ඊයෙ සෙනසුරාදා හවස සන්නා බලන්න ගියා. සන්නාගෙ අලුත් පොත එලියට ආවෙ සිකුරාදා. එදත් ගියා. ඇගිල්ලක් ගහන්න බැරි තරම් සෙනග. පාරෙ ට්‍රැෆික් කොන්ට්‍රෝල් කරන්න පොලිසියෙනුත් ඇවිත් හිටියා.

ඒ හින්ද ආපහු හරවගෙන ගෙදර ආවා.

සන්නා කියන්නෙ ජීවිතය ගැන උත්සවයක්. ලංකාවෙ එහෙම ජීවිතය සෙලිබ්‍රේට් කරන මිනිස්සු හරි අඩුයි. රටක සුපිරි තරු නිර්මාණය වෙන්නෙ ඒ විදිහට අනිත් මිනිස්සුත් අවදි කරන තරමට  ජීවිතේ සෙලිබ්‍රේට් කරන්න. ඒත් ලංකාවෙ එහෙම තරු හරි දුප්පත්. සන්නා කියන්නෙ හරිම පෝසත් සුපර් ස්ටාර් කෙනෙක් (රියැලිටි නෙමෙයි).

382165881 6587258634698409 5326748912237941157 nසන්නා හැම දෙයක්ම කරන්නෙ ඒ උත්සවශ්‍රීය විඳින්න. මේ පාර පොතට තියෙන්නෙ ඉංග්‍රීසි නමක්. 

සිංහල සන්නා ඉංග්‍රීසි නම්වලින් පොත් ගහනවා. ඒ පොත් කවරෙ ගැන විශේෂයෙන් කියන්න ඕන. මේ කාලෙ කවර ගැන අවර කතා ගොඩක් සරනවා. ඒ අතරෙ ‍මේ කුකුල් කවරෙ ඒ දහසක් කවර අතරෙ ඇහැට වෙනසක් ලකුණු කරනවා. පසන් තිලකවර්ධන මචං මරු වැඩක්. ලංකාවෙ පවතින කවර සෞන්දර්යවේදය (ඊස්තටික්ස්) බිඳින තැනක්. pop වැඩක්. සම්භාව්‍ය කවර නං ඕන තරං තියෙනවනෙ.

ඒ මදිවට පොත 3750ක්. සිංහල නවකතාවකට නියම වුනු වැඩිම මිළ වෙන්නත් පුළුවන්. 

'දොන් කරෝලිස් එකට ගිහින් ලී වල ගානට බඩු ගන්න හදන්න එපා. උන් ලී බඩු හදන්නෙ දශක ගානක එක්ස්පීරියන්ස් එකත් එක්ක. ඒකට ගෙවන්න බැරි නං දොන් කරෝලිස් යන්න එපා'

සන්නා පොතක ලියන්නාගේ වටිනාකම සළකුනු කරනවා. ඒක කරන්න පුළුවන් හොඳම කෙනාත් සන්නා. පොතක අලෙවිය ගැන බය නැතුව තමන්ගේ නිර්මාණ ආධිපත්‍යය තියාගන්න පුළුවන් සන්නාමයක් සන්නාට තියෙනවා.

මං හිතන්නෙ සන්නා දන්නවා සන්නාගෙ පොත් ගන්නෙ කියවන්නො විතරක් නෙමෙයි කියල. පොතක් කියන්නෙ මේ කාලෙ ෆැෂන් ස්ටේට්මන්ට් එකක්. කියවන්න නං පීඩීඑෆ් එකක් හරි ගන්න පුළුවන්නෙ. මුද්‍රිත පොතක් කොෆි ටේබල් එකක් උඩ, වාහනේක තියෙද්දි ඒකෙන් දෙනවා අනන්‍යතාවයක්. පොත් කියවීම කියන්නෙ ඇත්තටම පරණ පුරුද්දක්. පොතක් අපේ විශ්වය තුල පැවතීම, ස්ථානගත වීම කියන්නෙ අපේ අදහස් සන්තතිය ගැන ප්‍රකාශනයක් වෙනවා. බහුලව පොත් ගන්නෙ ඒ ස්ටේට්මන්ට් එක වෙනුවෙන්. එහෙම තැනකදි පොතක මිළ ඉහළ තැනක තියෙන්නම ඕන. ඒ ඊස්තටික්ස්වලට වැඩි මිළක් ගෙවන්නම ඕන. එතකොටයි ඒ ස්‍ටේට්මන්ට් එකේ හැගීම දැනෙන්නෙ.

සන්නාගෙ පොත එලිදැක්වීම කියන්නෙත් එහෙම උත්සවයක්. හැම අවුරුද්දකම සන්නා තනියම සාහිත්‍ය මාසෙ මේ විදිහට ඉහලින්ම සමරනවා. විනෝද වෙනවා.  පාර්ටි දානවා. තැප්‍රොබේනය පොදු අවකාශයක් වෙනවා. 

ජීවත් වීමේ ආස්වාදය මේ විදිහට දැනවීම වෙනුවෙන් සන්නා ගැන මගේ තියෙනවා ලොකු ආදරයක්. 

ජවිපෙ ගත්තු ස්ටාන්ස් එකත් මරු - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම - Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image