රාණ ඇපයට ගෙන, එම වචනයට මුවාවී, එය අවභාවිතා කිරීමට එතුමාට ඉඩ ලැබී ඇත. 
 
මෙසේ අවභාවිතා කරන නලින්වාදී චින්තනය බොහෝ දෙන පිළිනොගත්තත් ඇතැම් සිංහලයන් ගේ මනස විකෘති කරයි. 
 
මෙම හත්මාළුව /පුඩිම/ බිබික්කමට ඇගිල්ලෙන් ඇන පමණක් රසබැලූ මොවුන් ඉතා ඉක්මනින් අතිශයින්ම ඝෝෂාකාරී වෙයි. තමන්ට සිතෙන සිතෙන විෂයයන්ගේ විශාරදයන් බවට පත්වේ. 
 
තමන් පඬි වදන් දෙසන විෂයයන් ගැන ගැඹුරු දැනුමක් නැති මෙම ඝෝෂකයන්ගේ මතය සිංහලයන්ගේ මතවාදය යැයි සිතා අන් අයගේ විහිළුවට අප සියල්ලන්ම පාත්‍ර වෙයි. 
 
නලීන් මැතිතුමාගේ ලේඛණ හා දර්ශනය පිළිබඳව අපට සිහියට නැඟෙන්නේ රජුගේ සීතාම්බර පටය ගැන කතාවයි. මෙම කථාව විවිධ අයුරින් කියැවේ.  
 
 
එය මෙසේය. එකෝමත් එක කාලෙක එක් රටක රජ කෙනෙකු රජකම් කලේය. තම රටවැසියන්ගේ හිතවත්භාවය නිසැකයෙන්ම දැනගැනීමට රජු උපක්‍රමයක් යෙදීය. එනම් නිරුවතින් රාජ්‍ය සභාවට ගොස්  අද තමා සීතාම්බර පටය නම් ඉතා අගනා සළුවක් ඇඳ සිටින බවත්, එය පෙනෙන්නේ නුවණ ඇත්තන්ට පමණක් බවත් පැවැසීමයි. 
 
තමන් නුවන නැත්තන් යැයි අන් අය දැනගැනීමට බියෙන් ඇමතිවරු සියල්ලම එම සීතාම්බරපටය ඉතා අලංකාර යයි පැවැසීය. 
 
ඉන් පසුව එම අගනා සීතාම්බර පටය රටවැසියන්ට පෙන්වීම සඳහා නිරුවත් රජතුමා ඇතෙකු පිටතබා වීදී සංචාර කරවීය. තමන් නුවණ නැත්තන්  යයි හැඟවීමට රටවැසියෝද සීතාරම්බර පටය ඉතා අලංකාර යයි පැවැසුහ. 
 
එහෙත් පාරක් අයිනේ සිටි එක් හිතුවක්කාර කොල්ලෙක් මෙම විගඩම දැක “හූ,හූ රජ්ජුරුවෝ හෙළුවෙන්" යැයි කෑ ගැසීය. එවිට තමන් කළ බොරුව ගැන ලැජ්ජා වූ රටවැසියන්ද රජතුමාට “හූ“ කීය. 
 
අප ඒ පාර අයිනේ සිටි හිතුවක්කාර කොල්ලා වැනිය. එනමුත් කුඩා වෙනසක් ඇත. අප සිනහ වන්නේ නලින් ද සිල්වා මැතිතුමාට නොව ඔහුගේ නිරුවතට වීමයි. 
 
එසේම ඒ රජතුමාත්, මැතිතුමාත්  අතර වෙනසක් ඇත. එනම් ඒ රජතුමා තමන් නිරුවතින් සිටින බව දැනගෙන සිටියද නලින් ද සිල්වා මැතිතුමා තමන් නිරුවතින් සිටින බව නොදැන සිටීමයි. 
 
නලින් ද සිල්වා මැතිතුමාගේ  හත්මාළුවේ/ පුඩිමේ/බිබික්කමේ පිළුණු බව හා අමිහිරි බව එය කා බලා  අත්විඳි අපි එම ආහාරයේ ඇති අප්‍රසන්න බව අපගේ ඉදිරි ලිපි වලින් හෙළිකරමු.
 
Drjpg
 
 
කියවන්න :
 
 
 

 

 


 

 
 
 

පාස්කු බෝම්බ සෙට් කලේ මෛත්‍රී ද ?

 
 
 

ස' ගේ සිස්ටම් නිසා පට් පට් ගාලා වැක්සීන් එක ගහගත්තා

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...