BREAKING
Top Ad
බුකිය

මුස්ලිම් සමාජවාදී පෙරමුණ හා බද්දුද්දීන් මහමුද්

T

The Leader

May 19, 2019 • 3:48 AM

මුස්ලිම් සමාජවාදී පෙරමුණ හා බද්දුද්දීන් මහමුද්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 1974 දී පමන එවකට අධ්‍යාපන ඇමති අල්හාජ් බද්දුද්දීන් මහමුද් මුස්ලිම් සමාජවාදී පෙරමුණ නමින් දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කලේය.
  • මොවුන්ගෙන් වැඩිදෙනෙක් 1948 දී වතුකම්කරුවන් දස ලක්ෂයකගේ පුරවැසි අයිතිය උදුරා ගන්නා අතරේ සම්මාන පුරවැසිකම් ලැබූ ඉංදීය බෝරාකාරයෝ වූහ.
  • 1970 බලයට පැමිනි තුන් හවුල නමින් ප්‍රකටවූ සමගි පෙරමුණ ශ්‍රිලනිප -ලසසප හා කොපයේ සභාග ආන්ඩුවක් වුයේය එහි මුල් කාලීන මුදල් ඇමතිවරයා වුයේ ඇන් ඇම් පෙරේරාය.
  • ඔහු ලංකාවේ මැණික් වෙලඳාම යටතේ සිදුවූ විදේශ විනිමය වංචා හා එකාධිකාරය බිඳීමට 1971 නොවැම්බරයේදී ජාතික මැණික් සංස්ථාව ආරම්භ කලේය.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ වනවිට සමඟි පෙරමුණු ආන්ඩුව අපරාධ යුක්ති විනිශ්චය කොමිසම (ජවිපෙ නඩුව විභාග කල අධිකරන කොමිසම) විදේශ විනිමය වංචා කල ව්‍යාපාරිකයන් රැසක් නීතිය ඉදිරියට ගෙන ඒමට සුදානම් වෙමින් සිටියේය.

විනිමය වංචා චොදනා ලැබූවන් අතරේ මුක්තාර් තහා බගවන්දාස් හයිඩ්‍රාමනි බඳු බලවත් ව්‍යාපාරිකයෝ සිටියාහ. මොවුන්ගෙන් වැඩිදෙනෙක් 1948 දී වතුකම්කරුවන් දස ලක්ෂයකගේ පුරවැසි අයිතිය උදුරා ගන්නා අතරේ සම්මාන පුරවැසිකම් ලැබූ ඉංදීය බෝරාකාරයෝ වූහ.

1970 බලයට පැමිනි තුන් හවුල නමින් ප්‍රකටවූ සමගි පෙරමුණ ශ්‍රිලනිප -ලසසප හා කොපයේ සභාග ආන්ඩුවක් වුයේය එහි මුල් කාලීන මුදල් ඇමතිවරයා වුයේ ඇන් ඇම් පෙරේරාය. ඔහු ලංකාවේ මැණික් වෙලඳාම යටතේ සිදුවූ විදේශ විනිමය වංචා හා එකාධිකාරය බිඳීමට 1971 නොවැම්බරයේදී ජාතික මැණික් සංස්ථාව ආරම්භ කලේය.

මේ වෙද්දී ලංකාවේ මැණික් වෙලඳාමේ එකාධිකාරය තිබුනේ මුස්ලිම් වෙළඳුන් අතේය. මේ සමාජවාදී මුදල් ඇමතිගේ ප්‍රතිපත්තිවලින් මුලින්ම රිදුනේ ලංකාවේ මුස්ලිම් ප්‍රජාවටය. මේ තත්වය තුල 1970 දී ගම්පොල ආසනයෙන් තේරී පත්වූ මාතර උපන් බද්දුද්දීන් මහමුද් ට ඊළඟ මැතිවරනයකදී ආගමික චන්ද ලබා ගැනීමේ නොහැකියාවක් තිබුනේය. ඒ මුස්ලිම් ප්‍රජාවට සමඟි පෙරමුන හතුරෙක් සේ පෙනුනු නිසාය.

මේ වෙනුවෙන් මහමුද් තැනු දේශපාලන පෙරමුන මුස්ලිම් සමාජවාදි පෙරමුන නමින් නම් කෙරුනේය. කොළඹ වෙස්ලි විදුහලෙන්ද බෙදීමට පෙර ඉංදියාවේ අලිගාර් ඉස්ලාම් සරසවියෙද සිසුවෙකුවී සිටි මහමුද් අලි ජින්නා ඇතුළු මුස්ලිම් ඉංදියාව (පාකිස්ථානයක්) මතවාදී කන්ඩායමේ සමීප මිත්‍රයෙක්ව ද සිටියේය.

