# කොවිඩ්-19 සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි අපකීර්තියක් ඇති කිරීම
# රෝගීන් හා රෝගියා ඇසුරු කළ අය අල ගිය මුල ගිය තැන් සොයා අල්ලා නිරෝධායනයට දැමීම
මෙය එතරම් හොඳ තත්වයක් නොවන බව අප ඒ කාලයේමත් පෙන්වා දුන්නෙමු. එහෙත්, එය මූලෝපායක් ලෙස සාර්ථක විය. එයට හේතුව වූයේ එවකට ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය හා කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කරගැනීමට සමත් වීමයි.
වර්තමානය වන විට, කොවිඩ්-19 සමාජ ව්‍යාප්තියක් සිදු වී තිබේ ද යන සැකය මතු වන තරමට විවිධ ස්ථානවලින් අලුත් රෝගීන් හමු වෙමින් තිබේ. එසේ වූවා ය කියා දැන් නැවතත් ඇඳිරි නීති පැනවීමේ හැකියාවක් තිබේ යයි අපි නොසිතමු. මන්ද, ආර්ථිකය හොම්බෙන් ගොසින් හමාර ය.
දැන් කළ යුතු වන්නේ හැකි තරම් උපරිමයෙන් සමාජ දුරස්ථභාවය, මාස්ක් පැළඳීම හා අනෙකුත් චර්යාවන් පවත්වා ගනිමින් සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යාමයි. නැතිනම් රටේ ආර්ථිකය කබලෙන් ලිපට ම වැටෙනු ඇත.
මේ අතර, අප ඉහත දැක්වූ පියවර දෙක ම මේ වන විට කොවිඩ්-19 ව්‍යාප්තියට හේතු වන කොඩිවිනයක් බවට පත් වී තිබෙන බව පෙනේ.
වහාම ගතයුතු ක්‍රියාමාර්ග :
එසේ වන්නේ කොවිඩ්-19 රෝග ලක්ෂණ මතු වූ වහා රෝගීන් ප්‍රතිකාර ලබාගැනීමට ඉදිරිපත් නොවීම නිසා ඒ අනුව, රජය වහා පහත දැක්වෙන ක්‍රියාමාර්ග ගත යුතු යයි අපි සිතමු.
''රෝගීන් සැඟවෙන්නේ නිකම් නොවේ. ඉදිරිපත් වුවහොත් මිනියවත් පවුලේ අයට දකින්නට නොලැබේ යයි බිය නිසා ය.''
# කොවිඩ්-19 රෝගීන් වැරදිකරුවන් ලෙස සලකන ආකල්පයෙන් පළමුව රජය, හමුදාව, පොලිසිය හා සෞඛ්‍ය අංශ මුදාගත යුතු ය. එසේම, කොවිඩ්-19 රෝගීන්ට ශිෂ්ට ලෙස සැලකීම සඳහා සමාජය යොමු කිරීම සඳහා රජය ප්‍රචාරණ ක්‍රියාමාලාවක් වහා ආරම්භ කළ යුතු ය. කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් මාධ්‍ය චර්යාව ද වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගත යුතු ය.
# රෝග ව්‍යාප්තියේ සුලමුල සොයාගැනීම සඳහා බුද්ධි අංශ යොදාගැනීමෙහි වරදක් නැත. එහෙත්, රෝගීන්ගේ පෞද්ගලිකත්වය වැනි හිමිකම්වලට ගරු කිරීමට ද ක්‍රම සොයාගත යුතු ය. මූලිකව ම රෝගීන් ඉදිරිපත් වීමට තිබෙන බිය නැති කළ යුතු ය.
# මියගිය රෝගීන්ගේ පමණක් නොව රෝගීන් යයි සැක සහිත අයගේ පවා දේහයන් ආදාහනය කිරීමේදී සෞඛ්‍ය අංශ කටයුතු කළ අමානුෂික ආකාරය ද නැවත සලකා බැලිය යුතු ය.
රෝගීන් සැඟවෙන්නේ නිකම් නොවේ. ඉදිරිපත් වුවහොත් මිනියවත් පවුලේ අයට දකින්නට නොලැබේ යයි බිය නිසා ය.
(අජිත් පැරකුම් ජයසිංහ- praja.lk)
කොරෝනා ආසාදිතයින් වැරදිකරුවන් කරන ක්‍රියා වහා නවත්වනු!
T
The Leader Desk
July 15, 2020 • 10:50 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ශ්‍රී ලංකාව පළමු අදියරේදී සාර්ථක ලෙස කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කරගත්තේ ප්‍රධාන වශයෙන් ම කාරණා කීපයක් මත පදනම්ව ය.
- එහෙත්, එය මූලෝපායක් ලෙස සාර්ථක විය.
- එයට හේතුව වූයේ එවකට ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය හා කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කරගැනීමට සමත් වීමයි.
- වර්තමානය වන විට, කොවිඩ්-19 සමාජ ව්‍යාප්තියක් සිදු වී තිබේ ද යන සැකය මතු වන තරමට විවිධ ස්ථානවලින් අලුත් රෝගීන් හමු වෙමින් තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


