ලංකාවෙ මාලිමා ඇච්චො බැච්චො එලිටිස්ට් කියලා හිතන්නෙ රනිල්ට කියන තව නමක් කියල. ඒ තරම් මුග්ධභාවයක් තමයි සංකල්ප ගැන මේ නිර්ප්‍රභූන්ට තියෙන්නෙ.
ඩෝකින්ස් කියන්නෙ ඉවොලූෂනරි බයොලොජිස්ට් කෙනෙක්. එයා කියන්නෙ ප්‍රභූත්වය අනිවාර්ය ලෙසම පීඩාකාරී වූ දෙයක් නෙමෙයි කියල. ඒක යම් ප්‍රාගුණ්‍යයක් මත පදනම් තාර්කික හඳුනාගැනීමක් කියල.
රිචර්ඩ් ඩෝකින්ස්
උදා විදිහට ඔයාගෙ සර්ජර් එකකදි ඔයාට ඕන වෙන්නෙ ප්‍රභූ ශල්‍ය වෛද්‍යවරයෙක්. එයා කියන දේ ඔයා අහනවා. එයාගෙ උපදෙස් පිලිපදිනවා. ඔයාගෙ ජීවිතය ගැන එයාට බලයක් තියෙනවා. පයිලට් කෙනෙක් කියන්නෙ එලීට් මනුස්සයෙක්. සංකීර්ණ දේශපාලන ආර්තික කාරණා ගැන කතා කරන්න ඔයාට ඕන වෙනවා එලීට් ඉකොනොමිස්ට් කෙනෙක්. ඒ වගේම දේශපාලනයේදීත් ඉන්නවා එලීට් නැත්තං ඒ ගැන විශේෂ ප්‍රාගුන්‍යයක් දරන පිරිස්. මේ ප්‍රභූත්වය අවතක්සේරු කරමින් අපි හැමෝම සමානයි කියල හිතන්න යාමෙන් ඇතිවෙන විනාසකාරී තත්වය ගැන ඩෝකින්ස් පෙන්නලා දෙනවා.
මේ එලිටිසම්වලට විරුද්ධව එන ඔය නිර්ප්‍රභූ එක කියන්නෙ ජනතාවාදය. ඩෝකින්ස් බ්‍රෙක්සිට් උදාහරණයක් විදිහට ගනිමින් පෙන්නලා දෙනවා ප්‍රජාතන්ත්‍රවාදය කියල හැමෝටම දේශපාලන තීන්දු ගැනීමේ සමභාවයක් ලැබීමෙන් සිදුවුනු අනතුර. ඒ කාලෙ වඩාත්ම ගූගල් කරලා තිබුනෙ යුරෝපියානු යූනියන් එක කියන්නෙ මොකක්ද කියල. එහෙම පිරිසකගෙන් තමයි බ්‍රෙක්සිට් වගේ සංකීර්ණ කාරණයක් ගැන තීරණ විමසුවෙ. ජනතාවාදයේ කතාව තමයි 'හැම කෙනෙක්ම සමානයි' කියන එක. හැම කෙනෙක්ම හැමදෙයක් ගැනම එක්ස්පර්ට්ලා. හරියට මේ සෝෂල් මීඩියා වගේ.

ඩෝකින්ස් කියන්නෙ එලිටිසම් කියන අදහස දක්ෂතාවය, ප්‍රාගුන්‍යය මත පදනම් වෙන්න ඕන කියන එකයි. දැන් මාලිමාව ගත්තොත් පොල් ලෙලි එකසිය පනහක් විතර පාර්ලිමේන්තු ඇවිත් තියෙනවා. කිසි කෙනෙකුට දේශපාලන ප්‍රාගුන්‍යයක් හෝ දැනුමක් නෑ. හදුන්නෙත්ති උදාහරණ කරලා අරන් බලන්න. ලෝක ආර්තික සමුළුවක අවශ්‍ය එලීට් බව වෙනුවට එයා නිර්ප්‍රභූ එකෙන් ගිහින් එතන ඉඳගන්නවා. එයත් නානවා රටත් නානවා.
මොකක්ද එලිටිසම් වල තියෙන වරද ඒකෙන් හැම කෙනෙකුටම එලීට් කෙනෙක් වීම (විශේෂ ප්‍රාගුණ්‍යයක්/ දක්ෂතාවයක් ඇති කරගැනීම) සඳහා පෙළඹවීමක් නං කරන්නෙ? එලිටිසම් කියන එක කාට හෝ සීමිත අදහසක් නෙමෙයි නම් ඒකෙ කිසිම වරදක් නෑ.
- රිචර්ඩ් ඩෝකින්ස්-
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)




