The Leader News
BREAKING
Top Ad
Opinion

ගෝඨාභය මේ කියන්නේ නීතිය තමන් බවද? -අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

September 27, 2020 • 9:31 AM

ගෝඨාභය මේ කියන්නේ නීතිය තමන් බවද? -අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමන් ප්‍රකාශ කරන දේ චක්‍රලේඛ ලෙස භාරගන්නා ලෙස ද, යම් කාර්යාලයකට යැවූ ලිපියකට දින 14ක් ඇතුළත ප්‍රතිචාර නොදැක්වුවහොත්,
  • එහෙත්, ඔහුට එවැන්නක් සඳහා අවශ්‍ය දැක්මක් ඇති බවක් නොපෙනේ.
  • එසේම, ඔහු වෙනත් අයගෙන් උපදෙස් විමසීමට උත්සාහ නොකර, තමන්ගේ මතය අනුව හිතුවක්කාර ලෙස කටයුතු කරන බව ද පෙනේ.
  •  එයින් ඔහු අදහස් කළේ තමන් ඉල්ලන බලය තමන්ට නොදුන්නොත් තමන් හරිහැටි වැඩ නොකරන බවක්ද?
අකුරු ප්‍රමාණය (Font Size):

ලියුමෙන් කරන ලද ඉල්ලීම පිළිගත්තා සේ සලකන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙරේදා (25) රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවත්නා ක්‍රමය වෙනස් කිරීමේ උවමනාවකින් යුක්ත අයෙකු යයි සිතිය හැකිය.

එහෙත්, ඔහුට එවැන්නක් සඳහා අවශ්‍ය දැක්මක් ඇති බවක් නොපෙනේ.

එසේම, ඔහු වෙනත් අයගෙන් උපදෙස් විමසීමට උත්සාහ නොකර, තමන්ගේ මතය අනුව හිතුවක්කාර ලෙස කටයුතු කරන බව ද පෙනේ.

ජනාධිපති ගෝඨාභය පවත්නා ක්‍රමය වෙනස් කිරීමේ උවමනාවකින් යුක්ත අයෙකු යයි සිතිය හැකිය. එහෙත්, ඔහුට එවැන්නක් සඳහා අවශ්‍ය දැක්මක් ඇති බවක් නොපෙනේ. එසේම, ඔහු වෙනත් අයගෙන් උපදෙස් විමසීමට උත්සාහ නොකර, තමන්ගේ මතය අනුව හිතුවක්කාර ලෙස කටයුතු කරන බව ද පෙනේ.

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට තල්ලු කළ ආකාරය මෙහිදී ඉතා වැදගත්ය.

අධිකරණ ඇමතිවරයා පවා වගකීම භාර නොගත්, අගමැතිවරයා විසින් කරුණු සොයාබැලීම සඳහා කමිටුවක් ද පත් කරන ලද 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තමන්ගේ යෝජනාවක් බව ද, තමන්ට එය ලබා නොදෙන්නේ නම්, දැනට පවත්නා තත්වය යටතේම තමන් කටයුතු කරන බව ද ඔහු පැවසුවේ අනියම් තර්ජනයක් ලෙසයි.

 එයින් ඔහු අදහස් කළේ තමන් ඉල්ලන බලය තමන්ට නොදුන්නොත් තමන් හරිහැටි වැඩ නොකරන බවක්ද?

NHDA HEඔහු කටයුතු කරන්නේ තනිවය.. (ජනාධිපතිවරයා නාරාහේන්පිට රජයේ කාර්යාලයකදී)

ඔහු කටයුතු කරන්නේ තනිවය. ඔහුගේ චාරිකාවලට ඇමතිවරුන් තබා පළාතේ මන්ත්‍රීන් හෝ සම්බන්ධ කරගනු දක්නට නොලැබේ.

 ඔහු යන්නේ තම කැමරා කණ්ඩායම සමග පමණි.

ඍජුවම ජනතාව හමුවට යන ඔහු ඉතා සරල ජනාධිපතිවරයකු ලෙස පෙනී සිටියි.

පසුගිය කාලයේ සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ධුර කාලයේ අවසන් භාගයේදී සේ අහංකාර පරවශව කතා කරන්නේ හෝ හැසිරෙන්නේ නැත.

මේවා ව්‍යාජ රංගන නොවේ යයි යම් අයෙකු තර්ක කළ හැකිය.

එසේම, මේ චර්යාවන් පිළිබඳ වරණනාවලින් සමාජ මාධ්‍ය උතුරා යන්නට පුළුවන.

 ජනාධිපතිවරයා ඉතා ජනප්‍රිය විය හැකිය. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගත් කල මෙම චර්යාවන් අතිශය භයානකය.

චක්‍රලේඛ නම් තමන්ගේ වචනය යයි කීමෙන් ඔහු අදහස් කරන්නේ නීතිය තමන් බවද?

ඒකාධිපතිවාදය යනු වෙන කුමක්ද? එය මුලින් පිවිසෙන්නේ මෙවැනි සෞම්‍ය ආකාරයකින් විය හැකිය. එහි අනාගතය තීරණය වන්නේ එයට ලැබෙන ප්‍රතිචාරත් එක්කය.

''ඒකාධිපතිවාදය යනු වෙන කුමක්ද? එය මුලින් පිවිසෙන්නේ මෙවැනි සෞම්‍ය ආකාරයකින් විය හැකිය. එහි අනාගතය තීරණය වන්නේ එයට ලැබෙන ප්‍රතිචාරත් එක්කය.''

ජනාධිපතිවරයාගේ වචන චක්‍රලේඛ ලෙස සැලකිය යුතු යයි කීම පමණක් නොව එසේ සිතීම පවා ගැටලු සහගතය.

එය ශ්‍රී ලංකා රජයේ වගවීම් ස්වභාවය සම්පූර්ණයෙන් ම වෙනස් කරනු ඇත.

වාචික නියෝග හා සන්නිවේදනවල මූලික ගැටලුවක් විය හැක්කේ, ඒවා දුරදිග නොබලා ආවේගශීලීව කරනු ලබන ප්‍රකාශ වීමට ඉඩ තිබීමයි.

ඒවා වාර්තාගත කරගන්නට සිදුවන්නේ ඕඩියෝ සහ වීඩියෝ ලෙසයි. ඕඩියෝ සහ වීඩියෝවල නිලභාවය පිළිගැනීම තරමක් සංකීර්ණය.

වාචික ප්‍රකාශ වාර්තාගත වන විට හා සන්නිවේදනය කරන විට නැවතත් ඒවා ලේඛන මිස වාචික සන්නිවේදන නොවේ.

ඒ නිසා වාචික ප්‍රකාශ චක්‍රලේඛ ලෙස සලකන්නැයි කීමේ අවශ්‍යතාවක් නැත.

එකී වාචික ප්‍රකාශ ම තවදුරටත් සිතා බලා, සාකච්ඡා කර, නිවැරදිව ලිඛිතව ඉදිරිපත් කිරීමේ හැකියාව තිබේ.

එවිට ඒවාට නීත්‍යානුකූලභාවයක් ද ලැබේ.

Para

 

(අජිත් පැරකුම් ජයසිංහ)

praja.lk

 

කියවන්න

20 එන්නත් කලින් ගෝඨාභය රජාට ඇඳලා : 'ප්‍රංශයේ ලුවී රජයත් ඔහොමම කිව්වා' - ශිරාල් ලක්තිලක

චියර්ස්! : තම වාචික නියෝග චක්‍රලේඛ ලෙස සලකනු!!- ජනපති නියෝගයක්  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...