මේ විඩියෝ පටයේ දෙරණ හවුල් හිමිකාරිත්වයේ එක් පාර්ශවයක් ඇත්තටම කියන්නෙ මාධ්‍යකරණය යනු ජාවාරම්කාරයින්ගේ තීන්දු අනුව කෙරෙන
විකාශනයක් කියන කතාවයි.
මේ මාධ්‍යකරණය ගැන කෙරෙන පැහැදිලි කිරීම අතිශය විකෘති, ජාතිවාදී මතයක්. ඒක වැරදියි කියන්න පුළුවන් මාධ්‍යවේදීන් නැහැ.
කොතැන හිටියත් අද මාධ්‍යවේදීන් කියන්නේ ඒ කොන්තරාත් එක කරගහ ගෙන වීරයෝ වෙන්න හදන බාල පිරිසක්.
මොන ආයතනයක හිටියත් මොන පාටින් කතා කළත් මාධ්‍යවේදීන් කියන්නෙ එක්කො අන්තයට පිරිහුණු දේශපාලකයින්ට කඩේ යන, නැත්තං අන්ත දූෂිත ජාවාරම්කාරයින්ට කඩේ යන, තමන් සතු විශේෂ බලයක් ඇතැයි සිතාගෙන කටයුතු කරන පිරිසක්.
මේ අතර ඒවාට අකමැති නමුත් රැකියාව නිසා හැකි තරම් පරිස්සමින් තමන්ගෙ වැඩ කරන අයත් ඉන්නවා. පොලිසියෙත් රජයේ කන්තෝරු වලත් එහෙම වැදගත් නිලධාරීන් ඉන්නවා.
නමුත් මාධ්‍ය භාවිතය හැදිලා තියෙන්නෙ ඒ ඉතා සුළු පිරිසගෙන් නෙවෙයි. මාධ්‍ය භාවිතය හැදිලා තියෙන්නෙත් ඒ භාවිතය තව තවත් පිරිහෙන්නෙත් ලැජ්ජා නැතිව කාට හරි කඩේ යන බහුතරයගෙන්.
මේ අය නොදන්නා සහ දැන ගැනීමට උනන්දුවක් නැති ඉතාම වැදගත් කාරණාව තමයි,
01. මාධ්‍යවේදීන් කියන්නෙ මේ රටේ කම්කරුවන් තරම්වත් නිදහසක් ඇති පිරිසක් නෙවෙයි
වරායේ, රේල්ලුවේ, නිදහස් වෙළඳ කලාපවල කම්කරුවන් සතු වෘත්තිය සමිතියක් හැදීමේ අයිතිය, වෘ.ස. සාමාජිකත්වය ලබා ගැනීමේ අයිතිය, සාමුහිකව කේවල් කීරීම් අයිතිය, මහ ඉහළින් වැජඹෙන්නට යන මාධ්‍යවේදීන්ට නැති බව.
දෙරණ අයිතිකාරිය මේ විඩියෝවේ නොකියා කියන්නේ කිසිදු මූලික අයිතියක් ගැන නොදන්නා ඔවුන්ගේ ආයතනයේ මාධ්‍යවේදීන් දේශද්‍රෝහීන් යැයි කියලා.
ඒ නිසා තමන් කොන්දක් ඇති ස්වාධින මාධ්‍යවේදීන් යැයි දැන් මාධ්‍යවේදීන්ට කිව හැක්කේ ඇයගේ මාධ්‍යකරණය ගැන කතාවට එරෙහිව සමාජ කතිකාවක් පටන් ගැනීමෙන් පමණයි.
මේ, ඒ වෙනුවෙන් කෙරෙන අභියෝගයක්.

දේශපාලන විචාරක හා මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
මළපොතේ අකුරු බැරි මොළහතේ අගමැති !| මොණරවිලගේ ලියමන
පවුල රකින්න බැසිල්ගෙන් පොදු අපේක්ෂකයෙක්! Gossip
225ටම ඇමතිකම්! | වියත්කතා
ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil