The Leader News
BREAKING
Top Ad
Opinion

බොරු කියන මහාචාර්යවරයෙකු හමු විය : 'සෝමදේවගේ “ස්වදේශික” අණ්ඩර දෙමළය' - කුසල් පෙරේරා

T

The Leader Desk

September 16, 2020 • 9:18 AM

 බොරු කියන මහාචාර්යවරයෙකු හමු විය : 'සෝමදේවගේ “ස්වදේශික” අණ්ඩර දෙමළය' - කුසල් පෙරේරා 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙය ලියන දිනට හරියටම සතියකට පෙර 2020 සැප්තැම්බර 02 වන දින කැළණිය විශ්ව විද්‍යාලයයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් කුමාර් සෝමදේව මාධ්‍යයට ප්‍රකාශ කර තිබූයේ එතෙක් හමුව
  •   නාග සහ යක්ෂ ගෝත්‍රිකයින්ගේ පැමිණීම ගැනද ලංකාව දූපතක් බවට පත්වීම ගැනද සඳහන් කරමින් මහාචාර්ය සෝමදේව කියන්නේ “.....එතකොට දූපතක් බවට පත් උනහම, අපි මහ සාගරයෙන් වට වෙලා, අපි insulate වෙනවා.
  • “දැන් එහෙම මුහුද මැද්දෙ තනි උනහම, අර කොයි කට්ටියත් මේ ඇතුලේ එක අස්ථිත්වයක්, එක කණ්ඩායමක් හැටියට ගොනු වෙලා පොදු සංස්කෘතියක් ඉස්සරහට දියුණු කරගෙන යනවා.” යැයි ඔහු කියන්නේ අනුමානයක් ලෙස නොව, ඔහුගේ අරමුණට ගැලපෙන නිගමනයක් ලෙසිනි.
  • ඔහු කතා කරන්නේ “සංස්කෘතියෙහි ශුද්ධවන්ත බව” ගැනය.'' මේ තනි පොදු සංස්කෘතිය ගැන ඔහු කියන්නේ සිංහල ජාතිය සතු කෘතවේදී විශිෂ්ට සංස්කෘතියක් ලොව කොහේවත් නැත යැයි කියා ය.
අකුරු ප්‍රමාණය (Font Size):

නොතිබුණු විල ඔය නිම්නයේ “බුදුපටුන ස්ථූප” තුනක් අහම්බෙන් ඔහු සහ ඔහුගේ පර්යේෂණ කණ්ඩායමට හමු වූ බවය. 

එය මාධ්‍යයට ලොකු ප්‍රවෘත්තියක් විය. 

ඔවුන්ට අහම්බෙන් හමු වී යැයි කියූ බුදුපටුන ස්ථූප ගැන මීට අවුරුදු 06 ට පෙර 2014 අගෝස්තුවේදී “Lakdasun trips” නම් වෙබ් අඩවියේ ඡායාරූප සමගින් සැළකිය යුතු විස්තරයක් පළකර ඇත. 

ඔවුන්ටද අවුරුදු 30 ට පෙර 1985 දී ජපානයේ හෝසෙයි විශ්ව විද්‍යාලයයේ පුරාවිද්‍යා පර්යේෂණ කණ්ඩායමක්ද එහි ගොස් ඔවුන්ගේ සඟරාවෙහි ඒ ගැන විස්තර හා ඡායාරූප පළකර ඇත. 

මෙහෙව් බොරු කියන්නාවූ මහාචාර්යවරු තව සිටී දැයි නොදනිමි.

“අපේ මස්කට්”
මහාචාර්ය සෝමදේව නෙත් එෆ්.එම් නාලිකාවෙහි “Unlimited History” නමින් ලාංකීය පුරාවිද්‍යාව පිළිබඳව කරන සාකච්ඡා මාලාවකදී පසුගිය සැප්තැම්බර 07 වන දින කියූවේ, ඕමානයේ මස්කට් නගරයේ වෙන නමකින් “අපේ මස්කට්” කෑමට ඇතැයි කියා ය. 

''මහාචාර්ය සෝමදේව නෙත් එෆ්.එම් නාලිකාවෙහි “Unlimited History” නමින් ලාංකීය පුරාවිද්‍යාව පිළිබඳව කරන සාකච්ඡා මාලාවකදී පසුගිය සැප්තැම්බර 07 වන දින කියූවේ, ඕමානයේ මස්කට් නගරයේ වෙන නමකින් “අපේ මස්කට්” කෑමට ඇතැයි කියා ය.'' 

