ඔවුන් වෘත්තීය සමිති ක්‍රියාධරයින් කරා පැමිණෙන විට මා නිහඩ වුයේ මා වෘත්තීය සමිතිකාරයෙකු නොවූ බැවිනි. ඔවුන් ඉන්පසු යුදෙවුවන් කරා පැමිණියහ. එවිටද මා නිහඩ වුයේ මා යුදෙවුවකු නොවූ බැවිනි. දැන් ඔවුන් මා කරා පැමිණ ඇති අතර මා වෙනුවෙන් හඩක් නැගීමට කිසිවෙකුද නැත.”
මාටින් නිලමොරේ.
දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක මෙම අදහස් උපුටා දැක්වූයේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
ඔහු එම ප්‍රකාශය උපුටා දක්වන්නට හේතු වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතු අඩංගුවට ගැනීමෙන් ඉක්බිති ඒතෙක් විවිධාකාරයෙන් බෙදී සිටි විපක්ෂය එක මිටකට එක්රොක් වීම සම්බන්ධයෙන් ආණ්ඩුපාර්ශවයේ පිරිස් සහ එම පාර්ශ්වය වෙනුවෙන් සිය මාධ්‍ය මෙහෙයවන පිරිස පිළිබඳ අදහස් දක්වමිනි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




