The Leader News
BREAKING
Top Ad
Opinion

ලංකාවේ සංකේත භූමිකාව අද අවුල් වෙලා -දීප්ති කුමාර ගුණරත්න IF කතිකාවේ දී කියයි

T

The Leader Desk

September 6, 2020 • 7:19 AM

ලංකාවේ සංකේත භූමිකාව අද අවුල් වෙලා -දීප්ති කුමාර ගුණරත්න IF කතිකාවේ දී කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ සංකේත භූමිකාව අද අවුල් වී ඇතැයි ප්‍රවීන දේශපාලන විශ්ලේෂක දීප්ති කුමාර ගුණරත්න පවසයි.
  • ''ලංකාවේ අවුරුදු 20 විතර ඉස්සෙල්ලා මම කිව්ව දෙයක් තමයි ලංකාවේ විශ්ව විද්‍යාල අතාර්කික වෙනවා කියලා.
  • ඇත්තටම මම ඒ කිව්ව දේ ඕනෑවටත් වඩා සහතික වෙලා තියෙනවා විශේෂයෙන්ම ශාස්ත්‍රපීඨ.
  • මේ ශාස්ත්‍රපීඨවල ඇත්තටම ඉන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරු නෙවෙයි ඇත්තවශයෙන්ම ඉන්නේ පෙම්වතුන්, ඒ කියන්නේ ආදරය කරන පෙම්වතුන්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මේබව සඳහන් කළේ IF (Ideas front) සමාජ මාධ්‍ය කතිකාවට එක්වෙමිනි.

එහිදී ඔහු ඉහත කාරණය සම්බන්ධයෙන් තවදුරටත් මෙසේ කරුණු ගෙනහැර දැක්විය.

''ලංකාවේ අවුරුදු 20 විතර ඉස්සෙල්ලා මම කිව්ව දෙයක් තමයි ලංකාවේ විශ්ව විද්‍යාල අතාර්කික වෙනවා කියලා. ඇත්තටම මම ඒ කිව්ව දේ ඕනෑවටත් වඩා සහතික වෙලා තියෙනවා විශේෂයෙන්ම ශාස්ත්‍රපීඨ.

මේ ශාස්ත්‍රපීඨවල ඇත්තටම ඉන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරු නෙවෙයි ඇත්තවශයෙන්ම ඉන්නේ පෙම්වතුන්, ඒ කියන්නේ ආදරය කරන පෙම්වතුන්.

හැම වසරකම එන ශිෂ්‍යාවන් එක්ක යාලුවෙලා ඒගොල්ලන්ට තනතුරු දෙන අන්තරාභවිකයෝ. ඒ කියන්නේ අපේ ශාස්ත්‍රපීඨ පිරිලා තියෙන්නේ ගම්වල මිනිස්සුන්ගෙනුත් නෙවෙයි නගරයේ මිනිස්සුන්ගෙනුත් නෙවෙයි අන්තරාභවිකයන්ගෙන්.

''මේ ශාස්ත්‍රපීඨවල ඇත්තටම ඉන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරු නෙවෙයි ඇත්තවශයෙන්ම ඉන්නේ පෙම්වතුන්, ඒ කියන්නේ ආදරය කරන පෙම්වතුන්. ''

එතකොට මම පොදුවේ මේ රාමුව කිව්වොත්, ලංකාවේ  සංකේත භූමිකා ඒ කියන්නේ (Symbolic order) එක ඒ කියන්නේ  අපේ සමාජ අවකාශයේ තිබිය යුතු නීතිය සහ පිළිවෙල සම්පූර්ණයෙන් කඩා වැටිලා තියෙනවා.

රජයේ උසස් නිලධරීන්, රජයේ ලේකම්වරු, ඒ අය මාධ්‍යවලට ඇවිල්ලා දේශපාලනය, අපරාධ සහ සමාජයේ වෙනත් ප්‍රශ්න සම්බන්ධයෙන් තමන්ගේ අදහස් දක්වනවා. මේවා ඇත්තවශයෙනම් කරන්න බැහැ  නීතිය හරියටම ක්‍රියාත්මක වෙනවා නම්.

ඒ කියන්නේ ලේකම්වරු කියලා කියන්නේ තමන්‌ගේ ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ සම්මත කරපු නීති ඒ සම්පාදනය කරාට පස්සේ ඒවා ක්‍රියාත්මක කිරීමේ ( Implementation) වලට තමයි ඒගොල්ලෝ එන්නේ. ඊට අමතරව  ඒවා අර්තකථනය කිරීම අයිති වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට.

