The Leader News
BREAKING
Top Ad
Opinion

රනිල් සහ කාල තරණය... | Mahesh Hapugoda

T

The Leader Desk

August 26, 2025 • 7:17 AM

රනිල් සහ කාල තරණය... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගොඩක් වෙලාවට රනිල් ඔවුන්ට ආපසු එන්න කියල ඉල්ලීමක් නොකළත් කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ට එක්කෝ එන්න සිද්ද වුනා නැත්නම් මොකක් හරි අවබෝධයක් ඇතුලේ ඔවුන් ආපසු ආව.
  • ඒ බණින වීඩියෝ ක්ලිප්ස්, පෝස්ටු ආයෙත් මුහුණට මුණගැසිල අර දැන් ඉන්න තත්වය සහ එදා හිටපු තත්වය අතර පරස්පර බවක් හටගන්න ගත්ත.
  • ඒ පරස්පර බව (එදා සහ අද) සමහන් කරන්න තවමත් සාර්ථක ලෙස කාටවත් බැරිවෙලා තියනවා.
  • මංගල කිව්ව එදා කිව්ව දේවල් නෙවෙයි ඇත්ත.
අකුරු ප්‍රමාණය (Font Size):

ගොඩක් වෙලාවට රනිල් ඔවුන්ට ආපසු එන්න කියල ඉල්ලීමක් නොකළත් කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ට එක්කෝ එන්න සිද්ද වුනා නැත්නම් මොකක් හරි අවබෝධයක් ඇතුලේ ඔවුන් ආපසු ආව.

එතකොට මෙන්න මෙහෙම දෙයක් වෙන්න ගත්ත. ඒ තමයි ඔවුන් අර රනිල්ගෙන් වෙන්වෙන තැනදී ඔහුට කරපු ප්‍රභල විවේචන මේ ෆේස්බුක් යුගයේ නැවත ඉස්මතු වෙන්න ගැනීම. ඒ බණින වීඩියෝ ක්ලිප්ස්, පෝස්ටු ආයෙත් මුහුණට මුණගැසිල අර දැන් ඉන්න තත්වය සහ එදා හිටපු තත්වය අතර පරස්පර බවක් හටගන්න ගත්ත. ඒ පරස්පර බව (එදා සහ අද) සමහන් කරන්න තවමත් සාර්ථක ලෙස කාටවත් බැරිවෙලා තියනවා. අතීතය වර්තමානය හැටියට නැවත නැවත ඇඟේ හැප්පෙනවා.

පොහොට්ටුව රනිල් හොරා කියල මුද්‍රණය කරපු පෝස්ටර් තවම පොප්අප් වෙනවා. මහින්දානන්ද රනිල් හිරේ යනකම් නින්ද යන්නේ නැහැ කිව්ව එක තවම ඉස්සෙනවා. කාලයෙන් ගැලවෙන්න තවමත් කාටවත් බැහැ.

මේ කාලයෙන් ගැලවීම (scape from time) මුලින්ම කරන්න හදපු කෙනෙක් තමයි මංගල. මංගල කිව්ව එදා කිව්ව දේවල් නෙවෙයි ඇත්ත. ඒ කිව්ව දේවල් වලට වඩා වෙනස් රනිල් කෙනෙක් ඔහුට පසුව දකින්න පුළුවන් උනා කියල. නමුත් ඒක සියයට සීයක් සාර්ථක ප්‍රත්‍යාවර්තනයක් උණේ නැහැ. එහෙම වෙන්නෙත් නැහැ. ඕනෑම කෙනෙකුට කාලය අවශ්‍ය කරනවා. කාලය සමඟ පරිණාමය වෙන්න වෙනවා. වැදගත් වෙන්නේ එකම තැනක ඉන්නේ නැතුව එහෙම පරස්පරතා සහිතව හරි පරිණාමය වෙන එක. මංගල උත්සාහ කළා ඔහුගේ කාලය ඇතුලේ වෙනස්වෙන්න සහ නැවත හැරිලා බලන්න.


මංගල රනිල් එක්ක පැටලෙන කාලේ ඔහු තරුණයි. එහෙම කාලය ගතවෙලා ඔහු මැදිවියට ඇවිල්ල දේවල් වෙනස් විදියට තේරුම් ගන්න හදන්න ඇති. රනිල් අතික්‍රමණය කරන්න හදනවා වෙනුවට ඔහු තීරණය කරනවා රනිල් එක්ක සමාන්තර විදියට ගමන් කරන්න. ඒක තරමක පරිණත ප්‍රවේශයක්.

කෙසේ වෙතත් ලංකාව සහ රනිල් අතර තියන කාල වෙනස (time difference) සලකුණු කරන්න මංගල හොඳ උදාහරණයක්. ඔහු මියගිහිල්ල මේ 24ට අවුරුදු හතරක්. ඔහු රනිල්ට කලින් නික්ම යනවා. මරණය එක්ක කාලයේ පරස්පර බව විසඳෙනවා කියල ඩෙලූස් කියනවා.

හැමෝම වෙනස් වෙද්දී රනිල් විතරක් වෙනස් නොවී ඉන්න උත්සාහ කළේ නැහැ. කාලය එක්ක රනිල් පවා වෙනස්කම් සලකුණු කරලා තියනවා. සමහර ඒවා අපිට දැනට තේරුම්ගත හැකියි. සමහර ඒවා තේරුම්ගන්න සමහර විට තව කාලය යාවි.

මොකද මට අනුව රනිල් කියන්නේ කාලයට තරමක් ඉදිරියෙන් හිටපු දේශපාලඥයෙක්. කලාතුරකින් බිහිවෙන චරිතයක්. ඒ නිසා දෙනලද කාලය (වර්තමානය) සමඟ ගමන්කරන ගොඩක් අයට යම් කාලයක් ගන්න වෙනවා ඔහු ලඟට එන්න. ඒක අර ප්‍රංශ දාර්ශනික ඩෙලූස් කියනවා වගේ ටයිම් ට්‍රැවල් එකක්. කාල තරණයක්.
නිකම් වටපිට බලන්න. අනික් අය කොච්චර මහන්සි වෙනවද කියල පෙනෙයි මේ කාල තරණය වෙනුවෙන්.

(මංගලගේ ෆොටෝ එකක් දැම්මේ නැතුවට සමාවෙන්න!)



(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රනිල් සහ කාල තරණය... | Mahesh Hapugoda | The Leader