The Leader News
BREAKING
Top Ad
Opinion

කෘෂිකර්මයෙන් රට හදන්න පුළුවන් ද ? ලංකාවේ ගොවියා vs නෙදර්ලන්ත ගොවියා - මහාචාර්ය සිරිමල් අබේරත්න (වීඩියෝ)

T

The Leader Desk

September 12, 2020 • 1:08 PM

 කෘෂිකර්මයෙන් රට හදන්න පුළුවන් ද ? ලංකාවේ ගොවියා vs නෙදර්ලන්ත ගොවියා - මහාචාර්ය සිරිමල් අබේරත්න (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • [ IF (Ideas front) සමාජ මාධ්‍ය කතිකාවට එක්වෙමින් මහාචාර්ය සිරිමල් අබේරත්න සිදුකළ දේශපාලන විවරණයකි. ]
  • ජනගහනය ඉන්නේ මිලියන 21 යි.
  • ඩොලර් වලින් කියනවා නම් ඩොලර් 3600යි.  දැන් අපි මාසෙකට ඕක හදලා බැලුවොත් එහෙම අපේ ගොවියාගේ මාසික දායකත්වය රටේ නිෂ්පාදනයට ඩොලර් 300 කට වඩා අඩුයි.
  • අපේ ගොවියාගේ රුපියල් 50000 කට වඩා අඩුයි.
අකුරු ප්‍රමාණය (Font Size):

''ලංකාව කියලා කියන්නේ බොහොම පුංචි රටක්. අපේ ශ්‍රම බලකායේ ඉන්නේ මිලියන අටහමාරයි. ජනගහනය ඉන්නේ මිලියන 21 යි. අපි ලංකාවේ කෘෂිකර්මන්තය ගැන සංසන්ධනය කරන්න නම් අපි තවත් පුංචි රටක් හොයා ගන්න ඕනේ. මම හොයා ගත්තා නෙදර්ලන්තය කියන යුරෝපීය රට. 

නෙදර්ලන්තයේ ඉන්න ශ්‍රම බලකාය මිලියන අටහමාරයි. ජනගහනය අපිට වඩා ටිකක් අඩුයි. මිලියන දහ හතහාමාරයි. ලංකාවට වඩා රට ටිකක් කුඩයි. 

නෙදර්ලන්තයේ ගොවියෙක් රටේ දළ දේශීය නිෂ්පාදනයට කරන දායකත්වය එහෙම නැත්නම් ඒ ගොවියාගේ ආදායම කියලා කියන්නත් පුලුවන්, ශුද්ධ ආදායම කියලා කියන්නත් පුලුවන්. ඒ දායකත්වය වෙනවා අවුරුද්දකට ඩොලර් හැත්තෑපන්දාහක්. සාමාන්‍යයෙන් ගොවියෙකු රටේ දළ දේශීය නිෂ්පාදනයට කරන දායකත්වය. 

මම කල්පනා කරලා බැලුවා ලංකාවේ ගොවියෙක් කොපමණ දායක වෙනවද කියලා ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට. ඩොලර් වලින් කියනවා නම් ඩොලර් 3600යි. 

දැන් අපි මාසෙකට ඕක හදලා බැලුවොත් එහෙම අපේ ගොවියාගේ මාසික දායකත්වය රටේ නිෂ්පාදනයට ඩොලර් 300 කට වඩා අඩුයි. නෙදර්ලන්තයේ බැලුවොත් ගොවියාගේ මාසික ආදායම සාමාන්‍ය වශයෙන් ඩොලර් හයදහස් ගණනක්, රුපියල් වලින් බැලුවම රුපියල් මිලියනයකට වඩා වැඩියි. අපේ ගොවියාගේ රුපියල් 50000 කට වඩා අඩුයි.

''දැන් අපි මාසෙකට ඕක හදලා බැලුවොත් එහෙම අපේ ගොවියාගේ මාසික දායකත්වය රටේ නිෂ්පාදනයට ඩොලර් 300 කට වඩා අඩුයි. නෙදර්ලන්තයේ බැලුවොත් ගොවියාගේ මාසික ආදායම සාමාන්‍ය වශයෙන් ඩොලර් හයදහස් ගණනක්, රුපියල් වලින් බැලුවම රුපියල් මිලියනයකට වඩා වැඩියි. අපේ ගොවියාගේ රුපියල් 50000 කට වඩා අඩුයි.''