එය පුදුමයට කාරණාවක් නොවේ යැයිද ඔහු කියන්නේ, සේද මාර්ගයේ මාතොට සිට ඕමාන් දක්වා වෙළඳාමේ ගිය මේ දූපතේ ස්වදේශිකයින් “අපේ මස්කට්” ඕමානයට හඳුන්වා දී ඇතැයි කීමට ය. 

මේ දූපතේ ස්වදේශිකයන් මුහුදු සේද මාර්ගයේ වෙළඳාමට ආව ගිය කතාවක් මීට පෙර කොතැනකවත් අසා නැත.

ඒ සාකච්ඡාවෙහි ඔහුගේ උත්සාහය වූයේ ජන වර්ග අනුව පිරිසිදු ජන වර්ග සෙවිය නොහැකි වූවත් මේ දූපතේ ස්වදේශිකයින්ගේ අනන්‍යතාව ඇත්තේ ඔවුන්ගේ සංස්කෘතියෙහි යැයි කීමට ය. 

ඔහු කියන්නේ, ”අපිට කියන්න බැහැ අපි මේ ලංකාව ඇතුලේ හරිම, කොහෙටවත් කලවම් වෙන්නෙ නැතුව හිටියා කියලා. අපේ අනන්‍යතාව තියෙන්නේ ජෛව විද්‍යාත්මකව නෙවෙයි. අපේ අනන්‍යතාව තියෙන්නේ ‘සංස්කෘතිමය’ වශයෙන්. අපි ලෝකේ කිසිදු රටක් සමග යට නොවන, ඕනෑම රටක සංස්කෘතියක් සමග කරට කර තරග කරන්න පුළුවන් විදිහේ, අපේ නිවර්තන කලාපීය අනන්‍යතාව තිබෙන සුවිශේෂි විශිෂ්ඨ සංස්කෘතියක් අපි නිර්මාණය කර ගත්තා.” 

“තනි” ස්වදේශික සංස්කෘතියක් ...

මේ දූපත ජනාවාස වීම ගැන ඔහුගේ අර්ථ දැක්වීම පටන් ගන්නේත් අවසන් වන්නේත් අවුරුදු 10,000 ට පෙර ඊසාන දිග ඉන්දීය කඳුකර ප්‍රදේශ කිහිපයකින් සංක්‍රමණය වූ යක්ෂ හා නාග ගෝත්‍ර ඒ වන විට මේ දූපතේ සිටි “අපේ මානවයා” සමග සම්මිශ්‍රණය වී හැදුනු සංස්කෘතික අනන්‍යතාව සමග මේ දූපතෙහි “තනි” ස්වදේශික සංස්කෘතියක් බිහිව, වර්ධනය වූයේ යැයි කීමෙනි.  

නාග සහ යක්ෂ ගෝත්‍රිකයින්ගේ පැමිණීම ගැනද ලංකාව දූපතක් බවට පත්වීම ගැනද සඳහන් කරමින් මහාචාර්ය සෝමදේව කියන්නේ “.....එතකොට දූපතක් බවට පත් උනහම, අපි මහ සාගරයෙන් වට වෙලා, අපි insulate වෙනවා. දැන් එහෙම මුහුද මැද්දෙ තනි උනහම, අර කොයි කට්ටියත් මේ ඇතුලේ එක අස්ථිත්වයක්, එක කණ්ඩායමක් හැටියට ගොනු වෙලා පොදු සංස්කෘතියක් ඉස්සරහට දියුණු කරගෙන යනවා.” ඔහු අවධාරණය කරන්නේ විටින් විට අලුතින් දේ එකතු කර ගනිමින්, පෝෂණය වෙමින් මේ දූපතේ ඓතිහාසිකව තහවුරු වූයේ ස්වදේශිකයින්ගේ සිංහල බෞද්ධ සංස්කෘතිය පමණක්ම බවය.

සෝමදේවගේ ස්වදේශික න්‍යාය බරපතල පරස්පර, ප්‍රශ්න හා ප්‍රබන්ධ සහිත වන්නකි:

සෝමදේවගේ ස්වදේශික න්‍යාය බරපතල පරස්පර, ප්‍රශ්න හා ප්‍රබන්ධ සහිත වන්නකි. “දැන් එහෙම මුහුද මැද්දෙ තනි උනහම, අර කොයි කට්ටියත් මේ ඇතුලේ එක අස්ථිත්වයක්, එක කණ්ඩායමක් හැටියට ගොනු වෙලා පොදු සංස්කෘතියක් ඉස්සරහට දියුණු කරගෙන යනවා.” යැයි ඔහු කියන්නේ අනුමානයක් ලෙස නොව, ඔහුගේ අරමුණට ගැලපෙන නිගමනයක් ලෙසිනි.  


