ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas Front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
වර්තමාන ආණ්ඩුවට සාර්ව ආර්ථිකය පිළිබඳ කිසිදු දැනුමක් නොමැති බවට ඔවුන් වර්තමානයේ භාවිත කරන කුටුම්බ ආර්ථික රටාවෙන් පැහැදිලි වන බව ද හෙතෙම පැවසී ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මේ වන විට රටේ ආර්ථිකය සංකෝචනය (හැකිළෙමින්) වෙමින් පවතින බවයි.
එමෙන් ම එලෙස සංකෝචනය වෙමින් පවතින ආර්ථික ක්‍රමය ප්‍රසාරණය කිරීම වෙනුවෙන් රජයට වැඩ පිළිවෙළක් ද නොමැති බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




