The Leader News
BREAKING
Top Ad
Opinion

කලබල වෙන්න එපා, නිරුවත කියන්නේ අවියක්. - මහේෂ් හපුගොඩ

T

The Leader Desk

July 28, 2020 • 11:35 AM

කලබල වෙන්න එපා, නිරුවත කියන්නේ අවියක්. - මහේෂ් හපුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමෙරිකානු කළු ජාතික අරගලයේ තවත් එක් දිනක් පෝට්ලන්ඩ් හිදී ඊයේ මෙසේ දිගහැරී තිබෙනවා.
  • මුහුණු ආවරණය සහ කුඩා හිස් වැසුමක් පමණක් ශරීරයේ තිබෙන්නට හැර ඇය පොලිස් හමුදාව වෙත ගමන් කර ඇත්තේ පුර්ණ වශයෙන් නිරුවත්ව.
  • සෑහෙන කාලයක් ඇයගේ වෘත්තිය වී ඇත්තේ ද ලිංගික සේවා සැපයීම.
  • 'නිරුවත් ඇතීනා' (Naked Athena) යන අන්වර්ථ නමින් පෙනී සිටිමින් මෙම වීදි රංගනයේ යෙදුන ඇයගේ ඇත්ත නම ජෙන් (Jen) යනුවෙන් සඳහන් වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ කළු ජාතික ජීවිත වැදගත් (Black Lives Matter) නම් වූ දිගින් දිගට ඇදෙන අරගලයේ ඊයේ (27) විරෝධතා වලට එක්වූ එක් අරගල කාරියක් සම්පුර්ණ නිරුවතින් සන්නද්ධ පොලිසිය සමඟ මුහුණට මුහුණ ලා සිට ගැනීමයි.

මුහුණු ආවරණය සහ කුඩා හිස් වැසුමක් පමණක් ශරීරයේ තිබෙන්නට හැර ඇය පොලිස් හමුදාව වෙත ගමන් කර ඇත්තේ පුර්ණ වශයෙන් නිරුවත්ව.

සෑහෙන කාලයක් ඇයගේ වෘත්තිය වී ඇත්තේ ද ලිංගික සේවා සැපයීම.

'නිරුවත් ඇතීනා' (Naked Athena) යන අන්වර්ථ නමින් පෙනී සිටිමින් මෙම වීදි රංගනයේ යෙදුන ඇයගේ ඇත්ත නම ජෙන් (Jen) යනුවෙන් සඳහන් වෙනවා.

ඇයගේ සහකරු වෙත තමන්ගේ උනා දැමු ඇඳුම පැවරූ ඇය පොලිස් නිලධාරීන් වෙත ගොස් ඇත්තේ 'කුණාටුවේ කේන්ද්‍රය තුල පවතිනවා' යන හැඟීමෙන් (being in the eye of the storm).  

එක්වරම සිතට පැමිණි මොකක්දෝ අමුතු තද ආවේගයක් (fury) නිසා මේ දේ කරන්නට යෙදුනු බවත් ඒ හැඟීම ඔස්සේ ඒ සඳහා අවශ්‍ය ධෛර්යය ලැබුණු බවත් ඇය ඒ සිද්ධියෙන් පසුව මාධ්‍ය වෙත කියා තිබුණා.

'රාක්ෂ ආවේගයක් ඒ වෙලාවේ මා තුල උපන්නා. මට නිරුවතින් ඔවුන්ට මුහුණ දෙන්න උවමනා උනා. මගේ සහකරු කිව්වා හරි මම ඇඳුම් ටික අල්ලා ගන්නම් කියල. ඉතින් පොඩි ආවරණයක් අස්සට ගිහින් මම ඇඳුම් උනා දැමුවා. සීතල නිසා හිස් ආවරණයයි මුහුණු ආවරණයයි එහෙම්ම තිබෙන්නට හැරියා'.

'ඔබට මා නිරුවතින් ඉන්නවා කොහේදිවත් දකින්නට ලැබෙන එකක් නැහැ. නමුත් මම මෙතැනදී අපකීර්තිමත් ලෙස නිරුවත් උනා (I was notoriously naked). හැඩි දැඩි මර්ධනීය පිරිමි බවට (macho stance) මම මුහුණ දුන්නේ ඒ විදියට. ඒක තමයි ඒ වෙලාවේ මගේ ප්‍රකාශනය'.  

109931644 10220911828079979 5539361004708344368 nමේ නිරුවත තනිකරම දේශපාලනිකයි.

උඩුකය නිරුවත් බව නිසා පොලිසිය මට තර්ජනය කර තිබෙනවා. හැබැයි මේ නිරුවත තනිකරම දේශපාලනිකයි. අපේ ඇඳුම් අස්සේ එක ගිණි අවියක් වත් නැහැ. අපි කොච්චර අනතුරුදායක ලෙසද මේ අරගලය ඉදිරියට අරන් යන්නේ. මට ඔවුන්ට පෙන්නන්න ඕනි උනේ අපේ ශරීර නිරාවරණය වෙමින් පවතින අනතුරුදායක බව කොපමණද කියන එක. අපේ ඇඳුම් ඇතුළේ අපි ආයුධ හංගගෙන නැහැ. අපේ ඇඳුම් උනා දැම්මොත් ඔබට පෙනෙයි ඒ ඇඳුම් අස්සේ තියෙන්නේ හුදු නිරුවත පමණක් බව.

'මම ඔවුන්ට පෙන්නුවේ ඔවුන් වෙඩි තබන්නේ කුමකටද කියන එක. ඔවුන් සිය ගණනක් පෙළ ගැහිලා ආයුධ අමෝරාගෙන ඉන්නේ මගේ වගේ ශරීර වලට වෙඩි තියන්න නම් බලපල්ලා ඇඳුම් අයින් කරපුවම තියෙන්නේ මොකක්ද කියල'. ඒ ඇගේ වචන.

ජෙන් ගේ මේ රංගනයෙන් පස්සේ පොලිසිය ආපසු හැරිලා යන්න ගිහින් තියෙනවා.  

කෙල්ලක් උස්සලා ඔළුව පල්ලෙහාට හිටින්න කැබ් එක අස්සට වීසි කරපු පොලිසිය අංක තහඩු, හෙල්මට්, නිරෝධායන නීති කිසිවක් නැතුව මහ පාරේ රංගනයේ යෙදුන ප්‍රාදේශීය පිරිමි දේශපාලකයෙක් ඉස්සරහා ලැජ්ජාවෙන් බිම බලා ගත්ත විදිය ගත්තම ජෙන් ගේ නිරුවත කොච්චර දේශපාලනික ද?

ඔව්..පිරිමි තමන්ගේ ආත්මය ඇතුලෙන් නපුංසක වෙනකොට ස්ත්‍රීය තමන්ගේ බාහිර ඇඳුම උනා දාල පිරිමි ආත්මයේ ඇත්තම හිස් බව පෙන්නනවා. කලබල වෙන්න එපා. නිරුවත කියන්නේ අවියක්.
ලැජ්ජයි....

(මහේෂ් හපුගොඩ ගේ FB පිටුවෙන්)
- Image@Reuters, Donovan Farley,

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...