සදාචාරය අරක මේක වගේ ප්‍රශ්න නිසා පසුගිය සියලු ආණ්ඩු බයවෙච්ච දේවල් කිසිම බයක් නැතුව NPP එක කරනවා. දුම්රිය, තැපැල්, වෛද්‍ය ඔය හැමෝම ඉස්සරහ අනෙක් ආණ්ඩු නැවුන. වෙන මුකුත් නිසා නෙවෙයි සදාචාර ප්‍රශ්න නිසා.
මින් පෙර සියලු ආණ්ඩු එයාල දාඩිය වගුරන ගොවියොනේ, කම්කරුවෝනේ, සේවකයෝනේ, ගුරුවරුනේ, යනාදී වශයෙන් හැඟීම් පාදක කරගෙන ආණ්ඩුකරන්න ගිහිල්ල කෙළවාගත්ත.
විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ කියල හිතල වැඩකරලා කෙලවගත්ත.
දැන් ඒවා නැහැ. දෙන්නේ නැහැ කියල කෙලින් කියනවා. වැඩට ආවොත් විතරක් සාකච්චා කරනවා කියල කෙලින් කියනවා. නැත්නම් වෙන රස්සා හොයාගනිල්ලා කියල කැබිනට් ප්‍රකාශකම කියනවා.
වෙන දෙයක් එපා වෙනම අන්තරයක් පවා හැදුව. ගිවිසුම් ගැහුවා. නැව්ව. ලඟමත් නැව්ව.
කැසිනෝ ගෙනාව. කංසා වවනවා. පෞද්ගලිකකරණයට විරුද්ධ නැහැ. කෙලින් කියනවා. කකුල් වෙව්ලන්නේ නැහැ. අන්තිමට කංසා යෝජනාව ගෙනාව ඩයනත් සපෝට්.
සදාචාරය සහ දේශපාලනය හරියට වෙන්කරගෙන ඉන්නේ මෙයාල විතරයි.
මීට කලින් ජේආර් ට්‍රයි කළා. උතුර දකුණ ඇවිලිලා ඒක ඉවර උනා. ප්‍රේමදාස පාරේ ඉවර උනා. චන්ද්‍රිකා වයසේ වැරැද්ද නිසා අවසන් උනා. ඊළඟ චාන්ස් එක මහින්දට ආව. යුද්දෙන් පස්සේ මොනවදෝ ඉස්පොල්ලේ ගිහිල්ල එයත් ඉවර උනා. ගෝඨා විහින් කෙළවාගත්ත. රනිල්ට චාන්ස් එක ආවත් කාලය, අවකාශය සහ තව ගොඩක් දේවල් හරස් උනා.

ආසියාවේ එකම සාර්ථක සහ ප්‍රථිපලදායක ක්‍රමය වන චීන -සිංගප්පුරු ක්‍රමයට ධනවාදය අරන් එන්න මෙතෙක් කාටවත් කොන්දක් තිබ්බේ නැහැ. ඒකට අවශ්‍ය රාජ්‍යය මුල්මවරට හදන්නේ ජවිපෙ සහ ජාතික ජන බලවේගය....ඒකට විරුද්ද වෙන්න තියා හිතන්නවත් කාටවත් බැහැ.
මට නම් පේන්නේ එහෙම. දැන් ඔයාල නිදාගන්න...
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)




