The Leader News
BREAKING
Top Ad
Opinion

අලි සබ්රිගේ 'මොඩ් සංඥා' - පොහොට්ටුවේ ඇති පොහොට්ටුව නොවන දෙය...-Mahesh Hapugoda

T

The Leader Desk

August 23, 2020 • 11:58 AM

 අලි සබ්රිගේ 'මොඩ් සංඥා' - පොහොට්ටුවේ ඇති පොහොට්ටුව නොවන දෙය...-Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ළමා අපචාර සම්බන්ධයෙන් වෙනම අධිකරණයක් පිහිටුවීමට මේ වනවිට අවධානය යොමුවී ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පසුගියදා පැවසිය.
  • මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ඇතිව ළමා අපචාරයන් සම්බන්ධයෙන් වෙනම අධිකරණයක් පිහිටුවීමට කටයුතු කරනවා.
  • මේවා තවත් හංගා ගෙන ඉදලා හරියන්නේ නැහැ” යැයි කොළඹදී  පැවති වැඩසටහනකට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේය.
  • ඉතාම රළු වර්ගීකරණයක් ඇතුලේ ගත්තොත් ඒවා අපේ කඳවුර පැත්තේ තිබුණ දේවල්.  ඒකයි මම මැතිවරණයෙන් පස්සේ පෝස්ටුවේ කිව්වේ 'බයියෝ' කියන්නේ බයියෝ ම නෙවෙයි ටොයි ගති තියන අය කියල.
අකුරු ප්‍රමාණය (Font Size):
“සමහර කරුණු සඟවාගෙන ඉන්න බැහැ. මල් වැනි දරුවන්ට ප්‍රශ්නයක් වුණොත් එහි ප්‍රතිවිපාක ජීවිත කාලයටම බලපානවා..එවැනි දේ සම්පුර්ණයෙන් නවතා දැමිය යුතුයි. තවදුරටත් මේවා වහගෙන ඉදලා වැඩක් නැහැ. එම වැඩකටයුතු සිදුකිරීමට එයට අවශ්‍ය නීති ගෙන්න පුළුවන්. මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ඇතිව ළමා අපචාරයන් සම්බන්ධයෙන් වෙනම අධිකරණයක් පිහිටුවීමට කටයුතු කරනවා. මේ ප්‍රශ්නය ඒ තරම්ම වැදගත්.

ගොඩක් වෙලාවට මේ අපරාධය සිදුවන්නේ පාරේ යන මිනිස්සුන්ගෙන් නොවේ. ලගින්ම ඇසුරු කරන අය, එක්කෝ ගුරුවරයෙක් එහෙමත් නැත්නම් ඒ දරුවාගේ විශ්වාසය වැඩියෙන්ම දිනාගෙන ඉන්න කෙනාගෙන්. පසුගිය කාලේ විවිධ මතවාද ආවා. නමුත් ඉදිරියේදී සාකච්ජාවකින් අනතුරුව අපි තීරණයක් ගන්න ඕන ලිංගික අධ්‍යාපනය දරුවන්ට ලබා දෙන්න. මේවා තවත් හංගා ගෙන ඉදලා හරියන්නේ නැහැ” යැයි කොළඹදී  පැවති වැඩසටහනකට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේය.

 

පොහොට්ටුවේ ඇති පොහොට්ටුව නොවන දෙය


දරුවන්ට ලිංගික අධ්‍යාපනය දීම, ළමා අපචාර වලට වෙනම අධිකරණයක් ආදී ලෙසින් ඇමති අලි සබ්රි පසුගියදා කල එවැනි ප්‍රකාශ පිළිබඳව සිය FB පිටුවේ සටහනක් තබන දේශපාලන විචාරක මහේෂ හපුගොඩ මෙසේ සඳහන් කර ඇත. 
 

''මේ වෙලාවේ වැදගත් ම දේශපාලන නිරීක්ෂණය වෙන්න ඕනි පොහොට්ටුව ඇතුලේ ම තියෙන 'පොහොට්ටුව නොවන දේ' කියන එක තමයි 'ඔළුව පීරන මෛත්‍රී' නම් මගේ ඊයේ පෝස්ටුවේ යෝජනාව උනේ. 

