BREAKING
Top Ad
විශේෂාංග

විශේෂඥ වෛද්‍යවරුන් පිරිසකගෙන් නලින් ද සිල්වාට අභියෝගයක්

T

The Leader

February 13, 2021 • 11:52 PM

විශේෂඥ වෛද්‍යවරුන් පිරිසකගෙන් නලින් ද සිල්වාට අභියෝගයක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බුරුමයේ ශ්‍රී ලංකා තානාපති ධූරන්දර මහාචාර්ය ගරු නලීන් ද සිල්වා මැතිතුමා
  • මේ නිසා මහාචාර්ය ද සිල්වා මහතා හා ඔහුගේ “නලින්වාදී“ අනුගාමිකයිගේ මේ විකාර රූපී චින්තනය සැබෑ ජාතික චින්තනය ලෙස හඳුනාගැනීමට ඇතමුන් පුරුදුව තිබේ.
  •   මෙම “නලීන්වාදී චින්තනය“ සිංහල බෞද්ධයන්ගේ ප්‍රගමනය අත්හිටුවිමට සමත්ව ඇත.
  • දැන් මේ ඝෝෂාව රටේ ප්‍රබුද්ධ පුරවැසියන්ගේ කන් බිහිරිකරන තරම් ප්‍රබලවී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
ඔහුගේ මුහුණපොතේ වැදගත් සටහනක් තබා ඇත. මෙම සටහන වෙබ් අඩවියක් විසින් උපුටාගෙන නැවත පළකර තිබේ.
 
මෙම සටහන දශක තුනකට අධික කාලයක් තිස්සේ මහාචාර්ය ද සිල්වා මහතා විසින් ශ්‍රී ලංකාව තුළ ජාතික චින්තනය යයි හඳුන්වා පතුරවන ලද මතවාදයේ සාරංශයකි. 
 
ඔහුගේ එම මතවාදය සැබෑ ශ්‍රී ලාංකික හෝ සිංහල බෞද්ධ හෝ මතවාදය ලෙස මෙරට උගත්තු කිසිවිටෙකටත් පිළිනොගත්තේය. 
 
කෙසේ නමුත් අද වන විට අතිශයින්ම ඝෝෂාකාරී, ව්‍යාජ දේශප්‍රේමී, සිංහල බෞද්ධ සංස්කෘතියෙහි එකම උරුමක්කාරයන් යයි ඔවුන්ම හඳුන්වාගන්නා මෙම විකාරරූපී මත දරන්නන් අතලොස්ස ශ්‍රී ලංකාවේ ප්‍රගමනය අත්හිටුවීමට සමත්ව තිබේ. 
 
අද මේ “නලීන්වාදී මතය“ දරන්නන් වෛද්‍ය විද්‍යාව දෙසට සිය නෙත් යොමුකොට ඇත.
 
අපි බටහිර වෛද්‍ය විද්‍යාව උගත් සිංහල බෞද්ධයෝ වෙමු. මහාචාර්ය නලීන් ද සිල්වා මහතා ඔහුගේ මතය කොළඹ විශ්වවිද්‍යාලයෙන් පැතිරීවීම ආරම්භ කරන විට අපි වෛද්‍ය ශිෂ්‍යයෝ වීමු. “මගේ ලෝකය“ නම් එතුමාගේ මුල් පොතද, විවිධ පුවත්පත් වල හා සඟරාවල පළවූ ලිපිද, එතුමා විසින් ප්‍රකාශයට පත්කරන ලද විවිධ පොත්ද අප කියවා ඇත්තෙමු. 
 
ඒවායේ ඇති මත මීට වසර සියයකට පමණ බටහිර දාර්ශනිකයන් විසින් පලකරන ලද මතවල අනුකරණ බව අපි ඒ දිනවලම වටහා ගත්තෙමු. 
 
එසේම සිංහල බෞද්ධ සංස්කෘතිය යයි එතුමා හඳුන්වා දෙන අපිගේ සංස්කෘතිකයේ ඇතැම් ලක්ෂණ, මිනිස් සිරුරේ උණ්ඩක පුච්ඡය මෙන් පරිනාමය විසින් අක්‍රීය කරන ලද අවයවයන් බව අපි මේ වන විට වටහාගෙන ඇත්තෙමු. 
 
 
 
මහාචාර්ය ද සිල්වා මහතාගේ අවසාන ලිපියෙන් ප්‍රකාශ කරන මතය ධම්මික මහතාගේ කොරෝනා පැණිය පිළිබඳ ප්‍රශ්ණයෙන් ඔබ්බට දිව යයි. 
 
ඔහුගේ තර්කය පදනම්ව ඇත්තේ සත්‍ය යනු කුමක්දැයි වටහා ගැනීම වටාය. 
 