''මේ තනි පොදු සංස්කෘතිය ගැන ඔහු කියන්නේ සිංහල ජාතිය සතු කෘතවේදී විශිෂ්ට සංස්කෘතියක් ලොව කොහේවත් නැත යැයි කියා ය. ඔහු කතා කරන්නේ “සංස්කෘතියෙහි ශුද්ධවන්ත බව” ගැනය.''

මේ තනි පොදු සංස්කෘතිය ගැන ඔහු කියන්නේ සිංහල ජාතිය සතු කෘතවේදී විශිෂ්ට සංස්කෘතියක් ලොව කොහේවත් නැත යැයි කියා ය. ඔහු කතා කරන්නේ “සංස්කෘතියෙහි ශුද්ධවන්ත බව” ගැනය. 

”ශුද්ධවන්ත විය හැක්කේ අපේ සංස්කෘතිය. අපේ භාෂාව. අපේ හුරු පුරුදුකම්. අපි ආවේනිකව දියුණු කර ගත්ත දේ. සරළව කියනවා නම්, මිනිස්සුන්ට කන්න දෙන එක. අපේ මේ සිංහල මිනිස්සු තරම්, මේ සිංහල දීපයේ මිනිස්සු තරම්, තවත් අයට නොමිලේ කන්න දෙන ජාතියක් ලෝකයේ නැහැ.” යැයි මහාචාර්ය සෝමදේව සහතික කර කියන්නේය.

ඔහු මේ “විශිෂ්ඨ” සංස්කෘතියෙහි පදනම ගැන කියන්නේ “බුදු දහම වගේ ශ්‍රේෂ්ඨ දර්ශනයක් අරගෙන, ඒ දර්ශනය ජීවන මාර්ගයත් එක්ක බද්ධ කරලා, අපි අපට අවශ්‍ය කරන ඇගයුම් පද්ධතියක් ඉතිහාසය පුරාම දියුණු කරගෙන ආවා.” යැයි කියා ය.

මහවංශයේ තොරතුරු නිවැරදි හා ස්වාධීන යැයි සෝමදේව පිළිගන්නේ නම්, ඔහු සහතික ලියන ඒ සාඩම්බර ඉතිහාසයෙහි සිහසුන හිමි කුමරෙකු උපත නොබලන්නට එක්ටැම් ගෙයක හිරකර තබන චිත්‍රලා, පණ්ඩුකාභය කුමරා රජකමට පැමිණීම වළකා ලන්නට අහිංසක දරුවන් ඝාතනය කරමින් ගිය මාමලා, ඒ මාමලා මරා රජකම ගන්නා පණ්ඩුකාභයලා, දේවානම්පියතිස්සගෙන් පසු රජකම හේතුවෙන් ජීවිතය බේරා ගැනීමට අනුරාධපුරයෙන් පලා ගොස් රුහුණේ රජ වූ මහානාගලා, පස් වසරක කාමුක පාලනයක් සමග සිටි අනුලා දේවිලා, පිය රජු හිටෝපස් ගසා මැරූ කාශ්‍යපලා, පිය රජුට ස්ත්‍රියක් යැයි අපහාස කළ දුෂ්ඨ ගාමිණිලා, රජුට කේළාම් කියූ මහ විහාරය හා අභයගිරිය භික්ෂුන් වහන්සේලා, කේළාම් අසා භික්ෂුන් පිටමං කළ රජවරුන්, රජකම වෙනුවෙන් කුමන්ත්‍රණය කළ, ඝාතන කළ බිසෝවරුන් සහෝදරයින් හා සෙන්පතියන්, පන්සල් නිවාස කරගත් ඝණින්නාන්සේලා, උපසම්පදාව රජුගේ පිහිටෙන් සියමෙන් ගෙන්වා ගැනීමට සිදුවූ පිරිහුණු සංඝ සමාජය වැනි දිග අපරාධ හා පිරිහීම් ලැයිස්තුව සෝමදේව තේරුම් කර දිය යුතුය. 