මේක සංසන්ධනය කරලා බැලුවම අපිට පේනවා විශාල පරතරයක්. ඇත්තවශයෙන්ම මම දන්නවා නෙදර්ලන්තයේ ගොවියෙක් කියලා කියන්නේ ඉහල පන්තියේ පොහොසත් කෙනෙක්. මහාචාර්යවරයෙකුට, දොස්තරකෙනෙකුට, ඉංජිනේරුවරයෙකුට එහෙම නැත්නම් රජයේ උසස් නිලධාරියෙකුට වඩා ආදායමක් ලබන ඉහල ධනපති පන්තියේ කෙනෙක් තමයි ගොවියෙක් කියලා කියන්නේ. 

1cbdolYIiW7Y0H4PKm9 rIg                නෙදර්ලන්තයේ ගොවියෙක් කියලා කියන්නේ ඉහල පන්තියේ පොහොසතෙක් .

මොකද අරවගේ ආදායමක් ලැබෙනවානම් අනිවාර්යෙන්ම ධනපතියෙක් වෙන්න ඕනේ.  නමුත් අපේ රටේ ගොවියෙක් ගත්තයින් පස්සේ ඉතාමත් අසරණ, දුප්පත් එහෙම නැත්නම් බොහෝවිට කෑම බීම ටික පවා ඉතාමත් අමාරුවෙන් හම්බකරගන්න අය. 

මොකද ලැබෙන ආදායමෙන් අමාරුයි කරගන්න, ඊට අමතරව තව තව කුලී රැකියාවල නිරතවෙන්න සිදුවෙනවා තමන්ගේ දරුපවුලට කන්නබොන්න දෙන්න ජීවිතේ ගැටගහගන්න. 

මොකක්ද මේ වෙනස? 

මොකක්ද මේ වෙනස? හොයලා බැලුවහම මේකයි වෙනස.

නෙදර්ලන්තයේ ශ්‍රමබලකාය ඉන්නෙ මිලියන අටහමාරක්. මිලියන අටහමාරෙන් ගොවියෝ ඉන්නේ ලක්ෂ දෙකයි. ලංකාවේ මිලියන අටහමාරක් ඉන්න ශ්‍රමබලකායෙන් ගොවියෝ මිලියන දෙකකට වැඩියෙන් ඉන්නවා. මෙතනයි ප්‍රශ්නය තියෙන්නේ. 

අපේ රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය ගොඩක් මිනිස්සු එකතුවෙලා පුංචි දෙයක් නිෂ්පාදනය කරනවා. කෘෂි අංශයේ තියෙන පළවෙනි ප්‍රශ්නය මේකයි. 

''අපේ රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය ගොඩක් මිනිස්සු එකතුවෙලා පුංචි දෙයක් නිෂ්පාදනය කරනවා. කෘෂි අංශයේ තියෙන පළවෙනි ප්‍රශ්නය මේකයි. ''

මේක තව ගොඩක් දුරට විග්‍රහ කරන්න පුළුවන්. අපේ රටේ අපි දන්නවා ඉතිහාසය පුරාම ගොවියන්ට ඉඩම් බෙදලා දීල තියෙනවා. මහවැලියෙන් ඉඩම් බෙදලා දීල තියෙනවා. ඒවගේම ඊටත් කලින් ඩී.එස් සේනානායකලා නිදහස ලබපු කාලයේ ඉඳලා ජනපදකරණය ආරම්භ කරලා තියෙනවා. 

ඉතින් මේක ඉතිහාසය පුරාම කරගෙන ආපු දෙයක්. හැබැයි ප්‍රශ්නය වෙලා තියෙන්නේ දිගින් දිගටම ලංකාවේ ඉඩම් එන්න එන්නම කැඩෙන්න පටන් ගන්නවා. තව තව කුඩා වෙනවා. මොකද පවුලකට සිද්ධ වෙනවා තම තමන්ගේ දරුවන්ට තමන් ගාව තියෙන අක්කර දෙක තුන හරි කෑලි කඩලා හරි දෙන්න.

