දැන් මිනිස්සු බෝරිස් ගැන කතාවෙනවා. ආයිමත් බ්‍රෙක්සිට්.
මම තේරෙන්නේ නැහැ ඇයි මෙච්චර රනිල් ෆෝකස් වෙන්නේ කියල. විශේෂයෙන් මහා ජනප්‍රිය ආණ්ඩුවක් තියන වෙලාවක මේ වයසක පප්පෙක් ගැන කතාවෙන්නේ ඇයි, ඉස්සෙන්නේ ඇයි කියල හිතාගන්න බැහැ. මේ පප්පා සූරපප්පා නිසාවත්ද? ගෝල් දේසේ සීසර්ට අල්ලන්න බැරි උණේ සූරපප්පා නිසා නේද?
නැත්නම් වෙනත් නායකයෝ එක්ක පොත් ගැන කියවෙන්නේ නැති නිසාද? විශේෂයෙන් ඉංග්‍රීසියෙන් ලියවෙච්ච තඩි පොත්, චරිතකතා උන් කියවන්නේ නැති නිසා වත්ද?
මොනවා උනත් බණින්න හරි රනිල් රනිල් කියල වැඩි වැඩියෙන් කියවෙනවා. නිකම්ම කැම්පේන් එකක් හැදෙනවා.
කජු සීයා කියල බණිනවා. ඇපයා කියල බණිනවා. ධමණියා කියල බණිනවා. තව ගොඩක් නම්වානම් හදල තියනවා. ලාල් කාන්තම කියනවා රනිල් ඉවරෙට ඉවරයි කියල. ධමණිය නිසා වෙන්න ඇති.
ගොඩක් වෙලාවට අනුප්‍රාප්තිකයෙකුට එයාගේ පුර්වගාමියා පහුකරන්න බැරි වෙච්චම සාධාරණ කේන්තියෙක් එනවා. ඒක පොඩි අනන්‍යතා ප්‍රශ්නයක් වගේ එකක්.
රනිල්ගේ වැඩේම තමයි මෙයාලත් කරගෙන යන්නේ කියන එක අනන්‍යතා අවුලක් වෙන්න පුළුවන්. විශේෂයෙන් තමන්ගේම පාරක් නැති නිසා, තමන් රනිල්ගේ දිගුවක් කියල පිළිගන්නත් අකමැති නිසා, තඩි පොත් එක්කත් තරහ නිසා මරන්න තරම් කේන්තියක් එනවා ඇති.
රනිල් ඉස්පිරිතාලේ ඉන්න කොටම ඉවරයක් කරන්න කියලත් කීව වගේ මතකයි. අනන්‍යතා ගැටළු කියන්නේ මරණයෙන් අවසන් වෙන්න පුළුවන් ඒවා.
කාශ්‍යප නම් පියා මරල දැම්ම. හැබැයි ඔහු තමන්ගේ කියල එකකුත් හැදුව. ඒ මොනවා හැදුවත් මහාවංශය කාශ්‍යප ඉස්සුවේ නැහැ. ඉතිහාසය ඇතුලේ ධාතුසේන ශ්‍රේෂ්ටයෙක් උණා මිසක්...
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
රනිල් අතේ පොතක්.... | Mahesh Hapugoda
T
The Leader Desk
August 29, 2025 • 5:05 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- දැන් මිනිස්සු බෝරිස් ගැන කතාවෙනවා.
- ගොඩක් වෙලාවට අනුප්‍රාප්තිකයෙකුට එයාගේ පුර්වගාමියා පහුකරන්න බැරි වෙච්චම සාධාරණ කේන්තියෙක් එනවා.
- විශේෂයෙන් තමන්ගේම පාරක් නැති නිසා, තමන් රනිල්ගේ දිගුවක් කියල පිළිගන්නත් අකමැති නිසා, තඩි පොත් එක්කත් තරහ නිසා මරන්න තරම් කේන්තියක් එනවා ඇති.
- ඉතිහාසය ඇතුලේ ධාතුසේන ශ්‍රේෂ්ටයෙක් උණා මිසක්.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