ඔහු කියන්නාවූ කිසිදු සංස්කෘතියකට යට නොවන මේ සිංහල බෞද්ධ සංස්කෘතියේ මේ වනවිට මෙතරම් ලිංගික අපරාධ, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මිනී මැරීම්, කප්පම් ගැනීම් කිසිදු පාලනයකින් තොරව පවතින්නේ කෙසේදැයි ඔහු තේරුම්කර දිය යුතුය. 

“බුදු දහම” කෙසේ වෙතත් “බෞද්ධාගම” දේවානම්පියතිස්ස සමයේ සිට රජ මාළිගාවේ සෘජු සම්බන්ධය හා දායකත්වය සමග පන්සල් ඇසුරෙන් සමාජගත වූවකි. 

“බුදු දහම” කෙසේ වෙතත් “බෞද්ධාගම” දේවානම්පියතිස්ස සමයේ සිට රජ මාළිගාවේ සෘජු සම්බන්ධය හා දායකත්වය සමග පන්සල් ඇසුරෙන් සමාජගත වූවකි. 

එහෙත් එය “සිංහල බෞද්ධ” සංස්කෘතියක් වන්නට සමාජය සිංහල සමාජයක් විය යුතුව තිබිණ.

 සෝමදේව එය ප්‍රබන්ධ කරන්නේ වසර 10,000 ට පෙර සිට මෙය “සිංහල දීපය” යැයි නම් කරමින් මිහිඳු හිමියන් මිහින්තලාවට වැඩම කිරීමට සියවස් කිහිපයකට පෙරද මේ සිංහල දීපයේ බෞද්ධාගම පැවතියේ යැයි කීමෙනි.

මහාචාර්ය සෝමදේව මෙය “සිංහල” දීපය යැයි නම් කළද, සිංහල භාෂාවක් නොමැතිව සිංහල දීපයක් තිබිය නොහැක. එවැනි භාෂාවක් පැවති බවට සයවන සත්වන සියවස් දක්වාත් හමුවන සෙල් ලිපි වලින් කියවෙන්නේ නැත. ඒවායේ ඇත්තේ බ්‍රාහ්මි ප්‍රාකෘත අක්ෂර ය. 

''මහාචාර්ය සෝමදේව මෙය “සිංහල” දීපය යැයි නම් කළද, සිංහල භාෂාවක් නොමැතිව සිංහල දීපයක් තිබිය නොහැක. එවැනි භාෂාවක් පැවති බවට සයවන සත්වන සියවස් දක්වාත් හමුවන සෙල් ලිපි වලින් කියවෙන්නේ නැත. ඒවායේ ඇත්තේ බ්‍රාහ්මි ප්‍රාකෘත අක්ෂර ය. ''

ඔහුම කියන අයුරු මේ මෑතක ඔහුගේ කැණීම් හා අධ්‍යනය කටයුතු කෙරෙන “රෝහණ රාජ්‍යයේ” ගල් ලෙන්වල සෙල් ලිපි ලියවී ඇත්තේ බ්‍රාහ්මි අක්ෂර වලිනි.  

ප්‍රාකෘත බසින් මූලය ලැබුවේ යැයි කියැවෙන භාෂා ඉතිහාසයේ විලෙම් ගෙයිගට අනුව 03 වන සියවස තෙක් කාලයෙහි වැදි බසත් මාලදිවයින දිවෙහි භාෂාවත් එහි ප්‍රාථමික වර්ධනයට දායකව ඇත. 

ඒ භාෂා විකාශනයෙහි “සිංහල” යැයි දළ අනන්‍යතාවක් ගොනු වන්නේ 07 වන සියවස සිට 12 වන සියවස තෙක් සියවස් 05 කාලයක ය. 

එය “මධ්‍ය කාලීන සිංහල” යැයි හඳුන්වනු ලැබේ. 

වර්තමාන සිංහල භාෂාව ලෙස නම් කෙරෙන සිංහල භාෂාව ගැන කතාව ඇත්තේ 12 වන සියවසේ සිට ඇති වූ භාෂා විකාශනයෙහි ය. 

සෝමදේවට අවශ්‍ය සිංහල දීපය ගැන කතා කරන්නේ නම්, එය අවම තරමින් මධ්‍ය කාලීන සිංහල ගැන කතා වන 07 වන සියවසින් පසුව විය යුතුය. 

