අරගලය ජයග්‍රහණයකින් අවසන් වුනා කියන එකයි මගේ අදහස. ගෝටා සහ රාජපක්ෂලා ඉවත් කිරීම තමයි අරගලයේ අරමුණ වුනේ. එතනින් එහා හැම
දෙයක්ම එක එක පාර්ශ්ව විසින් පස්සෙ අලවපුවා.
රාජපක්ෂ ක්‍රමය අහෝසි කිරීම කියන එක ගෝල්ෆේස් අරගලයට වඩා ලොකු එකක්. ඒක නගර වගේම ගම්වලටත් ගිහිල්ලා කරන්න තියෙන සමාජ සංස්කෘතික පෙරලියක්. එතනින් අපිට පුළුවන් නම් ආපහු රාජපක්ෂ ක්‍රමයට පක්ෂ වෙන්නෙ නැති පුරවැසියෙක් නිර්මාණය කරන්න අරගලය විජයග්‍රහණය කළා වෙනවා. ඒකෙ ප්‍රතිඵල බලන්න වෙන්නෙ ඊළග මැතිවරණයෙදි.
අරගලය තවදුරටත් පවත්වාගෙන යාමේ උවමනාව තියෙන්නෙ ඒ අරගලයේ විනාශකාරීම පාර්ශ්වය වුනු වාමාංශිකයන්ට.
නාගරික, ධනේශ්වර වෙනසක් වෙනුවෙන් වූ අරගලය මේ අය තමන්ගේ සාම්ප්‍රදායික සටන්පාඨ ගොහොරුවටම අරගෙන ගියා. එතනින් නාගරික මැද පාංතිකයා ඉවත් වුනා. ගම්මු ටිකක් ඉතුරු වුනා.
මේ මන්දිර ඇල්ලීමේ පිස්සුව, පාර්ලිමේන්තුවෙන් එලියෙ බලය ස්ථාපිත කිරීමේ උමතුව ඒ අයගෙ අසනීප. එන එන අය එලවන්න ගම් හදනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් මේ අයට ඉතුරු වෙලා නෑ. ඒ දේ කරගෙන යන්න අයිතිය මේ පිරිසට දෙන්න ඕන. ඒක ඒ මිනිස්සුන්ගෙ පැවැත්ම බව තේරුම් ගන්න ඕන.
දැන් අරගලය තියෙන්නෙ ෆේස්බුක් පෝස්ට්වල සහ කමෙන්ට්වල විතරයි. එලියෙ තියෙන්නෙ විහිලුවක්. ඕනම හොඳ දෙයක් එක සීමාවකින් පස්සෙ විහිලුවක් බවට පෙරලෙනවා.
ආපහු අරගලය ගැන කතා නොකරන්න මං තීරණය කළා. මොකද ඒ ගැන පක්ෂව හෝ විපක්ෂව කතා කිරීම කියන්නෙ ඒකට සපෝර්ට් කිරීමක්. හරියට මට බැන බැන කමෙන්ට් කිරීමක් වගේම. මං මෙච්චර කල් පක්ෂව සහ විපක්ෂව අරගලයට දුන්න සපෝර්ට් එක මෙතනින් නවත්තනවා. (පාලනය කරගන්නම බැරි විහිලුවකදි විතරක් මොනවා හරි ලියවෙයි) ඒ වගේම ඔය විහිලුව සම්බන්ද පෝස්ට්වලට මෙයින් පසු මාව ටැග් කිරීමයි මගේ පිටුවෙ ෂෙයාර් කිරීමයි වගේ දේවල් නොකරන මෙන් ගෞරවයෙන් ඉල්ලනවා.
මං කැමතියි වෙන හොඳ ලස්සන, ආතල් දේවල් ගැන කතා කරන්න. මේ දුප්පත්කමෙන් ගැලවෙන්න.(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
'සැබෑ දේශප්‍රේමියෝ' සාමාජික
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(උපුටා ගැනීම - Cult Chintha ෆේස්බුක් පිටුවෙන්...)