ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas Front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම ප්‍රකාශය සඳහා ධම්මික පෙරේරා ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් දීප්ති කුමාර පැවසුවේ කිසියම් ව්‍යාපාරයකට ආයෝජනයක් කරන්නේ නම් අවම 14% ලාබයක් තිබිය යුතු බවත්, නමුත් මාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යෑමෙන් ලැබිය හැකි ආදායම 02%ක් පමණ වන බවයි.
එසේ නම් පුද්ගලික මාධ්‍ය ආයතන පවත්වාගෙන යනන්නේ ඇයි ද යන්න දීප්ති මෙහි දී කරුණු පැහැදිලි කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාව අද පවතින තත්ත්වයට දේශපාලනය බලපෑවේ 20%ක් නම් මාධ්‍ය ඒ සඳහා 75%ක් පමණ වගකිව යුතු බවයි.
මේ පිළිබඳව වැඩි දුරටත් කරුණු ඉදිරිපත් කළ විපුල පැවසුවේ ලංකාවේ මේ මොහොතේ කළ යුත්තේ කුමක් ද යන්න තීරණය කරන්නේ පුද්ගලික මාධ්‍ය හිමිකාරිත්වය බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