එළෙසින්ම, දේවානම්පියතිස්ස සමයේ සිට බෞද්ධ සංස්කෘතියක් ගැන කතා කළත් අවුරුදු 2,500 ක “සිංහල බෞද්ධ” සංස්කෘතියක් ගැන කතා කළ නොහැක. එයද අතීතයට ගෙන යා හැක්කේ 07 වන සියවස දක්වා පමණි.  

''එළෙසින්ම, දේවානම්පියතිස්ස සමයේ සිට බෞද්ධ සංස්කෘතියක් ගැන කතා කළත් අවුරුදු 2,500 ක “සිංහල බෞද්ධ” සංස්කෘතියක් ගැන කතා කළ නොහැක. එයද අතීතයට ගෙන යා හැක්කේ 07 වන සියවස දක්වා පමණි. '' 


ඒ සත්වන සියවසේ සිට කතා කළ හැකි සිංහල බෞද්ධ සංස්කෘතියට සමාන්තරව ඔහු කතා නොකරන හින්දු ආගම හා දෙමළ භාෂාව සමග තවත් සංස්කෘතික අනන්‍යතාවක් සහිත සමාජයක් මේ දූපතෙහි තහවුරුව ඇත. 

ඒ හින්දු ආගම හා දෙමළ භාෂාව සමග තහවුරුව ඇති සංස්කෘතික අනන්‍යතාවයයි. එයද අද ඊයේ තහවුරු වූ අනන්‍යතාවක් නොවේ. මේ රටේ එක පොදු සංස්කෘතික අනන්‍යතාව ගැන ඔහුගේ කතාව එබැවින් බොරුවකි.

unnamed
 යාපනයේ දෙමළ රාජධානිය 13 වන සියවස ආරම්භයෙහි පොළොන්නරු යුගයේ රාජධානියට සමගාමීව පැවතියකි. 

දැනට කේ. එම්. ද සිල්වා වැනි සිංහල ඉතිහාසඥයින්ද ඇතුළු ඉතිහාසඳයින් කිහිප දෙනෙකු විසින්ද පිළිගනු ලබන යාපනයේ දෙමළ රාජධානිය 13 වන සියවස ආරම්භයෙහි පොළොන්නරු යුගයේ රාජධානියට සමගාමීව පැවතියකි. 

යාපනයේ දෙමළ රාජ්‍ය ගැන අවසන් වශයෙන් කියැවෙන්නේ සයවැනි රාජසිංහ රජු විසින් පුතෙකු ලෙස හදා ගත්තේ යැයි ඇතැම්විට පැවසෙන සෙම්බුකුට්ටි පෙරුමාල් නැතිනම් සපුමල් කුමාරයා විසින් 1447 සිට 1450 දක්වා අවුරුදු තුනක් යුධ වැද යාපනය රාජධානිය අල්ලා ගැනීම ගැනය.

එවැනි ඓන්ද්‍රීය දෙමළ රාජ්‍යයක් පැවතිය හැක්කේ දෙමළ සමාජයක් සමගින් පමණි. එසේ නොවුනා නම්, එයද අනුරාධපුර සිට පොළොන්නරුව හරහා කන්ද උඩරට රාජධානිය දක්වා සිංහල සමාජය විටින් විට දෙමළ රජවරුන් පාලනය කළ අයුරු පාලනය වන්නේය. 

එහෙත් යාපනයේ තහවුරු වූ කාලිංග මාඝගෙන් ඇරඹි රාජ්‍ය එවැනි පාලනයක් නොවුනි.  

මේ දූපතෙහි බහුතර ස්වදේශිකයින් අතර 07 වන සියවසෙහි පමණ සිට සිංහල බෞද්ධ සංස්කෘතියක් ක්‍රමානුකූලව හැදෙන අතර, උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි දෙමළ භාෂාව සමගින් දෙමළ අනන්‍යතාවක් හැදී ඇත. 

එය මුල් කලෙක බෞද්ධ ආගමද හවුල් වුනු දෙමළ සංස්කෘතියක් වන්නටද ඉඩ ඇත. 

එහෙත් 1215 දී යාපනයේ දෙමළ රාජ්‍ය හැදෙනවිට එය හින්දු ආගමත් සමග තහවුරුව තිබූ දෙමළ හින්දු සංස්කෘතියක් පැවති රාජ්‍යයකි. එබැවින් හින්දු දෙමළ සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතියට වඩා පසු වන්නේ සියවස් 05 කින් පමණ ය.

