මේක AI කියල තේරෙන්නෙ නැති වෙන්න බැහැනෙ, උකුණු පුකක තරම්වත් මොළයක් තියෙන කෙනෙකුට. ඒත් ගොඩාක් මොළ නැව් ඒ ෆොටෝ එක ඇත්ත වගේ බෙදාගත්තෙ විජේපාලටත් මාලිමා ආණ්ඩුවටත් විරුද්ධ පත හෑලි පවා ලියමින්.
මේවට CID යන්න ඕන නැහැ කියල මම මේ ආණ්ඩුවෙ අයට කියන්නෙ. මේවගෙන් ආණ්ඩු පෙරලෙන්නෙ නැහැ. මේව නිකන් ක්ෂනික චූන් නොහොත් මෝඩ ආතල්. තප්පර ගානින් ඇත්ත හෙලිවෙනව.
මම ඉගෙන ගත්ත දෙයක් කියන්නම්. එංගලන්තෙ ගහන The Guardian පත්තරේ ඔෆිස් එකේ දවස් තුනක පාඨමාලාවක් තිබ්බ වෙබ්සයිට් කරන අයට. මටත් ආරාධනාවක් තිබ්බ සහභාගිවෙන්න. ඒක අපි ඔක්කෙගෙම වසර ගනනක ජනමාධ්‍ය අත්දැකීම් බෙදාගන්න. ඒකෙ බරසාර මාධ්‍ය මාතෘකා ගැන සාකච්ඡා උනා.
මම මේ කියන්න යන්නෙ ගාඩියන් වෙබ් එඩිටර් කිව්ව එකක් ගැන. මම මගේ වෙබ්සයිට් එක මුහුණදෙන ප්‍රශ්නයක් ගැන ඇහැව්ව එයාගෙන්. ඒතමා කෙනෙක් ලියන ලිපි යට පාඨකයින් ඇවිත් දාන කමෙන්ට්ස් ගැන. සමහරු ලේඛකයට තිත්ත කුනුහරපෙන් බනිනව, සමහරු ලේඛකයට පුද්ගලිකව මඩගහනව, ලිපියෙ තියෙන කරුණුවලට විරුද්ධව කිසිම මූලාශ්‍රයක් බොරු අතහැරල චැලේන්ජ් කරනව වගේ අපි මුහුණ දෙන ප්‍රායෝගික කරුණු ගැන.
ඇය කිව්ව, සාමාන්‍යයෙන් කමෙන්ට් සෙක්ෂන් එක තමන් විසින්ම පාලනය වෙනව අපි කොච්චර නීති රීති දාල තිබ්බත් කියල. ඒ කියන්නෙ බොරු කමෙන්ට්ස් දැම්ම ඒවට උත්තර තව අය දෙනව, සුළු වෙලාවකින් ඇත්ත හෙලිවෙනව කියල. ලිපිය ලියපු කෙනාට පුද්ගලිකව බනිනව නම් කරන්න ඕන හොදම දේ තමා, ඒ ලිපිය ලියපු කෙනා එතන ගිහින් උත්තර දීල එන්ගේජ් වෙන එක කියල. ඇය කිව්වෙ ඇගේ දීර්ඝ කාලීන අත්දැකීම අනුව එතකොට ලිපිය ලියපු කෙනාට ගහන පුද්ගලික මඩ නැතිවෙලා වගේ යනව කියල.
ඒත් ඔය මොනවත් ගනන්ගන්නෙ නැති පෞර්ශ තියෙන ලේඛකයින් තමන්ට පුද්ගලිකව බැන්නත් ගනන්ගන්නෙ නැහැ කියල. ඒවගේම බුද්ධිමත් පාඨකයෝ අර ජරා කමෙන්ට්ස් යටින්, ඒවගේම ගිනි අවුලුවන ජාතිවාදී, ආගම්වාදී, ලිංගවාදී, මහජන සෞඛ්‍යට අදාල දේ වගේ දේවල් ඉවත් කරන්න කියල ඒව යටින් ඉල්ලා සිටිනව, එවිට එය අපගේ නීති රීතිවලට විරුද්ධද කියල බලල ඉවත්කරනව කියල. ඒව එහෙම සරලව එහෙම උනාට අපිට වගකීමක් තියෙනව කමෙන්ට්ස් මොඩරේට් කිරීමෙදි.
ඉතිං ඕක තමා අපි අනුගමනය කරන්නත් ඕන. දැනටම විජේපාල පින්තූරෙ බොරු කියල දන්නව, ඒ වගේම රජයෙන් ඒ ගැන පුවත්පත් නිවේදනයකුත් කරල තියෙනව. ඒ ඇතිනෙ මාලිමා සහෝදර සහෝදරියනි. ඒව දාපු අය උසාවි ගෙනියන්න හදනව නම් ඒක නින්දිත වැඩක්!
(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
uvinduk@gmail.com
(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)
සබැඳි පුවත :
AI ඡායාරූපයක් : පොලිස් ඇමති නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යයි !




