සකර්බර්ග් විසින් ආත්ම රාගය පදනම් කොටගෙන ප්‍රාග්ධනය රැස් කිරීමට යොදවාගෙන ඇති
FACEBOOK මානසික රෝහලේ උද්ඝෝෂකයෙකු වන ‘ජනා චාමීන්’ විසින් පසුගිය දිනෙක ‘වූඩි ඇලන්’ නම් ඇමරිකානු සිනමාකරුවාගේ පුද්ගලික ජීවිතය පාදක කොටගෙන අපූරු උපන්‍යාස කිහිපයක් ගොඩනඟා ඇත. ‘ජනා චාමීන්ට’ අනුව අප ජීවත් වන්නේ, යුක්තිය සහ සාධාරණය ඉටු වන ලෝකයක නම් වූඩි ඇලන් සිටිය යුත්තේ සිරගෙදරකය.
 
woody 2
woody and Lolita
 
 
ලංකාවේ වාමාංශිකයන් සහ ලිබරල්වාදීන් අතරත් ධනවාදයේ සංරක්ෂයන් සහ ජාතිවාදීන් අතරත් ඇති පොදු විශ්වාසය වන්නේ, ෆ්‍රොයිඩ් විසින් පහදන ‘අවිඥාණය’ (UNCONSCIOUS) ඇත්තේ කොහේ හෝ සැඟ වී ගිය ගැඹුරක බව ය. 
 
ළිං පතුළක, වැව් තාවුල්ලක, මැණික් ගඟේ ඉවුරක, ස්ත්‍රී මාංශලය වැනි තැන්වල අවිඥාණය සැඟ වී ඇතැයි ඔවුන් විශ්වාස කරති. 
 
ඉහත සෑම අවස්ථාවක්ම ඔප්පු කිරීම සඳහා එක බැගින් ලංකාවේ චිත්‍රපට නිපදවා ඇත.
 
ෆ්‍රොයිඩියානු අවිඥාණය කැණීම් කටයුතු කොට ගැඹුරක් සෑදිය යුතු තැනක නැත. එය ඇත්තේ, මතුපිට තලයේ ය. 
 
අවිඥාණය ඇත්තේ, සමාජ වියමනේ මතුපිට පෘෂ්ඨයේම බව වටහා ගන්නට අපට එඩිතර බවක් අවශ්‍ය ය. 
 
බොහෝ විට, ලිබරල් න්‍යායන් සමාජ සමස්තය දෙකට පළා එකක් පුද්ගලික ලෙසත් අනෙක පොදු අවකාශය ලෙසත් නම් කරනු ලැබේ.
 
 නමුත් මනෝ විශ්ලේෂණයට අනුව මෙම බෙදුම්කඩනය කරන්නේ, ආත්මය යි. [SUBJECT] එවිට, ‘පුද්ගලික අවකාශය’ සහ ‘පොදු අවකාශය’ අතර බෙදුම් රේඛාව දිය වී යන අතර එය අවසන් මොහොතේ දී දෘෂ්ටිවාදය විසින් තීන්දු කරයි. 
 
එවිට, මෙම ‘බෙදුම’ ප්‍රොබ්ලමැතිකයක් වෙයි. එනම්, උත්තරයක් නැති ප්‍රශ්න ජාලාවක් නිපදවයි. 
 
කිසියම් ආත්මයක් තමන්ගේ ඉතාම පුද්ගලික හෝ රහසිගත යැයි සලකා බලන දේවල් පවා ඔහු/ ඇය උපුටා ගන්නේ, ඊට බාහිරින් ඇති සමාජය සහ සංස්කෘතියෙනි. 
 
 
ජනා චාමීන් සහෝදරයා ඉතාම අශ්ලීල යැයි සලකා බලන වූඩි ඇලන්ගේ පශ්චාත්-ඊඩිපසියානු පවුල් ලිංගික අශික්ෂිතයන් වනාහි ඇමරිකානු ජනප්‍රිය සංස්කෘතියෙන් සහ පරිභෝජන සමාජයෙන් උපුටා ගන්නා කරුණු සාධක බව අප හොඳින් මතක තබාගත යුතු ය. 
 
lolitaමේ අදහස තරමක් ජීරණය කර ගැනීමට දුෂ්කරය. එනම්, අවිඥාණය සකස් වන්නේ භාෂාවක හැඩයෙන් බව වටහා ගැනීමයි.
 
