The Leader News
BREAKING
Top Ad
Opinion

රනිල්ට එහෙමනම් අපිට... | Mahesh Hapugoda

T

The Leader Desk

August 23, 2025 • 9:16 AM

රනිල්ට එහෙමනම් අපිට... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒත් මම පොඩි රිසර්වේෂන් (reservation) එකක් තියාගෙන හිටිය.
  • ඇත්තටම රනිල් එතැනදී වැරදිත් ඇති.
  • නිකම් ෆෝන් එකක් චෙක් කළත් ඒවායේත් ඇති හිරේදාන්න ඕනි දේවල්.
  • නමුත් අපි (විශේෂයෙන් මම) හිටපු තැන එක්ක මම දෘෂ්ටිවාදී වැරදි අවබෝධයක හිටිය අනුරගේ ආණ්ඩුව මේ වගේ දෙයක් රනිල්ට නොකරනු ඇති කියල.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒත් මම පොඩි රිසර්වේෂන් (reservation) එකක් තියාගෙන හිටිය. රිසර්වේෂන් එකක් කිව්වේ එසේ නොවීමට පොඩිම පොඩි ඉඩක් තියෙයි කියල හිතන එක.

මොකක්ද ඒකට හේතුව?

ඒකට හේතුව තමයි මම ස්ථානගත වෙලා හිතපු තැන. ජනාධිපති චන්දෙට පොඩ්ඩක් කලින් ඉඳල මේ ඊයේ පෙරේදා වෙනකම් මම සහ මම දන්නා බොහෝ දෙනෙක් ස්ථානගත වෙලා හිටියේ රනිල් සහ මාලිමාව අතර තියන නොපැහැදිලි තැනක. සංස්කෘතිකව නෙවෙයි දේශපාලනිකව.

රනිල් පටන් ගත්ත වැඩේ අනුර ඇදගෙන යනවා කියන අදහස සහ තවත් අදහස් එක්ක ඒ තැන මට තරමක් අදාල උනා. හැබැයි ගොඩක් අය ඒ අතරතුර තැන (in between position) ගැන මට අනතුරු ඇගෙව්වා.

Sri Lanka's former president Ranil Wickremesinghe (L) is escorted to his seat in a prison bus in Colombo on August 22, 2025, after a magistrate ordered him to be held in remand custody till August 26, 2025, following allegations that he misused state funds to travel to Britain in 2023. (Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

නමුත් මට ඊයේ තේරුම්ගිය දේ තමයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ කාටවත් වැඩක් නැති, මෙළොව රහක් නැති, කාටවත් කිට්ටුවෙන්න බැරි, මොකක්දෝ ගුප්ත බිංගෙයක් කියන එක. මේ දැනුම අපිට විශ්ව විද්‍යාල කාලේ ඉඳන් තිබ්බත් ඊට පස්සේ දැක්ක උනත් ඊයේ තමයි ඒක දැනුමක් හැටියට ඇඟේ හැප්පුනේ.

මම කියන්නේ හැමෝම කියන විදියට මේ පොදුදේපළ සීන් එක කියන්නේ ඕනිනම් ගන්නත් පුළුවන් නැත්නම් ඔහේ තියන්නත් පුළුවන් සීන් එකක්. ඇත්තටම රනිල් එතැනදී වැරදිත් ඇති. ඒක මම දන්නේ නැහැ. හැබැයි ඕනිම කෙනෙක් දිහා සමීපව බැලුවොත් මේ වගේ ඕනිතරම් දේවල් හොයාගන්න පුළුවන්. නිකම් ෆෝන් එකක් චෙක් කළත් ඒවායේත් ඇති හිරේදාන්න ඕනි දේවල්. මම කියන්නේ අවංකව.

නමුත් අපි (විශේෂයෙන් මම) හිටපු තැන එක්ක මම දෘෂ්ටිවාදී වැරදි අවබෝධයක හිටිය අනුරගේ ආණ්ඩුව මේ වගේ දෙයක් රනිල්ට නොකරනු ඇති කියල. ඒ මාලිමාව කියල ඔවුන් වෙනස් වෙලත් හිටපු නිසා. එයින් කියවෙන්නේ නැහැ හොරු අල්ලන්න එපා කියල. හැබැයි මම කියන දේ විරුද්ධාභාෂයක් සහිතයි.

මම කියන්නේ සමහර දේවල් සම්බන්දයෙන් රිසර්වේෂන් එකක් තියාගන්න කියල. ඒක දේශපාලනික නොවන්නේ නැහැ. මොකද මේ සිද්දියේ දේශපාලනික ප්‍රතිවිපාක ගොඩක් තියෙන්න පුළුවන්.  

 

TOPSHOT - Sri Lanka's former president Ranil Wickremesinghe looks on as he sits in a prison bus in Colombo on August 22, 2025, after a magistrate ordered him to be held in remand custody till August 26, 2025, following allegations that he misused state funds to travel to Britain in 2023. (Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

නමුත් ඊයේ ඔප්පු උනා එහෙම නැහැ කියල. එහෙම හිඩැසක් නැහැ කියල. අපි කාටවත් ඇතුල්වෙන්න දොරටුවක් නැහැ කියල. රනිල්ට එහෙමනම් අපිට කොහොම කරයිද කියල හිතුන...

ඉන්නේ එයාල විතරයි. ආයේ කාටවත් රිසර්වේෂන් නැහැ...ඒ දැනුම වෙනුවෙන් ස්තුති!

(චායාරූපයේ හිමිකරු දන්නේ නැහැ)

Mahesh Hapugoda
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


Screenshot 2025 08 23 134105

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...