ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
පුද්ගලයින් තව දුරටත් අපරාධවල නියැළෙන්නේ Objective (පරමාර්ථීය) කරුණු උදෙසා යැයි හෙතෙම අවධාරණය කළේ ය. විශේෂයෙන් ම මේ වන විට ඇතැම් අපරාධ ආර්ථිකකරණයට ද බලපා ඇති බව ද හෙතෙම පැහැදිලි කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ පොලිස් නිලධාරීන්ගේ මනෝභාවය පිළිබඳ රාජ්‍ය මට්ටමෙන් ම හඳුනාගත යුතු බවයි. මේ පිළිබඳ වැඩි දුරටත් කරුණු දැක්වූ විපුල පැවසුවේ පොලිස් නිලධාරියා යනු ද මේ සමාජ ආර්ථික පසුබිමෙහි ම ජීවත් වන පුද්ගලයකු බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




