ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas Front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් දීප්ති කුමාර පැවසුවේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා නිරන්තරයෙන් ම දුක කතා කළ ද Structurally (ව්‍යහාත්මකව) කරන්නේ නිකම් සිටීම පමණක් බවයි. එහෙත් රනිල් වික්‍රමසිංහ නිරන්තරයෙන් ම ජනතාවගේ දෛනික අවශ්‍යතා පිළිබඳ විශේෂ අවධානය යොමු කළ බව ද හෙතෙම අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මේ වන විට ජනතාව ද, ආණ්ඩුව ද කිසිවකු සිර ගත කළ පසු සතියක දෙකක පමණ විනේද සමයක් ගත කරන බවයි.
එමෙන් ම එම සතිය හෝ දෙසතිය තුළ ඔවුන් හැසිරෙන්නේ ද සිහි විකල් වූවන් ලෙස යැයි පැවසූ විපුල පැහැදිලි කළේ ඒ ආකාරයේ විනෝද සමයක් ගත කළ ද එමගින් රට ඉදිරියට ගෙන යා නොහැකි බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