මේගොල්ලෝ ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට යන වැඩෙයි පන්සල්වල වැඩෙයි මේ ලේකම්වරු බාර අරන් තියෙනවා.

''ඉතින් ඇත්තටම දැන් වෙලා තියෙන්නේ ඒ රජයේ නිලධාරීන් කියන අයත් ලංකාවේ පූජක පැලැන්තිය වගේ නොනිල ලෙස දේශපාලනයට බැහැලා සදාචාරත්මක ප්‍රකාශ කරන්න ගිහිල්ලා තියෙනවා. ''

මේකට අලුතින්ම එකතුවෙලා ඉන්න ඉහල නිලධාරියා තමයි නීතිපතිවරයා. ඔහුගේ මාධ්‍ය ලේකම්වරයෙකුත් මේ දවස්වල විවිධ සන්දර්ශන පෙන්වනවා.

ඊට අමතරව ඔහු බන්ධනාගාරයට ගිහින් තමන්ට අයිති නැති ක්ෂේත්‍රයක් වන ඒ බන්ධනාගාර නිලධාරීන්ගේ විනය පටිපාටියට මැදිහත් වෙන්න යනවා. ඊටත් අමතරව පොලිසියට එක එක නියෝග දෙන්න යනවා.

මම හිතන්නේ හොඳ අධිකරණ ඇමති කෙනෙක් ලංකාවේ හිටියා නම් වහාම කැඳවලා කියනවා ඔබතුමාගේ වැඩේ  ඔබතුමා කරන්න මගේ රාජකාරිය ඔබතුමා බාර ගන්න එපා කියලා.

 ඉතින් ඇත්තටම දැන් වෙලා තියෙන්නේ ඒ රජයේ නිලධාරීන් කියන අයත් ලංකාවේ පූජක පැලැන්තිය වගේ නොනිල ලෙස දේශපාලනයට බැහැලා සදාචාරත්මක ප්‍රකාශ කරන්න ගිහිල්ලා තියෙනවා.

ඒ නිසා සිද්ධවෙලා තියෙන්නේ ලංකාවේ පරිපූර්ණ වශයෙන්ම සංකේත ක්‍රියාදාමය කඩා වැටිලා තියෙනවා. මහජනයාට සමාජ අවකාශයට ඇවිල්ලා කිසිදු වැඩක් කරගන්න බැරිවෙලා තියෙනවා. ඒවා සම්පූර්ණයෙන්ම අකාර්යක්ෂම වෙලා තියෙනවා. ඒ ආයතන සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තියෙනවා.

''නමුත් එළියේ කියන්නේ ලොකු පම්පෝරි කතා විශ්ව විද්‍යාල ගුරුවරු . ඒ කියන්නේ තමන්ගේ ආයතනයේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයවත් ආරක්ෂා කරගන්න බැරි අය එළියට විශාල උපදෙස් දෙන්න යනවා.''

අපි දැක්කා මේ මෑතක කොළඹ විශ්ව විද්‍යාලයේ එළියේ තියෙන ගේට්ටුව පවා සෙනෙට් එකට කතා කරලා ඒකේ අනුමැතිය අරගෙන ඉවරවෙලා ඒකේ උපකුලපතිතුමාගෙ නම දාගත්තා. නමුත් ඔහුටම විශ්ව විද්‍යාලය ඇතුලේ තියෙන ටොයිලට් එක වහගන්න බැරි වුණා ඒකට වත් හයියක් නැහැ.

නමුත් එළියේ කියන්නේ ලොකු පම්පෝරි කතා විශ්ව විද්‍යාල ගුරුවරු . ඒ කියන්නේ තමන්ගේ ආයතනයේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයවත් ආරක්ෂා කරගන්න බැරි අය එළියට විශාල උපදෙස් දෙන්න යනවා.

ඉතින් මේ සංකේත ක්‍රියාදමය, එහෙම නැත්නම් සංකේත පිළිවෙල කඩා වැටීම නිසා විශාල ආරාජිකභාවයකින් තමයි රාජ්‍ය පාලනය  පවතින්නේ කියන එක අපි වටහා ගන්න ඕනේ..''

 IF (Ideas front) සමාජ මාධ්‍ය කතිකාවේ වීඩියෝ මෙතනින් බලන්න

Ideas front - අදහස් පෙරමුණ

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...