''එහෙත් 1215 දී යාපනයේ දෙමළ රාජ්‍ය හැදෙනවිට එය හින්දු ආගමත් සමග තහවුරුව තිබූ දෙමළ හින්දු සංස්කෘතියක් පැවති රාජ්‍යයකි. එබැවින් හින්දු දෙමළ සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතියට වඩා පසු වන්නේ සියවස් 05 කින් පමණ ය.''

සියවස් කිහිපයක මුස්ලිම් සංස්කෘතිය:

ඊටත් කුඩා වූ මුස්ලිම් සංස්කෘතියට මේ ලංකාවේ රාජ්‍යයක් නොවුනාට, ඔවුන්ද සියවස් කිහිපයක සිට ඔවුන්ගේ අනන්‍යතාව ඇතිව මෙහි තහවුරුවූ ජන සමාජයකි. 

ඔවුන්ගේ භාෂාව දෙමළ වන්නේ ඔවුන් වැඩි පිරිසක් දකුණු ඉන්දියාවෙන් පැමිණි අතර, නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි වූවන් දෙමළ බසට අනුගත වූයෙනි. 

දෙමළ බස සතු ඉතිහාසය මේ දූපතෙහි ගොඩ නැගුණක් නොවේ. එය දකුණු ඉන්දීය ද්‍රවිඩ භාෂා මූලයක් සමගින් ගෝදාවරි ගංගා නිම්නය ආශ්‍රයෙහි ගොඩ නැගුණු වත්මන් ලෝකයේ භාවිතවන පැරණි භාෂා කිහිපය අතුරින් වසර 5,000 ටත් වඩා පැරණි භාෂාවකි. 

එබැවින් ඒ ඉතිහාසයේ ප්‍රෞඩත්වය දෙමළ හින්දු සංස්කෘතියටද එකතු වන්නේය.


''ඉතිහාසයේ ඒ සියල්ල පැත්තකට කර සිංහල බෞද්ධ සංස්කෘතිය මේ රටේ එකම පොදු සංස්කෘතිය යැයි කරුණු කියන්නට උත්සාහ කරන සෝමදේව විසින් සයවන වසරේ සහ දහවන වසරේ ළමුන් වෙනුවෙන් ලියා ඇති පාඩම් සියල්ල යළි සංස්කරණය කළ යුතු යැයි මම කියමි.''


ඉතිහාසයේ ඒ සියල්ල පැත්තකට කර සිංහල බෞද්ධ සංස්කෘතිය මේ රටේ එකම පොදු සංස්කෘතිය යැයි කරුණු කියන්නට උත්සාහ කරන සෝමදේව විසින් සයවන වසරේ සහ දහවන වසරේ ළමුන් වෙනුවෙන් ලියා ඇති පාඩම් සියල්ල යළි සංස්කරණය කළ යුතු යැයි මම කියමි. 

පරම්පරා ගණනාවක සිට මේ රටේ එවැනි ඉතිහාසඥයින් විසින් අර්ථ දක්වන විකෘති ඉතිහාසය පාසල් පෙළ පොත් වලට ඇතුළු කිරීමෙහි එක් ප්‍රතිපලයකි සෝමදේවලා බිහි වීම.

“ඉතිහාසය” සෝමදේව කියන ආකාරයට ක්‍රියාවලියක් නොවේ. “ක්‍රියාවලිය” වන්නේ ඈත අතීතයේ සිට මේ දූපත ජනාවාස වී, සංස්කෘතීන් බිහි වී වර්ධනය වී ඒ ඇසුරෙන් අනන්‍යතා සමගින් තහවුරුව වැඩෙන පරිනාම ක්‍රියාවලිය වන්නේය. 

ඉතිහාසය යනු ඒ ක්‍රියාවලිය කියැවීම ය. 

එය ස්වාධීනව කියවීම පුරාවිද්‍යා මහාචාර්යවරුන්ට හා ඉතිහාසඥයින්ට පැවරෙන සමාජ වගකීමකි. 

එය සිංහල බෞද්ධ සමාජයේ ජනප්‍රිය වන්නට මාධ්‍ය නාලිකාවල ගෝලයින් සමග කරන සෙල්ලමක් නොවිය යුතු ය.



Kusal Perera j(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2020 සැප්තැම්බර 09 වන දින    

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බොරු කියන මහාචාර්යවරයෙකු හමු විය : 'සෝමදේවගේ “ස්වදේශික” අණ්ඩර දෙමළය' - කුසල් පෙරේරා | The Leader