 ඊට පස්සේ ඒගොල්ලන්ගේ දරුවන් ගාවට යනකොට මේක තවත් කුඩා වෙනවා. මේ ඉඩම් ප්‍රමාණය එන්න එන්නම කුඩා වෙවී යනවා ලංකාවේ. 

ලෝකයේ සංවර්ධනය වෙන රටවල්වල අත්දැකීම් එක්ක බැලුවයින් පස්සේ මේක අපි දකින්නේ අනික් පැත්ත. ඉඩම් ප්‍රමාණය එන්න එන්නම විශාල වේගෙන යනවා. තනි ගොවියෙක් වගා කරන ඉඩම් ප්‍රමාණය එන්න එන්නම විශාල වේගෙන යනවා. 

ලංකාවේ වෙන්නේ තනි ගොවියෙක් වගා කරන ඉඩම් ප්‍රමාණය එන්න එන්නම කුඩා වීගෙන යන එකයි.

උභතෝකෝටික ප්‍රශ්නයක් !

''ඉතින් අපේ ආණ්ඩු මොනවද කරන්නෙ? ආණ්ඩු තව තව සහනාධාර දෙනවා දීල ගොවියාව පොහොසත් කරන්න උත්සාහ කරනවා. ඉතින් මේකෙන් ගොවියා කවදාවත් පොහොසත් වෙන්නේ නැහැ. තව තවත් සහනාධාර මත ආණ්ඩුව මත යැපෙන්න පටන් ගන්නවා. තව ඉදිරියේදීත් ඒක වෙනවා.''

මේක හරි උභතෝකෝටික ප්‍රශ්නයක්. ඉතින් අපේ ආණ්ඩු මොනවද කරන්නෙ? ආණ්ඩු තව තව සහනාධාර දෙනවා දීල ගොවියාව පොහොසත් කරන්න උත්සාහ කරනවා. ඉතින් මේකෙන් ගොවියා කවදාවත් පොහොසත් වෙන්නේ නැහැ. තව තවත් සහනාධාර මත ආණ්ඩුව මත යැපෙන්න පටන් ගන්නවා. තව ඉදිරියේදීත් ඒක වෙනවා.

මොකක්ද මේකට හේතුව? හේතුව තමයි ලෝකයේ දියුණු හැම රටකම වගේ කෘෂිකර්මය තමයි ආරම්භයේම තිබුනේ. හැබැයි මේ කෘෂිකර්මයේ ඉන්න ජනගහනය  එන්න එන්න අඩු වෙනවා. අඩුවෙනවයි කියන්නේ  ගොවි පවුලක ඉන්න දූදරුවෝ කෘෂි ක්ෂේත්‍රය අත්හැරලා කාර්මික ක්ෂේත්‍රයට සහ සේවා අංශයට මාරු වෙනවා රැකියා සොයාගෙන.

 අපි දන්නවා අපේ රටේ නිදහස ලබනකොට හිටියේ ජනගහනය මිලියන 7 යි. දැන් මේ වෙනකොට මිලියන 21 ක් පැනලා. ඒ කියන්නේ ජනගහනය තුන්ගුනයක් වැඩි වෙලා තියෙනවා. 

ඔය ගත වෙච්ච කාලය තුල.  මේ තුන්ගුණය වැඩි වෙනකොට මේ ජනගහනය හිටපු ඉඩම්වල තව තවත් පැතිරිලා ගිහිල්ලා තියෙන ඉඩම් තව තවත් කුඩා වෙලා ඵලදායිතාව අඩුවෙලා තියෙනවා. 

ඉතින් මේක අපි ඉතිහාසයත් එක්ක විමසලා බැලුවහම අපිට පේනවා නෙදර්ලන්තයේ ගොවියෝ ලක්ෂ දෙකයි ඉන්නේ මේ ලක්ෂ දෙකෙන් එක ගොවියෙකුගේ ඉඩම් ප්‍රමාණය ගත්තම සාමාන්‍යයෙන් අක්කර 50 ක් පමණ වෙනවා රටේ සාමාන්‍ය ගොවියෙකුගේ වගා බිම් ප්‍රමාණය.

