The Leader News
BREAKING
Top Ad
Opinion

''එජාපය තමන්ගේ වීරයාව පොදුජන සමාජය ඉදිරිපිට නිරුවත් කර මරා දැම්මා'' - ධම්ම දිසානායක

T

The Leader Desk

August 30, 2020 • 8:28 AM

''එජාපය තමන්ගේ වීරයාව පොදුජන සමාජය ඉදිරිපිට නිරුවත් කර මරා දැම්මා'' - ධම්ම දිසානායක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජාතික පක්ෂය තමන්ගේ වීරයාව පොදුජන සමාජය ඉදිරිපිට නිරුවත් කර මරා දැම්ම මේ මොහොතේ විපක්ෂය දුර්වලවීමට
  • ''ඊට පස්සේ ඔහු වෙනුවට තෝර ගත්ත කෙනාට හැකියාවක් නැහැ අර මරා දැමූ වීර චරිතය ඉස්සර කර යාමට හෝ වීරයා බවට පරිවර්තනය වෙන්න'' යයි ද ධම්ම පවසයි.
  • 'සමබිම' සිවිල් සමාජ සංවාදයට එක්වෙමින් එබව සඳහන් කළ ධම්ම, ඉහත කාරණය පැහැදිලි කරමින් තවදුරටත් මෙසේද පවසයි.
  • ඒ වගේම එක්සත් ජාතික පක්ෂය තවත් කණ්ඩායම් එක්ක එකතු වෙලා ආණ්ඩු පිහිටුවන කොට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුව, පොදුජන පෙරමුණ ශක්තිමත් විපක්ෂය බවට පත්වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රධාන හේතුව බව හිටපු ආණ්ඩුකාර ධම්ම දිසානායක අවධාරණය කර සිටියි.

''ඊට පස්සේ ඔහු වෙනුවට තෝර ගත්ත කෙනාට හැකියාවක් නැහැ අර මරා දැමූ වීර චරිතය ඉස්සර කර යාමට හෝ වීරයා බවට පරිවර්තනය වෙන්න'' යයි ද ධම්ම පවසයි.

'සමබිම' සිවිල් සමාජ සංවාදයට එක්වෙමින් එබව සඳහන් කළ ධම්ම, ඉහත කාරණය පැහැදිලි කරමින් තවදුරටත් මෙසේද පවසයි.

''විපක්ෂය තමන් විසින්ම තමන්වම දුර්වල කර ගත්තා නැතිනම් දුර්මුඛ කර ගත්තා. විශේෂයෙන්ම ලංකාව ගැන කතා කළොත් පාරිශුද්ධ දේශපාලන ව්‍යාපාර නැහැ.  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එකට ආණ්ඩු පිහිටුවන කොට තිබුණ අනිවාර්ය ලක්ෂණයක් තමයි එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් විපක්ෂය වෙනවා.

ඒ වගේම එක්සත් ජාතික පක්ෂය තවත් කණ්ඩායම් එක්ක එකතු වෙලා ආණ්ඩු පිහිටුවන කොට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුව, පොදුජන පෙරමුණ ශක්තිමත් විපක්ෂය බවට පත්වෙනවා.

නමුත් මේ අවස්ථාවේ එවැන්නක් නොවුනා කියන්නේ විපක්ෂය දුර්වලයි.

ඒකට ප්‍රධාන හේතුව තමයි විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වුන එක්සත් ජාතික පක්ෂයේ අසමගිය. ඒ අසමගිය මතුපිටට නොඑන්නේ පරිස්සම් කර ගන්නත් ඒ අයට ඉඩ තිබුනා.

නමුත් ඔවුන් තමන්ගේ වීරයාව පොදුජන සමාජය ඉදිරිපිට නිරුවත් කර මරා දැම්මා.

''එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහව ඔවුන් විවේචනය කළේ අභ්‍යන්තරිකව නෙමෙයි. එය සිද්ධ වුණේ පොදු ජන අවකාශය ඇතුලේ, ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡා ඇතුලේ, ඔහුගේ ඇති සහ නැති සියලු‍ දුර්වලකම් එළියට දැම්මා. ''

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහව ඔවුන් විවේචනය කළේ අභ්‍යන්තරිකව නෙමෙයි. එය සිද්ධ වුණේ පොදු ජන අවකාශය ඇතුලේ, ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡා ඇතුලේ, ඔහුගේ ඇති සහ නැති සියලු‍ දුර්වලකම් එළියට දැම්මා.

ඊට පස්සේ ඔහු වෙනුවට තෝර ගත්ත කෙනාට හැකියාවක් නැහැ අර මරා දැමූ වීර චරිතය බවට පරිවර්තනය වෙන්න''

ධම්ම ගේ සමස්ත විග්‍රහය කියවන්න

සිවිල් සමාජය ප්‍රශ්නේ ඇත්ත මගහැරලා - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...