අද වෙනකොට ඔහුගේ රෝග තත්වයන් පරික්ෂාකරලා ඔහුට හදවත් සැත්කමක් කරන්න ඕනි කියල කියන්නේ ලංකාවේ ජාතික රෝහල. රනිල් ජාතික රෝහලට ඇතුලත් කරද්දී සාදුකාර දුන්න කියල කියන්නේ ලංකාවේ ජාතික රෝහලේ කාර්යමණ්ඩලය.
ඉතින් අපි බණිනවා නේද රෝහල් කාර්ය මණ්ඩලවලට. ලංකාවේ වෛද්‍ය වෘත්තිකයින්ට. රාජ්‍ය සේවකයින්ට.
සහ ලංකාවේ තවත් රෝහල් තියනවා නේද ලොකු...ලංකා හොස්පිටල්, ආසිරි, නවලෝක ආදී ලෝකේ නැති නම් තියන.
සහ රනිල්ට ඕනිනම් සිංගප්පුරුවේ හරි කොහෙහරි යන්න පුළුවන් කියලත් අපිට කියන්න පුළුවන් නේද? නමුත් ඉතාම තීරණාත්මක වෙලාවකදී රනිල්ගේ ඇත්තම තත්වය එක්ක එයාට ප්‍රතිකාර කරන්න වෙන්නේ ලංකාවේ ජාතික රෝහලට නේද?
පුද්ගලික රෝහල් ගැන මොන කතා තිබ්බත් අපිට හදිස්සියට වැටෙන්න තියෙන්නේ ඔය ලංකාවේ දුප්පත් අකාර්යක්ෂම රෝහල් ටිකට නේද? ඕවා ටික වහල දැම්මොත් වැටෙන්න වෙන්නේ පාරට නේද?
රනිල්ටත් එහෙමනම් අපිට....
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)