සමකාලීන පශ්චාත්-පුද්ගල සබඳතා ලෝකය තුළ ඉතා ප්‍රවේගකාරී ජවයකින් යුතුව ‘ලිංගික-වෙනස’ දිය වී යමින් පවතියි.
 
 අද ජීවත්වන වයස 18ක කොල්ලෙකුට සහ කෙල්ලෙකුට (පන්ති භේදය නොසලකා) ලිංග භේදය වටහා ගැනීමට නො හැකිය. 
 
ඒ නිසාම, ඔවුන්ට සිහින දැකීමට නො හැකිය. තත්‍යසමාන – VIRTUAL- අන්තර්ජාලය ඔවුන්ගේ ආත්මීය ප්‍රබන්ධයේ ගෙල සිර කර ඇත. 
 
ළමයින්ට ආශා කරන වැඩිහිටියන් සහ ළමයින් ආශා කරන වැඩිහිටියන් සමකාලීන ලුබ්ධි ජීවිතයට ඇතුල් වන්නේ මේ නිසා ය. 
 
දැන් ඒකමතික මනෝ විද්‍යාවක් සහිත පුද්ගලයෙකු නැත. ඒ වෙනුවට සිටින්නේ, ළමයින් බවට පත් වූ මැදිවියේ මිනිසුන් සහ මැදිවියේ මිනිසුන් බවට පත් වූ ළමයින් ය. 
 
දැන් ලංකාවේ බොහෝ මැදපාන්තික නිවෙස්වල අම්මලාට අනුව, ලොලීටා බවට පත් වූ දුවලාව ‘හම්බර්ට්’ – MAIN CHARACTER OF LOLITA NOVEL- බවට පත් වූ පියවරුන්ගෙන් බේරා ගැනීමට සිදු වී ඇත. 
 
මේ තත්ත්වය සාහිත්‍ය සුසමාදර්ශයක් නොවේ. ‘ලිංගික වෙනස’ නිල් සිනමාව අහෝසි කළ විට, ආත්මය ගසන කැරැල්ල මතුවන්නේ ව්‍යාභිචාරී තහංචිය අවලංගු කිරීමෙනි. 
 
ෆොසිල ඉන්ධන අවසන් වනවාට වඩා වේගයෙන් ලිංගිකත්වයේ අවසන් ඝනීභූත වීම් දිය වෙන්නට පටන් ගෙන ඇත. 
 
වූඩි ඇලන්ගේ පවුලට සිදු වී ඇත්තේ මෙම අකරතැබ්බය යි. ව්‍යාභිචාරය ඔවුන්ට තහංචියක් නොව උල්ලංඝණය සඳහා පවතින විනෝදයකි.[SUPER-EGO ENJOYMENT] ලිංගිකත්වයෙන් තොරව ‘ලිංගික රසය’ ලැබූ විට ලිංගිකය ද [SEX] අතුරුදහන් වෙයි.
 
ඉහත ඓතිහාසික තත්වයන්ගේ සුසමාදර්ශී විතැන් වීම නිසා ලිංගික සදාචාරය ඉක්මවීම විප්ලවීය ක්‍රියාවක් නොව පවතින ක්‍රමයට අලුත් වටයකින් එකතු වීමකි. 
 

 

 
මංගල සමරවීර විසින් චින්තන ධර්මදාසට දෙන සම්මුඛ සාකච්ඡාවේ දී තමන් සමලිංගික බව විවෘතව කීම තුළ අලුත් ප්‍රවේශයක් නොමැති ය.
 
 මන්ද, අද අප ජීවත් වන්නේ පශ්චාත්-තහංචි සමාජයක නිසා ය. 
 
මංගල සමරවීරට වඩා ‘භූමි නරේන්ද්‍රන්’ ගැන ජාතිවාදීන් පවා උනන්දුය. මන්ද, දැන් ලිංගික වෙනස ස්වභාවිකත්වයෙන් පූර්ණ ලෙස කතිකාවට මාරු වී ඇතැයි බහුතරය දන්නා නිසා ය.
 