වෛද්‍ය විද්‍යාව පිළිබඳව ඕනෑම කෙනකු පවසන දෙයක් සත්‍යක් විය හැකි බවද ඒ සඳහා කපු මහතකු හෝ වඩු මහතකු හෝ වෛද්‍යවරයකු හෝ පවසන මතයන් එක්සේ සත්‍යයයි ගතයුතු බව මහාචාර්ය ද සිල්වා මහතා ඔහුගේ ලිපියෙහි ඍජුවම ප්‍රකාශ කරයි. 
 
මේ අය අතර වෛද්‍ය විද්‍යාව භාවිතා කිරීම හෝ ඖෂධ නියම කිරීම පිළිබඳව වෙනසක් නොමැතිව බව එතුමා පවසයි. 
 
kali paniya
 
එතුමාගේම වචන වලින් පවසන අයුරින් “ධම්මික වෙදමහතා, බාසුන්නැහැ කෙනකුද, කපුමහතෙකුද, කාලී අම්මා සම්ම්‍යදෘෂ්ඨිකද, මිත්‍යාදෘෂ්ඨිකද, යන්න අපි බලන්නේ නෑ“
 
මෙහිදී පෙරදිග වෛද්‍ය විද්‍යාවට හා පෙරදිග වෛද්‍යවරුන්ට පහර නොගැසීමට මහාචාර්ය ද සිල්වා මහතා ප්‍රවේශම් වී ඇත. 
 
අතිශයින්ම ගැඹුරු විද්‍යාවක් වන ආයුර්වේදය හා පාරම්පරික වෛද්‍ය විද්‍යාව හා කපු මහතුන් හෝ වඩු මහතුන් නියම කරන බෙහෙත් අතර වෙනසක් නොමැති බව ප්‍රකාශ කිරීමට එතුමා මැලිවේ. එතුමාගේ තර්කය අනුව මේ කිසිම කෙනෙක් විසින් නියම කරන බෙහෙත් අතර හෝ භාවිතා කරන වෛද්‍ය ක්‍රම අතර වෙනසක් තිබිය නොහැක. 
 
මෙම “නලීන්වාදී තර්කයට“ අනුව කිසියම් විෂයක් හැදැරීම හෝ පුහුණුවක් ලැබීම හෝ ඒ පිළිබඳව සුදුසුකම් ලබාගැනීම හෝ අවශ්‍ය නොවේ. එවන් විෂයක් හැදැරූ හෝ සුදුසුකමක් ලැබූ හෝ පුහුණුවක් නොලැබූ අයකු හෝ එසේ නොලැබු අයකු අතරත් කිසිඳු වෙනසක් නොමැත.
 
 
මහාචාර්ය ද සිල්වා මහතාගේ මෙම මතය අති භයංකරය. වසර ගණනාවක් තිස්සේ ඔහු විසින් ලංකාවේ වපුරණ ලද මෙම “නලීන්වාදී මතය“ අද රට තුළ ඇතිවි ඇති ව්‍යාකූලත්වයට දාර්ශනික පදනමක් සපයයි. 
 
 
 
මෙම මතයට අනුව ආර්ථික විද්‍යාව පිළිබඳව හසල දැනුමක් ඇත්තෙක් හා ඒ පිළිබඳව කිසිවක් නොදත්තෙකුගේ අතර කිසිඳු වෙනසක් නොමැත. පාලමක් සෑදීමේදී ඒ පිළිබඳව තම ඉගැනුමෙන්, සුදුසුකමින් හා පුහුණුවෙන් උපදෙස් දෙන ඉංජිනේරුවරයකු හා ඒ පාලම උඩින් ගමන් ගන්නා මගියකු අතර කිසිඳු වෙනසක් නොමැත. පරිපාලනය උගත්තෙකු හා නූගත්තෙකු අතර වෙනසක් නොමැත. පරිසරවේදියකු හා පරිසරය විනාශ කරන්නෙකු අතර වෙනසක් නොමැත. 
 
යම් කිසි විෂය ක්ෂේත්‍රයක් පිළිබඳ හසල දැනුමක් ඇත්තේකුගේ උපදෙස් නොතකා ක්‍රියාකිරීමට ඒ පිළිබඳ කිසිම දැනුමක් නොමැති අය පසුබට නොවන්නේ මෙම “නලීන්වාදී මතයේ“ එල්බගෙනය. 
 
මෙම මතවාදය ලංකාව පුරා පැතිරි යාම ලංකාවේ දියුණුවයට බලවත් හානියක් සිදුකොට ඇත. 
 