ඉනුත් විශේෂයෙන් ගොඩක් ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් අධිකරණ ඇමති මොහොමඩ් අල් සබ්‍රි විසින් කරමින් තිබෙනවා කියන එක අපේ අවධානයට පාත්‍ර වෙන්න ඕනි. 

ඒවා කෙලින් ම පොහොට්ටු අයිඩියොලොජි එකට අහුවෙන්නේ නැති ඊට තරමක් පිටින් පවතින ඒවා වගේ තමයි බැලූ බැල්මට පේන්නේ. 

දරුවන්ට ලිංගික අධ්‍යාපනය දීම, ළමා අපචාර වලට වෙනම අධිකරණයක්, සියළු අයට එකට සිටිය හැකි ජාතිකවාදය (inclusive nationalism), බහිස්කරණය වෙනුවට ඇතුලත් කර ගැනීම, වගේම සබ්‍රි ගේ පෞද්ගලික ජීවිතේ සයින් ටිකත් අයිති වෙන්නේ මොඩ් කියන පැත්තට. 

ඒ කියන්නේ මොඩ් සංඥා (modern signs) ටිකක් ඒ කඳවුරේ වැඩ කරන්න පටන් අරන් තියෙනවා සිංහල බෞද්ධ හැඟවූමට යටත්ව. ඒක අළුත් තත්වයක්. ඉතාම රළු වර්ගීකරණයක් ඇතුලේ ගත්තොත් ඒවා අපේ කඳවුර පැත්තේ තිබුණ දේවල්. 

ඒකයි මම මැතිවරණයෙන් පස්සේ පෝස්ටුවේ කිව්වේ 'බයියෝ' කියන්නේ බයියෝ ම නෙවෙයි ටොයි ගති තියන අය කියල. ඒ නිසා බනින්න එපා කියල.

''ඒකයි මම මැතිවරණයෙන් පස්සේ පෝස්ටුවේ කිව්වේ 'බයියෝ' කියන්නේ බයියෝ ම නෙවෙයි ටොයි ගති තියන අය කියල. ඒ නිසා බනින්න එපා කියල.''

මේ ආණ්ඩුවේ වැඩියෙන් ම උපුටන කෙනා බවට සබ්‍රි පත් වෙන්නේ නිකම් නෙවෙයි. එයා වෙනත් අසමාන්තර මතවාදයක් යෝජනා කරමින් ඉන්න නිසා. ඒ මතවාදයේ අන්තර්ගතය එක එල්ලේම මෙතෙක් අප දන්නා ජාතිකවාදී කථිකයෝ කියපු දේවල් ම නෙවෙයි. 

ප්‍රතිචාරාත්මක ජාතිකවාදය වෙනුවට යෝජනා කරමින් ඉන්නේ ප්‍රතිජානාත්මක ජාතිකවාදයක් (progressive nationalism instead of reactionary nationalism). ඒක ඇතුලේ බටහිර නූතන හැඟවූම් ගමන් කරමින් තිබෙනවා. 

ඇත්තම කිව්වොත් අපි කැමති උනත් නැතත් මේක තමයි නූතන මාර්ගය වෙන්නේ. මේ දක්වා සඥා ටික දිහා බලපුවම සබ්‍රි කියන්නේ මොකක් හරි හේතුවක් නිසා අපේ පැත්තේ නොසිටපු නමුත් අනික් පැත්තේ ඉන්න එක්තරා විදියක ට්‍රෝජන් අශ්වයෙක්. සුවිශේෂී පුද්ගලභාවයක්?
ඔහොම යමු...

(ඔහුගේ නිතිඥ වෘතියේ පෙනිසිටීම් සහ ඉතිහාසය ගැන මෙතැන සඳහන් නොකිරීම ගැන අවශ්‍ය නම් ප්‍රශ්න කළ හැක).''

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...