ජනා චාමීන්ගේ කතිකාවට අනුව වූඩී ඇලන් යනු, යථාර්ථයට මඟ පෙන්වන සැබෑ විමර්ශකයෙක් නොවේ. ජනාට අනුව වූඩි ඇලන්ගේ ප්‍රතිරූපය සංකේත ලෝකයේ හතරවන තලයට අයිති ‘භාගීය ප්‍රතිරූපයකි’ (FRACTAL IMAGE). භාගීය ප්‍රතිරූපයක් බෙදෙන්නේ ඒ තුළම ය.
 
 ඒ නිසා, එය වෛරස් ආසාදනයකට සමකය. ඔහුගේ ප්‍රතිරූපය ඊට යටින් ඇති කිසිවකට මඟ නොපෙන්වයි. 
 
වෛරසයක් මෙන් එය තමා තුළම බෙදී බෙදී යයි. එමගින්, සැබෑ පුද්ගලයෙකු නිරූපණය නොවේ. 
 
ජනා සිතන්නේ, ඇලන්ගේ ප්‍රතිරූපයට යටින් අපිරිමිතව විනෝදවන කිසියම් කෙනෙකු ඇත කියා ය. මෙය දෘෂ්ඨියකි. 
 
ඇලන් තමා තුළම භාගීයකරණය වනවා මිස කිසිදු භාහිරත්වයක් නො නිපදවයි. පශ්චාත්-නූතන ධනවාදය විසින් නිපදවන ප්‍රතිරූප – IMAGES- අන්‍යභක්ෂක නොව ස්වභක්ෂක ය. ඔවුන් ස්වපීඩක වන අතර විනාශ කරන්නේ තමාව ය.
 
 on September 11, 2017 in New York City.
 
වූඩි ඇලන් ප්‍රපංචය හරහා ජනා චාමීන් යෝජනා කරන්නේ, යහපත් චර්යාවක් සහිත අවංක මිනිසෙකු පිළිබඳ ෆැන්ටසියකි. මෙය දෘෂ්ටිවාදයකි. 
 
නරක සමාජයක් තුළ හොඳ මිනිසුන් නිෂ්පාදනය කර ඔවුන් ලවා විප්ලවීයව සමාජය වෙනස් කිරීමේ අවධිය (උදා:- X ව්‍යාපාරය) අවසන් වී ඇත. දැන් අපට සිතිය හැක්කේ, ‘අලුත් සමාජයක්’ ගැන පමණි. 
 
ජනා චාමීන් දකින මේ නපුරු සිහිනය මිය යමින් පවතින ධනවාදී සමාජයේ අවසන් රූපකයයි. එනම්, පවුල තුළම ලිංගික තෘප්තිය සෙවීමයි. 
 
ජනා චාමීන් සමග විවාද කරන සිංහල වාමාංශිකයන්ගේ බහුතර දෙනාගේ ලිංගික ජීවිතය වූඩි ඇලන්ට වඩා වෙනස් නැත. නමුත් ඔවුන් කතා කරන දේවල්වල අන්තර්ගතය කුමක්ද? සමාජ විප්ලවය යි.
 
 
21 වැනි සියවසේ සමාජ විප්ලවයට මඟ පාදන්නේ, වූඩි ඇලන්ලා මිස මක්සිම් ගෝර්කිලා නොවේ. ඒ නිසා, සිරගෙවල්වලට ඔවුන් නොයවා ඔවුන් සමඟ ජීවත් වීමට අප පුරුදු විය යුතුය.
 
 
dkg(දීප්ති කුමාර ගුණරත්න)
දේශපාලන හා සමාජ විශ්ලේෂක)
 
(උපුටා ගැනීම : 3mana.com)
 
 
කියවන්න :
 
 
 

 
 
 
 
500ට තරහා වෙලා මිලියනයට යාළු වුණු ගී ලොවේ පියවරු... 
 

 

පාස්කු බෝම්බ සෙට් කලේ මෛත්‍රී ද ?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්