ලංකාවේ මුස්ලිම් බැතිමතුන්ගේ දරුවන්ට වෙනම මුස්ලිම් විදුහල් පටන් ගැනීමේ මතය ගෙනාවේත් එබඳු විදුහල් පටන් ගත්තේත් අධ්‍යාපන ඇමති මහමුද්ය. මේ වෙනුවෙන් ඔහු සවකීය ඇමති බලය යොදවා දහස් ගනක් මුස්ලිම් තරුන තරුණියන්ට සුදුසුකම් නොසලකා ගුරුපත්වීම් දුන්නේය.

මේ තත්වය වතුකරයේ දෙමල විදුහල්වලට කෙසේ බල පෑවේද කීවොත් 1970 දශකයේ අවසාන වෙද්දී සෞම්‍ය මුර්ති තොන්ඩමන් යටතේ තිබූ වතු කම්කරු කොන්ග්‍රසය වතුකරයේ පාසල් වලට මුස්ලිම් ගුරුවරුන් නො එවන්නෑයි රජයෙන් නිල වශයෙන්ම ඉල්ලා සිටියේය.

1977 දී යලි පාර්ලිමේන්තුවට යන මඟක් සෙවූ මහමුද් මහාමැතිවරනය තරඟ කිරීමට කාත්තන්කූඩියට ගියේය. සාතිශය බහුතරය මුස්ලිම් බැතිමතුන් වූ එම අසුනෙන් ජය ගැනීමට ඔහුට නොහැකි වූවත් ඔහු එම පලාතේ මුස්ලිම්වරුන් තුලම බරපතල ආගමික මතභේදයක ප්‍රධාන කොටස්කාරයෙක් බවට පත්වුනේය.

1977 බලයට පැමිණි ජේ ආර් ජයවර්ධන අපරාධ යුක්ති විනිශ්චය කොමිසම අහෝසි කලේය. එහි මුලිකම හේතුව වූයේ සිරගතව සිටි ගජමිතුරු විනිමය වංචාකරුවන් නිදහස් කිරීමය. එහි අතුරු ඵලයක් හැටියට එම කොමිසමින් දඬුවම් ලබා සිටි විජේවීර අතුළු ජවිපෙ නායකයන්ට ද නිදහස ලැබුනේය.

සිරිමා බන්ඩාරනායකගේ අතිශය පුත්ගලික මිත්‍රයෙකුවූ මහමුද් 1977 පසු යලි ප්‍රසිද්ධ දේශපාලනය නාවේය. ඔහුගේ දරුවෝ වඩාත් ආගමික වුවා මිස දේශපාලනික නොවූහ. ලංකාවේ වැඩිම මුස්ලිම් බැතිමතුන් පිරිසක් වාම දේශපාලනයේ යෙදුනේ එන් ශන්මුගදාසන්ගේ ශ්‍රි ලංකා කොමියුනිස්ට් පක්ශය (බීජිං පිල) සමඟය. මේ මාක්ස්වාදීන්ගේ ඉරනම පසුව කතා කරමු.

(මේ තොරතුරු ලියැවෙන්නේ රස්සාවට අමතරව සමාජ ජීවිතයක් අවශ්‍ය නිසා මාක්සාවාදය ගැන දොඩමළුවෙන කන්ඩායම් වලට අතුරුපස සැපයීමට නොවේ. අනෙක 1974 දී සමසමාජ ශිෂ්‍ය ව්‍යාපාරයට බැඳි එතැනින් විකොසටත් පසුව ජවිපෙට එකතුවී දිගු දේශපාලන ක්‍රියාකාරීත්වයක් අවසානයේ යලි විකොස හා එහි කම්කරු මාවත කතු මඩුල්ලේ ද සමාජිකයෙක් වූ අපගේ දේශපාලන මතකය හූදී ජනයා සමඟ බෙදහදා ගැනීමට මිස හාන්සිපුටු විප්ලවාදීන්ගේ නිද්‍රාව බිඳීමට නොවේ)

Nandana Weerarathna(ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නන්දන වීරරත්න මහතාගේ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී. 2019 මැයි 19)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...