එරන්ද ගිනිගේ විසින් රචිත අවතරණය කෘතිය තුළ ඔහු විමසන්නේ: ගෝඨාභය රාජපක්ෂ යනු යුද්ධයේ දී ඉතාම තිරණාත්මක කටයුත්තක් කළ පුද්ගලයෙකි. එබදු පුද්ගලයකු බලයෙන් පහ කර නිග්‍රහයට පත් කළේ ඇයි ද යන්න යැයි දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ දීප්ති කුමාර ගුණරත්න carbon TV youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
එම සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් දීප්ති කුමාර පැවසුවේ එරන්ද ගින්ගේ ගේ මෙම ප්‍රශ්නයට වර්තමාන සමාජය තුළ පිළිතුරක් නොලැබෙන බැවින් ඔහු ''අවතරණය'' කෘතිය හරහා අතීතයට ගොස් මෙම ප්‍රශ්නය සඳහා පිළිතුරක් සෙවීමට උත්සාහ කරන බවයි.
මතු පළ වන්නේ ඒරන්ද ගිනිගේ විසින් රචිත කෘතිය සම්බන්ධයෙන් දීප්ති කුමාර ගුණරත්න දැක්වූ අදහස් අන්තර්ගත සම්පූර්ණ විඩියෝව යි.
(සටහන - ජයසිරි අලවත්ත)
දීප්ති කුමාර ගුණරත්න මෙම වීඩියෝව සම්බන්ධයෙන් එරන්ද ගිනිගේ සමාජ මාධ්‍ය හරහා මතු දැක්වෙන සටහන පළකර ඇත.
''දීප්ති කුමාර ගුණරත්න විසින් වඩාත් පුළුල්ව ඔහුගේ නිරීක්ෂණය, පැහැදිලි කිරීම සහ යෝජනාව මෙහිදී ඉදිරිපත් කරනවා. ඇතැම් කරුණු පිළිබඳව එකඟ වන අතරම, ඇතැම්වාට ප්‍රතිතර්ක ඉදිරිපත් කළ හැකියි. මට දීප්තිගෙන් බොහොම සරලව අහන්න පුළුවන් "So what?" කියලා.
නමුත් ඔහු මතු කරන කාරණය අපට සැබැවින්ම ප්‍රශ්ණයක්ද නැද්ද කියලා තව විමසන්න ඕනා. ඒ සඳහා අපි දෙන්නා අතර සංවාදයක් වෙන්න ඕනා.
(Technical correction: I was not the Director of the library; but the Head of Partnerships and Innovation at the British Council Sri Lanka. There's a much larger grant funded operation there than just the library.)
ධර්මය අපට මග වේවා!
(සටහන |එරන්ද ගිනිගේ)
BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com