 වර්තමානය වෙන විට අපේ රටේ මේක වෙන්නේ සාමාන්‍යයෙන් අක්කරයක් පමණ. ඉතින් අක්කරයක ඉඩම් ප්‍රමාණයක් වගා කරලා ගොවි පවුලක් වශයෙන් අවශ්‍යතා සම්පූර්ණ කරගන්න ඉඩකඩක් නැහැ. ඒක තමයි පළවෙනි හේතුව වෙන්නේ. 

බොහෝ අය කියනවා මේ සහනාධාර වැඩි කරන්න ඕනේ ඵලදායිතාව වැඩි කරන්න තාක්ෂණය දියුණු කරන්න ඕනේ කියලා. 

තාක්ෂණය ඕනේ ඇත්ත. ඒක වැදගත්. හැබැයි තාක්ෂණය හේතුව වගේම ප්‍රතිපලයත් වෙනවා.

 නෙදර්ලන්තයේ ගොවියෝ ඉතාමත් ඉහල තාක්ෂණය යොදා ගන්නවා තමන්ගේ නිෂ්පාදනයන්වල ඵලදායිතාව වැඩි කරගන්න. විදුලි ආලෝකය පාවිච්චි කරනවා ගොවිතැනට හැදෙන ලෙඩ රෝග වලක්වාගන්න. 

cow wearing silent herdsman colllar 136388716969903901 140324111559 කිරි නිෂ්පාදනය කරන ගොවීන් තාක්ෂණය යොදා ගන්නවා එළදෙනගෙන් ලැබෙන කිරි ප්‍රමාණය වැඩි කරගන්න. 

ඒ වගේම කිරි නිෂ්පාදනය කරන ගොවීන් තාක්ෂණය යොදා ගන්නවා එළදෙනගෙන් ලැබෙන කිරි ප්‍රමාණය වැඩි කරගන්න. ඒ එළදෙනුන්ට සංගීතය අහන්න පවා සලස්සනවා සමහරක් තැන්වල. 

ඉතින් අපි දන්නවා ලීටර් 50 ක් ව‌ගේ ඉහල කිරි ප්‍රමාණයක් ලබා ගන්නවා. නමුත් මේ ව‌ගේ අලුත් අලුත් තාක්ෂණික දියුණුවීම් කරන්න ගොවියට හැකියාව තියෙන්න ඕනේ. ඒ හැකියාව එන්නෙත් ගොවියගේ ආර්ථික ශක්තිය වැඩි වීමත් එක්ක. 

අ‌පේ රටේ ගොවියාගේ ආර්ථික ශක්තිය එන්න එන්නම පිරිහෙන නිසා ඒක කවදාවත් වෙන්නේ නැහැ. එහෙමනම් ඒ තාක්ෂණය අපේ ආණ්ඩුව මැදිහත්වෙලා පිටින් ගේන්න ඕනේ. ඉතින් මේක අපේ රටේ වෙන්නේ නැහැ.

 ගොවි පවුල්වල ඉන්න දරුවෝ ඒවායින් තව තවත් ඉවත් වෙලා කෘෂි කර්මාන්තයේ ඉන්න ජනගහනය අඩු වෙලා නව කාර්මික සේවාවන් වලට එකතු වෙනකන් මේ ප්‍රශ්නය බරපතල ලෙස අපිට බලපානවා. 

අපේ රටේ මිලියන දෙකක් ගොවි ජනතාව හිටියට ඒ අය කරන නිෂ්පාදන එක්ක බැලුවම අපේ අසල්වැසි රටවල් එක්ක සංසන්ධනය කරලා බලනකොට අපිට පේනවා ලක්ෂ පහක ගොවි ජනතාවකගෙන් පුළුවන් අපි දැනට ලබා ගන්න 8%ක ජාතික නිෂ්පාදනයට කරන දායකත්වය ලබා ගන්න.''
 

                           

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...