ඒ අයුරින්ම මහාචාර්ය ද සිල්වා මහතා විසින් ප්‍රකාශයට පත්කරන ඊනියා ජාතික චින්තනය වන “නලීන්වාදී මතයට“ විරුද්ධව සැබෑ ජාතික චින්තනයක් හඳුන්වාදීමට කිසිඳු කෙනකු ඉදිරිපත් නොවීය. මේ නිසා මහාචාර්ය ද සිල්වා මහතා හා ඔහුගේ “නලින්වාදී“ අනුගාමිකයිගේ මේ විකාර රූපී චින්තනය සැබෑ ජාතික චින්තනය ලෙස හඳුනාගැනීමට ඇතමුන් පුරුදුව තිබේ.
 
මෙම “නලීන්වාදී චින්තනය“ සිංහල බෞද්ධයන්ගේ ප්‍රගමනය අත්හිටුවිමට සමත්ව ඇත. බටහිර හෝ පෙරදිග කිසිඳු විද්‍යාවකට අනුකූල නොවී තම තමන්ගේ මනසට හා මුඛයට එන ඕනෑම මතයක් ප්‍රකාශ කොට එවා දාර්ශනික මතයක්, සොයාගැනීමක් හා න්‍යායයක් ලෙස ප්‍රකාශයට පත්කරන සුදුසුකම් නොලද, පුහුණුවක් නොළද, දැනුමකින් තොර බොහෝ අය මහා ප්‍රාඥයින් ලෙස අද සමාජයේ වැජඹේ. 
 
  
මොවුන්ගේ ප්‍රධාන ලක්ෂණය නම් ඝෝෂාවයි. දැන් මේ ඝෝෂාව රටේ ප්‍රබුද්ධ පුරවැසියන්ගේ කන් බිහිරිකරන තරම් ප්‍රබලවී ඇත. මෙම ඝෝෂාවට අවසානයක් උදාකර දීම මේ රටේ ඉගෙනුමක් ලද පුහුණුවක් ලද සියලුදෙනාගේ වගකීම බව අපගේ විශ්වාසයයි.
 
 
 
මහාචාර්ය ද සිල්වා මහතාගේ දර්ශනය පිළිබඳ ඕනෑම සංවාදයකට හෝ විවාදයකට සහභාගීවීමට අප සුදානම්ව සිටිමු. මෙවන් විවාදයන්ට එළඹෙන මහාචාර්ය ද සිල්වා මහතා හා ඔහුගේ අනුගාමික “නලීන්වාදීන්“ අදාළ ප්‍රශ්තූතය ගැන කතා නොකට තම ප්‍රතිවාදීන්ට බටහිර ගැත්තන්, එන්ජිඕ කාක්කන්, අනුකාරක උගතුන්, පඩිනැට්ටන්, ටයිමාමාලා වැනි අපහාසාත්මක වදන් වලින් ආමන්ත්‍රණය කරයි. 
 
මෙවන් පහත් ක්‍රියාවන්ට අප කෙසේවත් නොනැමෙනු ඇත. වයෝවෘද්ධ, සිංහල බෞද්ධ මහාචාර්යවරයකුට නොතරම් වන තරම් ද්වේෂයෙන් හා ක්‍රෝධයෙන් තම ප්‍රතිවාදින්ට පහරදීම මහාචාර්ය ද සිල්වා මහතාගේ පිළිතුරු දීමේ කළාවයි. 
 
මෙවැනි අවලාද වලට අප පිළිතුරු නොදෙන බව මුලින්ම පැහැදිලිව ප්‍රකාශ කර සිටිමු. අදාළ ප්‍රශ්තූතය පිළිබඳව පමණක් මෙම සංවාදයකට හෝ විවාදයකට මහාචාර්ය ද සිල්වා මහතා සමග හෝ “නලීන්වාදී“ අනුගාමිකයින් සමග අප සුදානම්ය.
 
මෙහිදී වෛද්‍ය විද්‍යාවෙන් ඔබ්බට ගොස් බටහිර හා පෙරදිග විද්‍යාවන්, ශ්‍රී ලංකාවේ ඉතිහාසය, බෞද්ධ සංස්කෘතිය සහ බෞද්ධ දර්ශනය පිළිබඳව විවාද කිරීමට අප සුදානම්ය. මෙම විවාදය දැනට අවහිරවී ඇති සිංහල බෞද්ධ සංස්කෘතියේ ප්‍රගමනය සඳහා අත්‍යාවශ්‍ය කරුණක් බව අපි තරයේ විශ්වාස කරමු.
 
 
- විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ 
- විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා 
- විශේෂඥ වෛද්‍ය මහේෂ් හරිස්චන්ද්‍ර

 

 


 

 

බැසිල් විමල්ට මුහුණ දෙන්න Voice Cut සාදුලා සොයයි

දාරලුවේ කෘඩියා සිලනිකා තෙරුන්ගේ කතාවස්තුව

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...